- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
19 වන ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ හංජෝ නුවරදී අද නිල වශයෙන් ආරම්භ වීමට නියමිතයි. ආසියානු ක්‍රිඩා උළෙල ලබන මස 8 වනදා දක්වා පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් පසුගිය 19 වනදා සිට එහි කාන්තා ක්‍රිකට්, පාපන්දු, බීච් වොලිබෝල් සහ වොලිබෝල් යන තරග ඉසව් ආරම්භ කර තිබුණා. ඊයේ පැවති කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගයකින් තායිලන්ත කාන්තා කණ්ඩායම පරදවා කඩුලු අටක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුණා.
දංඕවිට හැදල ප්‍රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ, කුරුදුවත්ත, දංඹ්විට ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි. පස් කන්දක් කපමින් සිටිය දී අඩි 15ක් පමණ ඉහළ සිට පස් කන්ද කඩා වැටී ඔහු එයට යට වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
බිත්තර සහ කුකුළු මස් අපනයනය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කුරුළු උන රෝගය පැවැතියන රටවල බිත්තර සහ කුකුළු මස් ආපනයනය සීමා වීමත් සහ එහි වාසිය ලබා ගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ගැටඹේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්දඅමරවීර මහතා මේ බව ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙරට මස් සහ බිත්තර නිෂ්පාදනයේ ප්‍රමිතිය පිළිබද කිසිදු ගැටළුවක් නොමැති බවයි. මේ අතර බිත්තර සහ කුකුළු මස් මිල සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ද මාධ්‍ය හමුවේ අදහස් පලකළා. අමාත්‍යවරයා පැවසුවේ බිත්තර මිලියන 92ක් ආනයනය කිරීම සදහා කැබිනට් මණ්ඩාලය අනුමැතිය ලබා දී ඇති බවයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඔහු කියා සිටියේ දේශීය විනිසුරුවන් යටතේ සිදුකෙරන පරීක්ෂණ සදහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින බවයි. කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සදහා හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එක්දින ලෝක කුසලානයේ ශූරයින් සදහා මෙවර අමෙරිකානු ඩොලර් මිලියන 4ක ත්‍යාග මුදලක් හිමිවනු ඇති. එමෙන්ම අනුශූරයින් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 2ක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතයි. එමෙන්ම අවසන් පුර්ව වටයෙන් ඉවත් වන කණ්ඩායමක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදල් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වන කණ්ඩායම් සදහා ඩොලර් ලක්ෂය බැගින් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
කැනඩාව තුලදී ඉන්දීය බෙදුම්වාදී සික් ජාතිකයකු ඝාතනය කරනු ලැබුවේ ඉන්දීය මැදිහත්වීමකින් බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ යළිත් අවධාරණය කරනවා. මෙම සිද්දිය මුල් කරගනිමින් ඉන්දු – කැනඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද දැඩි ලෙස බිඳ වැටී ඇති අතර කැනේඩියානු වීසා නිකුත් කිරීමද ඉන්දියාව මේ වන විට අත්හිටුවා තිබෙනවා. මේ අතර කැනඩාවේ දී තවත් සික් ජාතිකයකු ඝාතනය වී ඇති අතර ඉන්දියාව පවසන්නේ මේ සියළු ඝාතන, කල්ලි අතර ගැටුම්වල ප්‍රතිඵල විය හැකි බවයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරනු ඇති. මේ අතර ඊයේ පස්වරුවේ පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයෙන් කොටසක් සුළඟට ගසාගෙන ගොස් තිබෙනවා. වහලයේ කොටස් දුම්රිය මාර්ගයට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට තවදුරටත් සහය දෙන බව ලෝක බැංකුව පවසනවා. එහි නියෝජිතයින් පිරිසක් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හමුවුණා. එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඊට අදාළව තාක්ෂණික සහය ලබා දීමට පියවර ගන්නා බවයි. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් තරගකාරී ලංසු තැබීමේ සැලසුමක් සකස් කිරීම ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබද මෙහිදී සාකච්ඡා කළ බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළේ.
රටතුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇතිකර දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තිය සමිති සබදතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා. යළි ගොඩනැගෙනමින් පවතින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව විසින් කොළඹ දී සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කළා. ආර්ථික දුෂ්කරතා හමුවේ වුවද රාජ්‍ය සේවකයින්ට ලබාදිය හැකි සහන ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාරයට උපදෙස් ලබා දී ඇති බවයි ඔහු සදහන් කළේ. එමෙන්ම වැටුප් සහ දීමනා වැඩිවීමක් පිළිබද අපේක්ෂාවක් පවතින බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ඛණිජ සම්පත් ඵලදායිව භාවිතයට ගැනීම පිළිබද අවධානය යොමුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඛණිජ සම්පත් භාවිතයෙන් අගය එකතු කළ නිෂ්පාදන නිපදවීම තුළ ඒවාට ඉහළ වටිනාකමක් ලබා දිය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. රටේ භූමිය ආරක්ෂා කරගනිමින් ඉදිරි කටයුතු සිදුකිරීමට රජයේ අපේක්ෂාව බව ද අරුන්දික ප්‍රනාන්දු මහතා සදහන් කළා. එමෙන්ම පරිසරය සහ සාගරය ආරක්ෂා කිරීම සදහා නව පනතක් ගෙන එන බවයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222