- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
නේපාලයේ පාසල් ගුරුවරුන් විසින් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හේතුවෙන් එරට පාසල් ළමුන් දහස් ගණනක් පීඩාවට පත් ව ඇති බව වාර්තා වනවා. අඛණ්ඩව තෙවැනි දිනටත් පැවැත්වෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රජයේ පාසල් වසා දැමීමට සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍යය පවසන්නේ. නේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමින් මෙම ගුරු වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා. වර්ජනය සදහා ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසක් එක් ව ඇති බව සදහන් . ඊට සමගාමී ව ඔවුන් විසින් ඊයේ නේපාල පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වෙත විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්සන් තැබීමට නියමිතයි . මෙම ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ රජය අතර සාකච්ඡා මේ දිනවල කොළඹදී පැවැත්වීමට නියමිතයි . ජනාධිපති නියෝජිත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මෙම සාකච්ඡා වලට සහභාගී වනු ඇති
දිවයිනෙ ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරනු ඇති. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා මේ සමබන්ධයෙන් අදහස් පල කළා.
නිපා වෛරසය පැතිර යන බවට වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආසාදන හඳුනාගැනීම සඳහා පරීක්ෂණ කට්ටල ආනයනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඇණවුම් කරන ලද පරීක්ෂණ කට්ටල ඉදිරි දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතයි. මේ අතර මෙම වෛරස් ආසාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි අමාත්‍යාංශය සඳහන් කළේ. විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල මහතා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සබාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා. මේ අතර කේරළයේ නීපා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මහා පරිමාණ පරීක්ෂණ ආරම්භ කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා. දකුණු ඉන්දීය ප්‍රාන්තය මේ වන විට වෛරස් ආසාදනවලින් මරණ දෙකක් වාර්තා…
ඇමෙරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ කාන්තාවක් ගුගල් සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා. ඒ ගුගල් සිතියමේ උපදෙස් අනුව කඩා වැටුණු පාලමක් මතින් රිය පැදවීමේදී තම ස්වාමීපුරුෂයා එම පාලම කඩා වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට චෝදනා කරමින්. අදාළ පාලම වසර 09කට පෙර කඩා වැටුණු පාලමක් බවයි අනාවරණ වී ඇත්තේ. ඒ පිළිබද ගුගල් සමාගමට බොහෝ දෙනෙකු දැනුම් දී තිබියදීත් ගුගල් සමාගමේ මාර්ග සිතියමේ නොසැලකිලිමත් උපදෙස් පිළිබද අවධාරණය කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.
සෝයා බෝංචි සහ බඩ ඉරිගු මෙටි්‍රක් ටොන් 4700ක් ත්‍රිපෝෂ සමාගම වෙත භාර දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේයි මෙම සෝයා බෝංචි සහ බඩ ඉරිගු තොගය ලබා දී ඇත්තේ. ත්‍රිපෝෂ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිත ආයතනය මගින් මෙම ප්‍රදානය සිදුකර තිබෙනවා. ඊට අදාළ නිල උත්සවට ත්‍රිපෝෂ සමාගමේදී පැවැති අතර ඒ සදහා එක්සත් ජනපද නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ ඇස්ටා සින්බෝ මහත්මිය ද එක්ව සිටියා.
යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි රුසියානු ආක්‍රමණයෙන් පසු පළමු වරට කැනඩාවේ සංචාරයක නිරතවනවා. එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා පාර්ලිමේන්තුව ද ආමන්ත්‍රණය කර තිබෙනවා. ව්ලොඩිමීර් සෙලෙන්ස්කි කැනඩා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ යුක්‍රේන යුද ජයග්‍රහණ වෙනුවෙන් සිය රට සමග රැදී සිටින ලෙසයි. කැනඩාවෙන් මේ වනවිටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක පමණ මූල්‍ය ආධාර සහ යුද උපකරණ යුක්‍රේනයට ලබා දී තිබෙනවා
පාසල් ආපන ශාලා නියාමනය දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ පාසල් ආපන ශාලා තුළ නොතිබිය යුතු ආහාර සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවට ලක් කරන බවයි. දිවයිනම ආවරණය පරිදි සියලු පාසල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කළා.
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට එක්වන පාකිස්ථාන සංචිතය නම් කර තිබෙනවා. බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුතු එම සංචිතයට ක්‍රිඩකයින් 15 දෙනෙකු ඇතුලත් ආබාධයක් හේතුවෙන් නෂීම් ෂා මෙවර සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
කොළඹ – මහනුවර මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බැලුම්මහර ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. මෙම අනතුරින් බස්රථයෙහි සිටි 13 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222