Author: Anura Premakumara

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 164ක පුද්ගලයින් 644 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ දක්වා අර්ධ නිවාස හානි 36ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුකුලේගග ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම ප්‍රදේශයට මිලිමීටර 120ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

තව කියවන්​න

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ ඔක්තෝබර් 18 වනදා දක්වා ඊට අදාළ මහජන අදහස් හා යෝජනා කැදවීමට තීරණය කර ඇති බවයි. විදුලි ගාස්තු යළිත් ඉහළ දැමීම සදහා අනුමැතිය ලබා දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් ද කර තිබුණා. අදාළ ඉල්ලිම පිළිබද සලකා බැලීමට නියමිත බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ. මේ අතර විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා ද ඊයේ මාධ්‍යට අදහස් පලකළා.

තව කියවන්​න

තරුණ නායකත්වයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාර දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කැළණිය රජමහා විහාරය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා. ඊට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් ඉතා සුවයෙන් පසුවන බවයි.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් මහතා  අතර හමුවක් බර්ලින් නුවරදී සිදුව තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පලකළ බවයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉයේ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මහතා ද හමුවී තිබුණා. ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය අතරතුරදියි මෙම හමුව සිදුව ඇත්තේ. ජර්මානු චාන්සලර්වරයා විසින් මෙහෙයවන ලද නායකයින්ගේ සංවාද සැසියකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබෙනවා. බහු ධ්‍රැව ලෝකයක සහයෝගිතාව වැඩි දියුණු කිරීම මැයෙන් මෙම සංචාද සැසිය පැවැත්වුණා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසක්ස්තාන ජනාධිපති අතර හමුවක් ද ඊයේ සිදුව…

තව කියවන්​න

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති පෙරහුරු තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා. ඉන්දියාවේ ගුවහාටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාව 49යි එක් පන්දුවක දී සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 68ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 55ක් ලබා ගත්තා පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේ නියමිත ඉලක්කය පසු කර ගියේ, කඩුලු 03ක් පමණක් දැවී තිබියදීයි.…

තව කියවන්​න

දත් වර්ධනයට උපකාරී වන නව ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා ජපානයේ විද්‍යාඥයින් මේ වන විට කටයුතු කරමින් සිටිනවා. දිරාපත් වීම හෝ ජානමය ගැටලු හේතුවෙන් අහිමි වු දත් වෙනුවට නව දත් වර්ධනය කිරීමට එම ඖෂධයට හැකියාව ඇති බවයි පරීක්ෂකයින් කණ්ඩායම සඳහන් කරන්නේ. ඖෂධය නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ වන විට විශාල සාර්ථකත්වයක් හිමිකර ගෙන ඇති බව ද අදාළ විද්‍යාඥයින් පවසනවා. ඒ සම්බන්ධයෙන් සතුන් යොදා ගනිමින් රසායනාගාර පරීක්ෂණ සිදුකර ඇති බව ද සඳහන්. ලබන වසරේ දී එම ඖෂධය මිනිස් භාවිතය සඳහා යොදා ගත හැකි බවට විද්‍යාඥයින් කණ්ඩායම මත පළ කරනවා.

තව කියවන්​න

කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමන් කනගාටුව පළ කරන බව වරාය සහ සිවිල් ගුවන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ගුවන් යානා ප්‍රමාද වීම සහම්බන්ධයෙන් කරුණු විමසීම සදහා ගුවන් සේවා අධිකාරීයේ පරිපාලන නිලධාරීන් සහ සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවක් එළඹෙන සඳුදා පවත්වන බවයි. මෙහිදී සංචාරකයන්ට මෙන්ම සියලු මගීන්ට වූ අපහසුතා පිලිබඳ සමාව අයදින බව ශ්‍රී ලංකා ගුවන් සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් යානා කාර්මික දෝෂයන්ට ලක් වීම සහ ප්‍රමාදයන්ට ලක් වීම දිගින් දිගටම වාර්තා වුණා. ඒ සඳහා ප්‍රධාන හේතුව…

තව කියවන්​න

ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්තාවට අනුව 2022 වර්ශයේ බන්ධනාගාරගත වු රැඳවියන්ගෙන් 2340 දෙනෙකු උපාධිධාරින් බව හෙළි වී තිබෙනවා. අදාළ වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය වසර 3 තුළ වැඩිම උපාධිධාරින් සංඛ්‍යාවක් බන්ධනාගාරගත වී ඇත්තේ 2022 වර්ෂයේ බවයි. මෙසේ බන්ධනාගාරගත වී ඇති උපාධිධාරින් අතුරින් 41 දෙනෙකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයින් සංඛ්‍යාව 2,299ක් සිටින බවයි වාර්තා වන්නේ. 2022 වසරේ බන්ධනාගාර ගත වී ඇති පිරිසෙන් අ.පො.ස උසස්පෙළ සමත් වු රැදවියන් සංඛ්‍යාව 8420ක් වන අතර අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් රැදවියන් සංඛ්‍යාව 7168ක් වන බව ද සඳහන්.

තව කියවන්​න

2024 වසර සදහා වන රජයේ ඇස්තමේන්තුගත වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ලබන වසරේ රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 3860ක් වනවා. එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 203ක පමණ වැඩිවීමක්. මෙවර වැඩිම ඇස්තමේන්තුගත වියදම දක්වා ඇත්තේ රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටයි. එය රුපියල් බිලියන 885ක් ලෙස සදහන්.

තව කියවන්​න

දිස්ත්‍රික් කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාපතනය හමුවේ ගාල්ල කළුතර මහනුවර මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා දෙවන මට්ටමේ නායාමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි. එමෙන්ම ඊයේ ඇද හැළුනු අධික වර්ෂාපතනය හමුවේ ප්‍රධාන ගංගා කිහිපයක ම ජල මට්ටම් ඉහළගොස් තිබෙනවා. එමෙන්ම ගංගා පහත්බිම් අවට ප්‍රදේශ කිහිපය සුළු ගංවතුර තත්ත්වයක් ද හටගෙන තිබුණා. මේ ඒ පිළිබද අදහස් දක්වු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා

තව කියවන්​න