Author: Anura Premakumara

බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයයට ගුවන් යානාවක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. අයහපත් කාළගුණය හමුවේ යානය බාර්සිලෝස් හි ගුවන් තොටුපොළකට  ගොඩබැස්වීමට උත්සහ කිරීමේදී  අනතුර සිදුව තිබෙනවා.

තව කියවන්​න

විවිධ අක්‍රමිකතා හේතුවෙන් මාසිකව කොන්දොස්තරවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීමට හෝ සේවය තහනම් කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් කොන්දොස්තරවරුන් 381 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බවයි. රියැදුරන් 912 දෙනෙකු ද, අලුතින් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හී හත්වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ආසියානු කුසලාන තරගාවලියේ සහ ඊට පෙර පැවති තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දක්ෂතාවය මත මෙලෙස ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට පැමිණීමටයි සමත්ව ඇත්තේ. එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු ස්ථානයේ ඕස්ටේ‍රලියානු කණ්ඩායමත්, දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායමත්, තෙවන ස්ථානයේ පාකිස්තාන කණ්ඩායමත් පසුවනවා.

තව කියවන්​න

දකුණු පළාතේත් කළුතර දිස්ත්‍රික්කයේත් අද දිනයේ විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ වයඹ පළාත්වලත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

2023 ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබු 11 වන අවස්ථාව මෙයවනවා. එමෙන්ම පසුගිය වසරේ ශූරයන් බවට පත්වු ශ්‍රී ලංකා කණ්ඩායමට එම ශූරතාව රැක ගැනීමට අද යළි අවස්ථාව හිමිවනු ඇති. ඉන්දිය කණ්ඩායම මේ දක්වා ආසියානු කුසලාන 07ක් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව දිනාගෙන ඇති ආසියානු කුසලාන සංඛ්‍යාව 06ක්. ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකයේ නායකත්වයෙනුත් ඉන්දිය කණ්ඩායම රොහිත් ශර්මාගේ නායකත්වයෙනුයි අද තරගයට එක්වනවා. ආබාධයකට ලක්වු දග පන්දුයවන…

තව කියවන්​න

ලී සුළිකුණාටුව අමෙරිකාවට සහ කැනඩාවේ නැගෙනහිරට දැඩි බලපෑම් සිදු කර තිබෙනවා. කුණාටු තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ නිව් ඉංග්ලන්ඩ් සහ කැනඩාවේ ඇට්ලැන්ටික් කැනඩා යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුළිකුණාටුව තත්ත්වය නිසා එම රටවල වෙරළබඩ ප්‍රදේශයේ අඩි 20ක පමණ මුහුදු රළ ඉහළයාමක් ඇති විය හැකි බවයි. අමෙරිකානු සුළිකුණාටු මධ්‍යස්ථානය පවසන්නේ අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බවයි. මේ අතර අමෙරිකාවේ මෙන් ප්‍රාන්තයට මේ වන විට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මෙරටට ලබා දෙන දෙවන මුල්‍ය වාරිකය සදහා නව ගිවිසුමක් අත්සන් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකගතාව පළකර තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැති දෙවන සාකච්ඡා වටයේදීයි මෙම එකගතාවට පැමිණ ඇත්තේ. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණිමෙන් පසු අදාළ ගිවිසුමට අත්සන් තැබෙනු ඇත.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළගාවී තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සදහායි. කියුබාවේ භවානා නුවර පැවැති ජී -77 චීන සමුළුම සාර්ථකව නිමකරමින් ජනාධිපතිවරයා නිව්යෝක් නුවරට ළගා වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වනදා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ව්‍යාපාර කිරීමෙන් රජය සම්පූර්ණයෙන් ඉවත්වීමට ඉදිරියේදී කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා . මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අනාගතයේ දී රජයේ ආර්ථික ප්‍රතිපත්ති මූලිකවම පෞද්ගලික ක්ෂේත්‍රය මත රඳා පවතිනු ඇති බවයි . ඒ අනුව රජය විසින් නියාමනය කිරීම පමණක් සිදු කිරීමට පියවර ගනු ඇති . මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ 33 වන වාර්ෂික මහ සභා රැස්වීමට එක් වෙමින් .

තව කියවන්​න

වත්මන් පාරිහෝගික අධිකාරී පනත පාරිහෝගිකන් ආරක්ෂා කිරීම සඳහා සංශෝධනය කළ යුතු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා . පාරිභෝගික අධිකාරියේ ඇතැම් නිලධාරීන් දූෂිත බවටයි ඔහු චෝදනා කලේ . මෙරට කඩා වැටීමට මුලික හේතුව නීතියේ ආධිපත්‍ය නොලසකා හැරීම බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා . අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ ඊයේ කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් .

තව කියවන්​න