Author: Anura Premakumara

ලෝක වෙළදපොලේ බොර තෙල් මිල ඩොලර් 95 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් ඩොලර් 95.52 ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ ඔක්තෝම්බර් 31 වනදායින් පසුව වාර්තා වූ ඉහළම අගය බවටයි සදහන් වන්නේ. සෞදි අරාබිය බොර තෙල් නිෂ්පාදන කප්පාදු කිරීම සහ අමෙරිකානු නිෂ්පාදන පහළ යාම ඇතු`ඵ හේතු කිහිපයක් මූලික කරගනිමින් මෙලෙස ලෝක වෙළදපොලේ බොර තෙල් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

තව කියවන්​න

සංවර්ධනය වෙමින් පවතින රටවලට ඔවුන්ගේ ජාතික වශයෙන් වැදගත් ඉලක්කයන් සපුරාලීම සදහා 2030 වන විට ඩොලර් ටි්‍රලියන 5.9 දක්වා මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වන බව ජී 20 සමු`ඵව විසින් යළිත් අවධාරණය කර ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබදව 2023 සමු`ඵවේදී සිය දේශනය ඉදිරිපත් කරමින්. එමෙන්ම 2050 වර්ෂයේදී ශුද්ධ ශූන්‍ය විමෝචනය වෙත ළඟා වීම සදහා පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් භාවිතයට ගැනීම වෙනුවෙන් වසරකට අමෙරිකානු ඩොලර් ටි්‍රලියන 4 ක් අවශ්‍ය වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූ බවටයි ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතන බලධාරීන් ගැඹුරින් සාකච්ඡා කර ඇති අතර අද දිනයේ අදාළ තීරණය ඔහු වෙත දැනුම් දීමටයි නියමිතව ඇත්තේ ඒ අනුව එක්දින කණ්ඩායමේ නව නායකත්වය කුසල් මෙන්ඩිස් හට පවරනු ඇති බවයි වාර්තා වන්නේ . පසුගියදා පැවති ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ලද පරාජයෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුල දසුන්ගේ නායකත්වය පිලිබදව දැඩි කතා බහක් ඇති වුණා . ක්‍රිකට් විචාරකයින් ප්‍රකාශ කලේ ක්‍රීඩකයෙක් වශයෙන් පසුගිය තරග වලදී කණ්ඩායමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීමට නොහැකි වීම අදාළ ඉවත් කිරීමට මූලික හේතුව වී ඇති බවයි. කෙසේ වෙතත් නායකයකු…

තව කියවන්​න

දේශීය සහ විදේශීය ළාබාල තරුණියන්ගේ සහ කුඩා දරුවන්ගේ නිරුවත් වීඩියෝ විශාල මිල ගණන්වලට අලෙවි කළ රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරනු ලබන 19 හැවිරිදි හිමිනමක් පරිගණක අපරාධවිමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබනෙවා. එලෙස අත්අඩංගුවට ගැනුනු හිමි නමගේ පරිගණකයේ සහ ජංගම දුරකථනයේ එවැනි නිරුවන් වීඩියෝ දර්ශන 3000ක් ද තිබී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. අදාළ වීඩියෝ දර්ශනව විදේශීය අවුරුදු 4ත් 5ත් යන වයස්වල දරුවන් ලිංගිකව හැසිරෙන ආකාරය, වැඩිසිහිටියන් සමග දරුවන් ලිංගිකව හැසිරෙන ආකාරය දසුන් ඇති බවත් දේශීය දරුවන්ගේ යුවතියන්ගේ ඇඳුම් උනා දමන දර්ශන සහ යුවතින්න්ගේ ලිංගික දර්ශනද ඇතුළත්…

තව කියවන්​න

කොළඹ වරාය නගරයේ නම ඉදිරියේදී කලම්බු ෆයිනෑන්ෂල් සිටි ලෙස වෙනස් විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා. එමෙන්ම ඩුබායි සහ අබුඩාබිහිදී ලබන 26 වනදා කොළඹ වරාය නගරය නිල වශයෙන් ආයෝජන සඳහා හදුන්වා දෙන බවයි අමාත්‍යවරයා කියා සිරියේ. වරාය නගරය පිළිබඳ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලා.

තව කියවන්​න

හිටපු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ජාතික ශූරිය වන රේණුකා චන්ද්‍රිකා දකුණු කොරියාවේ පැවති ලෝක ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවයේ දී රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට සමතව තිබෙනවා. 45 වැනි වියේ පසු වන චන්ද්‍රිකා තරගාවලියේ යුගල තරගය ජර්මානු ක්‍රීඩිකාවක් වන ක්ලෝඩියා වොල්ගොසාං සමඟ තරග වදිමින් රන් පදක්කමක් දිනා ගැනීමටයි සමත් වුණේ. ඔවුන් අවසන් වටයේ දී චීන ක්‍රීඩිකාවන් වන මැකී ජින් සහ මිකීකෝ ශිමාඩා 21ට 7ක් සහ 21ට 7ක් ලෙද පරාජය කරනු ලැබුවා. සිය වයස් කාණ්ඩයේ කේවල කාන්තා අවසන් මහා තරගය ක්‍රීඩා කළ චන්ද්‍රිකා නෙදර්ලන්ත ක්‍රීඩිකා ජොර්ජි ටර්බාර්ක් හමුවේ 2ට 0ක් ලෙස පරාජය වූවත් එහි රිදී පදක්කම ඇයට හිමි වුනා.

තව කියවන්​න

කොලොම්බියානු රජය සහ වාමාංශික කැරලි කණ්ඩායමක් වන ෆාක් කැරලිකරුවන් සටන් විරාමයකට එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව සියලු සටන් මාස 10ක කාලයකට නවතා දමා සාම සාකච්ඡා පැවැත්වීමට එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව මෙම සටන් විරාමය ලබන ඔක්තෝම්බර් 08වැනිදා සිට ආරම්භ වන බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර සංවර්ධනය සදහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊටේ සිදුව තිබෙනවා. ඇමෙරිකාවේ නිව්යෝක් හි ටාජ් පියරේ හෝටලයේදී මෙම හමුව සිදුව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමන්තා පවර් මහත්මිය අතර සිදු වූ සාකච්ඡාව ඵලදායීව සිදු වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා. මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම රුපියල් 15,978 ක් ලෙසිනුයි එහි දැක්වෙන්නේ. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2023 ජූනි මාසයේ දී රුපියල් 16,089 ක් ලෙසින් සටහන්ව තිබුණා. 2023 ජූලි මාසයේ ඉහත අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම ලෙස දක්වා ඇත්තේ රුපියල් 63,912 ක් ලෙසයි. මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයින්ටයි. එය…

තව කියවන්​න

අලුත්වැඩියාවක් හේතුවෙන් අද දිනයේදී ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව අද පෙරවරු 09 සිට පස්වරු 06 දක්වා පැය 09ක කාලයක් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජාල සැපයුම අත්හිටුවනු ඇති. එහිදී මුරුංගන් නගරය, මන්නාරම නගරය හා ඒ අවට ප්‍රදේශය, පල්ලිමුනෙයි, එලුත්තූර්, තෝට්ටවේලි, එරුකක්කලම්පිඩි, වංකාලෙයි, අඩම්පන්, තිරුකේදීස්වරම්, නාගතාල්වූ සහ සිරුතෝප්පු යන ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

තව කියවන්​න