Author: Anura Premakumara

තලවකැලේ- තවලන්තැන්න මාර්ගයේ පුඬළුඔය, පාලුවත්ත ප්‍රදේශයේදී ගසක අත්තක් හිසට කඩා වැටීම හේතුවෙන් පාසල් සිසුවියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සිසුවිය යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන, බඹරකැලේ, අපකැන්ලි වත්තේ පදිංචිව සිටි දාහත් හැවිරිදි පාසල් සිසුවියක්

තව කියවන්​න

මේ දක්වා ඉන්දියාවෙන් ආනයනය කර ඇති බිත්තර සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කලේ ඉන්දියාවේ පිළිගත් රසායනාගාර තුනකදී සිදුකරන පරීක්ෂවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන වාර්තාව ශ්‍රී ලංකාවට ලැබීමෙන් අනතුරුව පමණක් බිත්තර ආනයනය කරන බවයි එමෙන්ම ශ්‍රී ලංකාවේදී ද ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව පමණක් ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර බෙදාහැරීම සිදුකරනු ලබන බවයි ඒ මහතා සඳහන් කලේ.

තව කියවන්​න

රාජ්‍ය ආයතනවලට එල්ල වු සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට පසුගිය අගෝස්තු මස 26 වනදා සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා. මේ හේතුවෙන් අදාළ ආයතනවල විද්්‍යුත් ලිපිනයන්වල තිබු දත්ත සියල්ල අහිමි වී තිබෙනවා. මේ පිළිබදව තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයෙන් සහ ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයෙන් ද වාර්තාවක් කැඳවා තිබෙනවා.

තව කියවන්​න

දැවැන්ත කුමන්ත්‍රනකාරී බලවේගයක් රට තුල ක්‍රියාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ එබැවින් සියලු දෙනා එක්වී එම කුමන්ත්‍රණකාරී බලවේගය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු බවයි.

තව කියවන්​න

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් ජනතාව අතර බෙදීම් ඇති කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මුතුර් ආසන සමුළුවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. රටතුළ ජාතිවාදය ඇතිකරමින් දේශපාලන බලය ලබා ගැනීමට කිසිවෙකුට ඉඩ ලබා නොදිය යුතු බවයි අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ. මේ අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට රට පාලනට කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සුදානම්දැයි සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ප්‍රශ්න කර සිටිනවා. ආණ්ඩුකාරවරයා කියා සිටියේ ඒ පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතු බවයි.

තව කියවන්​න

සරල බදු ප්‍රතිපත්තියක් රටට හදුන්වාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තංගල්ල ආසන බල මණ්ඩලයට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. ගෘහස්ත ආර්ථිකය නංවාලීමේ නව පිළිවෙලක් හදුන්වාදෙන ලෙස ඉදිරි අයවැයට පක්ෂයක් ලෙස යෝජනා කරන බව ද පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.

තව කියවන්​න

දළ දේශීය නිෂ්පාදනය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 03.1කින් පහළ ගොස් තිබෙනවා. ජන ලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ කාර්මික හා සේවා කටයුතු සියයට 11.5කින් පහළ වැටී ඇති බවයි. මෙම කාර්තුව තුළ දී කෘෂිකාර්මික කටයුතු සියයට 03.6ක වර්ධනයක් පෙන්නුම් කරනවා. මුල්‍ය සේවා සියයට 18.08කින් සහ විදුලි සංදේශ සේවා සියයට 04.4කින් පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

2023 ආසියානු කුසලනා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා . ඒ වත්මන් ආසියානු ශුර ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන මෙම අවසන් මහා තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකයේ නායකත්වයෙනුත් ඉන්දිය කණ්ඩායම රොහිත් ශර්මාගේ නායකත්වයෙනුත් අද තරගය සදහා එක්වනවා. අද පැවැත්වෙන අවසන් මහා තරගය පිලිබදව වී නිව්ස් වෙත ප්‍රේක්ෂකයින් ද මෙලෙස අදහස් පල කළා . මේ අතර ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබු 11 වන අවස්ථාව මෙයවනවා. ඉන්දිය කණ්ඩායම මේ දක්වා ආසියානු කුසලාන 07ක් දිනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව දිනාගෙන ඇති…

තව කියවන්​න

පොසිල ඉන්ධන භාවිතය තහනම් කරන්නැයි ඉල්ලා අදත් ලෝකයේ රටවල් කිහිපයක විරෝධතා පැවැත්වෙනවා. ගෝලීය දේශගුණික විපර්යාස සදහා පොසිල ඉන්ධන භාවිතය හේතුවක් බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ. රටවල් 54කදී ඊයේ දිනයේදීද මෙම විරෝධතා පැවැත්වුණා. ඔවුන් පවසන්නේ මිහිතලය උණුසුම්කරන පොසිල ඉන්ධන දහනය කිරීම ඉවත් කළ යුතු බවයි.

තව කියවන්​න

මාතෘ සහ ළමා සායන සදහා කෘතිම බුද්ධිය යොදා ගැනීමට අවධානය යොමුව තිබෙනවා. පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසුවේ ඊට අදාළ මුලික දත්ත රැස් කිරීම කඩිනමින් ආරම්භ කරන බවයි. කැනේඩියානු රජයේ ප්‍රතිපාදන යටතේ ජාත්‍යන්තර පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානය විසින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තව කියවන්​න