Author: Anura Premakumara

ලංකා විදුලි පුද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද එකතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට එය බලපැවැත්වෙන අතර ලබන මාසයේ පාරිභෝගිකයා වෙත ලැබෙන විදුලි බිලෙහි නව බද්ද ඇතුළත් කර තිබෙන බවයි විදුලිබල අමාත්‍යංශය සදහන් කළේ. විදුලිබල මණ්ඩලය මගින් නිකුත් කළ බිල්පත් සඳහා මීට පෙර සිට එම බදු අය කළ අතර 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතේ දෝෂ තත්ත්වයක් හේතුවෙන් ලෙකෝ බිල්පත් සඳහා එය ඇතුළත් කර තිබුනේ නැහැ. ලෙකෝ හෙවත් ලංකා විදුලි පුද්ගලික සමාගම සතුව ලක්ෂ 12ක පමණ පාරිභෝගිකයින් පිරිසක් සිටිනවා.

තව කියවන්​න

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග ගංගාවල ජල…

තව කියවන්​න

නීතියේ ආධිපත්‍යයේ බිදවැටීම රටේ ආර්ථිය අර්බුදයට හේතුවක් වු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. නීති සතිය පිළිබද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නීති සතියේ සේවාව තවත් පුළුල් කිරීමට සියලු පාර්ශව එක්විය යුතු බවයි විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළේ. එහි නායකත්වය ගෙන කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හැකියාව පවතින බවත් ඊට පුර්ණ සහයෝගය ලබා දීමට රජය කැපවී සිටින බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සදහන් කළා.

තව කියවන්​න

ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් එදින දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නැරඹීමට නොමිලේ ඇතුළත්වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ, වසය අවුරුදු 12න් පහළ දරුවන් සඳහායි . එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා .

තව කියවන්​න

ඉදිරි වසර 04ක කාලය සඳහා නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද පැවැත්වීමට නියමිතන තිබෙනවා. කොළඹ පදනම් ආයතනයේදී අද පස්වරු 03ට මෙම නිලවරණය ආරම්භ වීමට නියමිතයි. මෙවර පාපන්දු නිලවරණය සඳහා පාපන්දු ලීග 67ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසක්ම් ලබා තිබෙනවා.

තව කියවන්​න

අමෙරිකාවේ ඉදිකළ විශාලතම හින්දු කෝවිල ලබන මාසයේදී මහජනතාවට විවෘත කිරීමට නියමිතව තිබෙනවා. අක්කර 183 ක ප්‍රදේශයක මෙම කෝවිල ඉදිකර ඇති අතර ඒ සදහා වසර 12 ක කාලයක් ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම කෝවිල ඉදිකිරීම සදහා අමෙරිකාව පුරා ස්වේච්ඡා සේවකයින් 12,500 කට වැඩි පිරිසක් සම්බන්ධ වී තිබෙනවා. මෙය අක්කර 500 ක් පුරා පැතිර ඇති යුනේස්කෝ ලෝක උරුම අඩවියක් වන කාම්භෝජයේ ඇන්කෝර් වොට් විහාරස්ථානයට පසු විශාලතම විහාරස්ථානයන්ගෙන් එකක් විය හැකි බවට මේ වන විට මත පළ කර තිබෙනවා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, ඌව සහ නැගෙනහිර යන පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.

තව කියවන්​න

කළුබෝවිල රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලැබූ නිවුන් දරුවන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. විශේෂ නිලධාරියෙකු රෝහල වෙත යොමු කර මෙම පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කළේ.

තව කියවන්​න

පදවිය මහසෙන්පුර දී යතුරුපැදියකින් නිවසට පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතු`ඵ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 16 වන දා රාත්‍රීයේ මෙම ඝාතනය සිදුව තිබූ අතර එහිදි 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වු බවයි පොලිසිය සදහන් කළේ. මෙහිදි සිදුකළ පරීක්ෂණවලදී පළමුවෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට අධාර අනුබල දුන් කාන්තාව සහ අනෙක් පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

කර්මාන්තකරණය සමග මෙරට කම්කරු යුගය ආරම්භ වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. එම අවස්ථාවේදි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න