Author: Anura Premakumara

ජාත්‍යන්තර මුලය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබිමට නියමිත දෙවන වාරිකය තවදුරටත් ප්‍රමාද වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා. මෙරට පවතින ආර්ථික කාර්ය සාධනය පිළිබද සෑහීමකට පත් වීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි ඔහු සදහන් කලේ. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මේ බව අවධාරණය කළා . මේ ඒ සමබන්ධයෙන් තවදුරටත් අදහස් පල කල මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.

තව කියවන්​න

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එම යුතුකම නිසි ලෙස ඉටු කරන ලෙසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා .

තව කියවන්​න

අවසරයකින් තොරව අවාරයේ සිරිපා වන්දනාවේ නිරතවීම තහනම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා. අද මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. මේ දිනවල ශ්‍රී පාදස්ථාන මළුව ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලෙන බැවින් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම අවධානම් බවයි නන්දන ගලබඩ මහතා පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමේදී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබද නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කළ යුතු බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

දිස්ත්‍රික් කිහිපයක් සදහා නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාපතනය හමුවේ ගාල්ල කළුතර මහනුවර මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා දෙවන මට්ටමේ නායාමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා මේ සමබන්ධයෙන් අදහස් පල කළා . මෙි අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 164ක පුද්ගලයින් 644 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ දක්වා අර්ධ නිවාස හානි 36ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුකුලේගග ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම ප්‍රදේශයට මිලිමීටර 120ක පමණ වර්ෂාපතනයක් ලැබී…

තව කියවන්​න

තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මකයි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතියමය පියවර ගන්නා බවයි. හෙට සිට ඊට අදාළ වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කලේ.

තව කියවන්​න

පොහොර මිල ඉදිරියේදී සීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධානයක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ පුද්ගලික අංශයට පොහොර ගෙන ඒමට රජය අවසර ලබා දීම මගින් මෙලෙස පොහොර මිල වැඩිවනු ඇති බවයි. එමෙන්ම ජලය ලබා නොදීම හේතුවෙන් විනාශ වු ගොවිතැන් සදහා වන්දි ලබා දීම ආණ්ඩුව මගහරිමින් සිටින බව නාමල් කරුණාරත්න මහතා සදහන් කළා. ඔහු කියා සිටියේ ගොවීන්ට වන්දි ලබා දීමට රජය කඩිනමින් පියවර ගතයුතු බවයි.

තව කියවන්​න

මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩි තබා තිබෙනවා අද අලුයම 03.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සදහන් . වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වනජීවී නිලධාරින් විසින් වෙඩි තබා තිබෙනවා . වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන බව ද වාර්තා වනවා. මේ අතර සිතා ඇතින්නට වනජීවී නිලධාරීන් විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.සී. සූරියබණ්ඩාරගේ අත්සනින් යුතුවයි අදාළ නිවේදනයක් නිකුත්කර ඇත්තේ. එම නිවේදනය දැක්වෙනේ වනජීවී නිලධාරීන් විසින් වන අලි පලවාහැරීමේ අරමුණින් රබර් උණ්ඩ යොදාගෙන සිදුකළ වෙඩි තැබීමක දී…

තව කියවන්​න

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් පුහුණු තරග දෙකක් අද පැවැත්වෙනවා. සත්කාරක ඉන්දිය කණ්ඩායම සහ එංගලන්තය අතර ගුවාහට්හිදී එක් තරගයක් පැවැත්වෙනු ඇති. අනෙක් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි. මෙම පුහුණු තරග දෙකම පස්වරු 02කට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

මතුගම ප්‍රදේශයේදි සුරාබදු නිලධාරියෙකුට පහරදී මුදල් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා උපායදුතයෙකු ලෙස යෙදවු සුරාබදු නිලධාරියෙකුයි පහරකෑමට ලක්ව ඇත්තේ. සැකකරුවන් විසින් අදාළ නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදී රුපියල් දෙලක්ෂ 45000ක මුදලක් කොල්ලකා තිබෙනවා. සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවැති පුහුණු තරගය කඩුළු 5කින් ජය ගන්නට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. හයිද්‍රබාද්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 345ක් රැස් කළා. මොහොමඩ් රිස්වාන් ලකුණු 103ක් සහ  බාබර් අසාම් ලකුණු 80ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නවසීලන්තය පන්දුවාර 43යි පන්දු 4ක් තුළ කඩුළු 05ක් දැවී ලකුණු 346ක් ලබා තරගය ජයග්‍රහණය කළා. රචින් රවින්ද්‍ර ලකුණු 97ක් සහ මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 65යි.

තව කියවන්​න