- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළදී ඩෙංගු රෝගීන් 63,500 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කරන්නේ පවතින අධික වර්ෂාපතනය හමුවේ දිනකට ඩෙංගු රෝගීන් 100කු පමණ වාර්තා වන බවයි . එමෙන්ම මෙම මස අවසන් සතිය වන විට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.
ජනතාව පක්ෂ පිළිබදව පිල්බෙදිමින් පුද්ගලයින් සමග ගැටුම් ඇතිකර ගත්තද පාර්ලිමේන්තුවේ සමාජීකයින් සියලු දෙනාම මිත්රයින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . ජන රැලියක් අමතමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට ලබදෙන වරප්‍රසාද සියල්ලක්ම ජනතාව වෙනුවෙන් කප්පාදු කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සදහන් කළා.
තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් ආත්මාර්ථයට යොමුවී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා . ඔහු මෙම අදහස් පළකලේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම වයඹ පළාතේ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සදහන්. ඌව සහ නැගෙනහිර පළාත්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.…
පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව පිලිබදව හෙට සහ අනිද්දා යන දෙදින තුළ පැවැත්වීමට නියමිත සභාව කල්තැබීමේ විවාදයේ දී සැගවුණු කරුණු රැසක් හෙළිකිරීමට නියමිත බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් .මරික්කාර් මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ කොළොඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් .
අසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා. ඒ් මෙවර තරගාවලියේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට දවා ගනිමින් කඩුලු 10ක විශ්ෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර එහිදී සියලුම දෙනා ලකුණු 50කට දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූවා. එහිදී ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය සුණුවිසුණු කිරීමට ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සමත් වූයේ පන්දුවාර හතකදී නිලකුණු පන්දුවාරයක් සමගින් ලකුණු 21කට කඩුලු 6ක් දවා ගනිමිනි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් 17ක් ලබාගැනීමට සමත් වූ අතර නොදැවී පන්දුවට පහර දුන් දුෂාන් හේමන්ත ලකුණු 13ක් ලබාගැනීමට සමත්…
මිල්කෝ සමාගම කෝපා හෝ කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මිල්කෝ සමාගම කිසිදු අවස්ථාවක විගණනයට ලක්ව නොමැති බවයි. මිල්කෝ සමාගමේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී මිල්කෝ සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.
යාපනය, චුන්නාගම්, තාවඩි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . අදාළ ප්‍රහාරයෙන් නිවසේ සිටි එකම පවුලේ පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ . ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා . මුහුණු ආවරණයකරගෙන පැමිණි පිරිසක් විසින් නිවසට පහරදී අලාභහානි සිදු කර මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කලේ.
ඉන්දියාවේ ජම්මු – කෂ්මීර්හි ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සහ ත්රස්තවාදීන් අතර ගැටුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. ගැටුම් හේතුවෙන් ත්රස්තවාදීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් ද මිය ගොස් ඇති අතර තවත් පිරිසක් අතුරුදන් ව ඇති බවයි වාර්තාවන්නේ. වන භූමියක මෙම ගැටුම් ක්‍රියාත්මක වන බවත් , ත්රස්තවාදීන් මනා පුහුණුවක් ලද සන්නද්ධ පිරිසක් බවත් ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබෙනවා.
අත් වැරදීමකින් ගිනි අවියක් ක්‍රියාත්තමක වීම හේතුවෙන් දුම්මලසූරිය ප්‍රදේශයේ පුද්ගලයකු මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමග සතුන් දඩයමේ ගොස් ඇති අතර එහිදී ඔහු අත තිබු ගිනි අවිය වැරදීමකින් ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. මෙසේ මියගොස් ඇත්තේ නාරන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222