- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
මැතිවරණ කල් දමමින් ජාතික ජනබලවේගයේ නැගිටීම අඩපණ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළද ලබන වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්්‍යයෙන් ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතු බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ඌව පරණගම ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ. ඒ අනුව ලබන වසරේ ඔක්තෝම්බර් මස 17 වන දාට පෙර ජනාධිපති මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ අනුව ලබන වසරේ අගෝස්තු මාසය වන විට ජනාධිපති මැතිවරණය කැඳවිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ලෙසයි එම සාකච්ඡාව පැවැත්වෙන්නේ. මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරින් සහභාගි වීමට නියමිතයි. මේ අතර සමගි ජනබලවේගය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. එහිදි බදු ඉහළ දැමීම, වෛද්‍යවරුන් රට හැරයාම ඇතු`ඵ වර්තමානයේ රට හමුවේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර මෙරට ණය ගෙවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස්…
බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන බවයි. ඒ අනුව, 2023 සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් මෙලෙස කැඳවනු ඇති. අයදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් මස 09 වනදා අවසාන වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා .
නිපා වයිරසය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ නිපා වයිරසය යම් හෙයකින් මෙරටට ඇතුළු වුවහොත් ඒ සඳහා මුහුණදීමට තම සංගමය සූදානමින් සිටින බවයි. කොළොඹ පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .
ඉදිරියේදී පාන් ගෙඩියක මිල විශාල වශයෙන් පහත දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා . එම සංගමයේ සභාපති එන් .කේ ජයවර්ධන මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ අනුව පාන් ගෙඩියක් ඉදිරියේදී රුපියල් 100 ක් දක්වා පහත හෙළීමට බලාපොරොත්තු වන බවයි ඔහු සදහන් කලේ .
දිවනෛ් ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ. ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරනු ඇති. මේ කාලගුණ තත්ත්වය පිළිබද අදහස් පලකළ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.
ආසියානු ක්‍රිඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද පැවැත්වෙනවා. පළමු අවසන් පුර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දිය කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන අවසන් පුර්ව වටයේ තරගය පැවැත්වෙනු ඇති. අර්ධ අවසන් පුර්ව වටයේදී තායිලන්ත කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පුර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.
නාසා ආයතතනයේ ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශය යානය , බෙන්නු ග්‍රාහකයෙන් ලබාගත් පාංශු සාම්පල සමඟ අද, පෘතුවියට ගොඩබැසීමට නියමිතව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇමරිකාවේ උටා කාන්තාරය වෙත එය ගොඩබැස්සවීමට නියමිත බවයි. එය වෙඩි උණ්ඩයක වේගය මෙන් 15 ගුණයකටත් වැඩි වේගයකින් පෘථිවි වායුගෝලය වෙත පැමිණෙනු ඇති බවටයි විද්‍යාඥයන් පවසන්නේ. අනතුරුව පැරිෂුට් මගින් මෙම කැප්සියුලය ආරක්ෂිතව ගොඩබස්සවා ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි . මෙම අභ්‍යවකාශ යානය 2016 වසරේදී අදාළ ග්‍රාහකය වෙත යවනු ලැබුවා. මෙම යානය අද දිනයේදී සාර්ථකව පෘථිවියට ළගාවුවහොත් ග්‍රාහකයකින් පස් සාම්පල රැගෙන පැමිණි ප්‍රථම ඇමරිකානු අභ්‍යවකාශ යානය බවට එය පත්වනු ඇති.
මැලෙසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. එරට වෙසෙල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි සැකපලකෙරෙන්නේ. ක්වාලාලම්පුර් පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා. සෙන්තුල් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික යුවලක් පදිංචිව සිටි කුලි පදනම මත ලබාදෙන ඇති නිවසකදීයි මෙම ඝාතනය සිදුව ඇත්තේ.
ගාල්ල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් ඇත්තේ රෙදිපිළි අලෙවි ආයතනය හිමිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ. මියගිය ව්‍යාපාරිකයා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතාගේ ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222