Author: Anura Premakumara

මියගිය වන අලි සිරුරු දෙකක් හමුව තිබෙනවා. කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබී මෙම වන අලි සිරුරු දෙක හමුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම වන අලින් දෙදෙනාද වෙඩි තබා ඝාතනය කර ඇති බවයි කහටගස්දිගිලිය පොලිසිය පවසන්නේ. මියගොස් ඇති වන අලි දෙදනාගෙන් එක් අලියෙක් වයස අවුරුදු අටක්ද අනෙක් අලියා අවුරුදු හතරක්ද වන බවයි වාර්තා වන්නේ. අවුරුදු 8ක් වයසැති අලියා ගැහැනු සතෙක් බවද වාර්තාවනවා. ගැහැනු සතා දින පහළොවකට පෙරත් පිරිමි සතා මාස එක හමාරකටත් පෙරදී මියගොස් ඇති බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ. වන අලි සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලවැව වනජීවි පශූ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කර තිබෙනවා.

තව කියවන්​න

දිවයිනේ ප්‍රසිද්ධ මත්පැන් සමාගමක් විසින් වෙළෙඳ පොළට නිකුත්කරනු ලබන මත්පැන් බෝතල්වලට ජලය කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලදාරීන් සමත්ව තිබෙනවා. ඒ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලද පැමිණිල්ලකට අනුව පොතුවිල් ප්‍රදේශයේ මත්පැන් හලක් වටලා සිදු කරන ලද පරීක්ෂාවකදීයි. ජාවාරම්කරුවන් අදාළ මත්පැන් බෝතල්වල මූඩිය සූක්‍ෂ්ම ලෙස ගලවා ඊට ජලය කලවම් කර යළි මූඩිය තිබූ පරිදිම සවිකර විකුණා ඇති බවයි අනාවරණ වන්නේ. වැටලීම සිදු කරන ලද නිලධාරීන් විසින් එවැනි ජලය කලවම් කරන ලද බෝතල් 33ක් පමණ සොයාගැනුණු බවයි වාර්තා වන්නේ. වැටලීමට ලක්වූ මත්පැන් හලට මේ වන විට මුද්‍රා තබා තිබෙනවා.

තව කියවන්​න

සජිත් ප්‍රේමදාස මහතා බොරු නොකියන නිසා හැමදාම මැතිවරණවලින් පරදින බව දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසනවා. දිගම්බරම් මහතා මේ බව කියා සිටියේ අද(10) කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමයේ තරුණ සම්මේලනයට අලුතින් තේරී පත්වූ නායකයින්ට සිය පත්වීමේ ලිපි ලබාදීමේ උත්සවය හැටන් අජන්තා හෝටලයේදී පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දමිළ ප්‍රගතිශීලි සන්ධානායේ නියෝාජ්‍ය නායකවරයා මෙලෙස කියා සිටියා. “විපක්ෂය ශක්තිමත් වෙමින් පවතින්නේ. රජය ගෙනියන වැඩපිළිවෙළ පිළිබඳ දැඩි විමසිල්ලෙන් අපි ඉන්නවා. අපි අවුරුද්දක් අවුරුදු එක හමාරක් ආණ්ඩුව කරන්න දීලා පස්සේ අපි තීරණයක් ගන්නවා. අපි දැන්ම ආණ්ඩුවේ කකුලෙන් අදින්න උත්සාහ කරන්නේ…

තව කියවන්​න

බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් 8 හැවිරිදි දරුවෙකු පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දරුවාගේ මව, පියා සහ මවගේ අනියම් පෙම්වතා එළැඹෙන 18වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔවුන් අද (10) පෙරවරුවේ බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් දේශබන්දු සුරියබටබැදි මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබුණා. නොසැලකිලිමත් ලෙස කටයුතු කර දරුවාට ආරක්ෂාව සහ රැකවරණය ලබා නොදීමේ චෝදනාව මත මෙලෙස මව සහ පියා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා. එමෙන්ම අනියම් සැමියාටද වරෙන්තු කිහිපයක් ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මේ අතර මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිරුර බලන්ගොඩ මූලික රෝහලේ දී සිදුකිරිමෙන් අනතුරුව, අවසන් කටයුතු…

තව කියවන්​න

වීරගුල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයක් සියදිවි හානි කරගෙන තිබෙනවා. සිය රාජකාරී ගිනි අවිය උපයෝගී කර ගනිමින් ඔහු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. 56 හැවිරිදි පොලිස් නිලධාරිවරයා ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ. එසේම විවාහක අයෙක් බවටද තොරතුරු වාර්තා වනවා. වෙඩි තබා ගෙන සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර මහතා පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 1965 වසරේ ඇත්ත පුවත්පත හරහා පුවත්පත් කලාවේදියෙකු ලෙස පුවත්පත් කලාවට අවතීර්ණ වූ දයා ලංකාපුර මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. සිළුමිණ, දිවයින, දිනමිණ, රිවිර සහ ලක්බිම ඇතුලු පුවත්පත් රැසක සේවය කර ඇති ඔහු, අධිකරණ වාර්තාකරණය පිළිබඳ හසල අත්දැකීම් ඇති පුවත්පත් කලාවේදියෙක් වනවා. ඔහු දිගුකාලීන පාර්ලිමේන්තු වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

තව කියවන්​න

කළුතර සහ අවට ප්‍රදේශ රැසකට ඊසී කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකුගේ ගෝලයෙක් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්ෂ 15ත් පමණ වටිනා හෙරොයින් ද සොයාගෙන තිබෙනවා. සැකකරු කළුතර, මතුගම, පානදුර, පයාගල, බේරුවල සහ මතුගම ආදී ප්‍රදේශ රැසකටම ඊසී කෑෂ් ක්‍රමය යොදා ගනිමින් හෙරොයින් බෙදාහැරීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. කළුතර පලාතොට ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සමග ත්‍රීරෝද රථයක් ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට…

තව කියවන්​න

අත්අඩංගුවේ පසුවන තිළිණ සම්පත් නොහොත් වලස් කටා පොලිස් භාරයෙන් පැන යාමට උත්සාහ කිරීම හේතුවෙන් දෑත්වලට සහ දෙපාවලට හානි සිදුව ඇති බව වාර්තා වනවා. වලස් කටා මේ වන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන්නේ දින 90ක රැඳවුම් නියෝගය මතයි. සැකකරුට වැසිකිළි යාමට අවශ්‍ය බව ඊයේ රාත්‍රී 9.15ට පමණ පවසා තිබෙනවා. එහිදී අත්මාංචු ගලවා නිලධාරීන් සිව් දෙනෙක් සමගින් සැකකරු වැසිකිළිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එලෙස වැසිකිළියට යන අතරතුරදී පොලිස් නිලධාරීන්ට පහරදී වලස් කටා තෙවන මහලින් බිමට පැන ඇති බවයි වාර්තා වන්නේ. එලෙස පැනීම හේතුවෙන් සැකකරුගේ දෙමා කැඩි ඇති බවත් එක් අතක වැළමිට ප්‍රදේශයෙන් බිඳී ගොස්…

තව කියවන්​න

මස්කෙළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශය 2026 වසර වන විට සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මස්කෙළිය ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශයේ සංචාරයකට ඊයේ(09) එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සංචාරකයින්ගේ ආකර්ෂණයක් සහිත මෙවැනි ප්‍රදේශ සංවර්ධනය කිරීමෙන් එම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික තත්ත්වයද වැඩි දියුණු කළ හැකි බවයි. එසේම සියලුම ආයතන සම්බන්ධ කරගනිමින් ප්‍රදේශය විශේෂ සංචාරක ආකර්ශණීය ප්‍රදේශයක් ලෙස අනාගතයේදී සංවර්ධනය කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ගාඩ්මෝර් දිය ඇල්ල ආශ්‍රීත ප්‍රදේශය සංවර්ධනය කිරීමට මීට පෙරද යෝජනා ඉදිරිපත් වී ඇතත් ඒවා ක්‍රියාත්මක…

තව කියවන්​න

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1946 පෙබරවාරි මස 4 වනදා උපන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වූවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් රෝහලේ මාසයකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අද (10) අලුයම ජීවිතක්ෂයට පත්වූ බවයි පවුලේ ඥාතීන් කියා සිටියේ. දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ මහතා චිත්‍රපට අධ්‍යක්ෂණයට අමතරව චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම තිර රචකයෙකුද වනවා. එසේම චිත්‍රපට කිහිපයකට රංගනයෙන්ද දායකත්වය සපයා ඇති රංගන ශිල්පියෙක්ද වනවා. 2011 වර්ෂයේදී තිරගත වූ ලාල් වීරසිංහ, අනුෂා දමයන්ති සහ ඩිලානි මධුරසිංහ රංගනයෙන් දායක වූ මුතු සළඹ චිත්‍රපයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කරන…

තව කියවන්​න