- ග්‍රහලෝක 5 ක් පියවි ඇසින් දැකබලා ගැනීමේ අවස්ථාවක්
- සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
- හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
- තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
- ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදයි
- නේපාලයට ප්‍රබල භූ කම්පනයක්
- ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ
- වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Author: Anura Premakumara
කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක වනවා . මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතියමය පියවර ගන්නා බවයි. එයට අදාළ වැටලීම් අද සිට සිදු කිරීම සදහා පියවර ගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කලේ. මේ ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් පල කල මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා
රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික චාරිකාවට එක් වු එම සංගමයේ දෘශ්‍ය ආබාධිත පිරිසට හැටන් පොලිසිය විසින් හැටන් පොලිස් ස්ථානයේදි තේ පැන් සංග්‍රහයක් ලබාදුන්නා. එම විදුහලේ ආදි සිසුන් 60 දෙනෙකු නුවරඑලිය ප්‍රදේශයේ චාරිකාවක් සදහා පැමිණ ආපසු රත්මලාන ගමන් කරන අවස්තාවේ හැටන් පොලිසියේ නිලධාරින් විසින් එම පිරිස හැටන් පොලිසිය වෙත කැදවා තේ පැන් සංග්‍රහයක් පිරිනැමුවා. මෙම අවස්තාවට හැටන් පොලිසියේ උසස් නිලධාරින් රැසක් සහභාගි වුණා.
පලස්තීන ජාතික ධජය , එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 සැප්තැම්බර් මස 30 දින නිල වශයෙන් පිළිගැනීම සැමරීම වෙනුවෙන් විශේෂිත උත්සවයක් මීගමුව ඒත්තුකාළ ජෙට්වින් බ්ලූ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ සෞදි අරාබිය , ඕමානය , ඊජිප්තුව , කියුබාව , වියට්නාමය , ඉන්දුනීසියාව , මැලේසියාව , බංග්ලාදේශය සහ පලස්තීනය යන රටවල තානාපති නිලධාරීන් පැමිණ සහභාගී වී සිටියා . මෙම උත්සවය ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුව , පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කර තිබූ අතර මේ සදහා සමාජ ක්‍රියාධරයන් ඇතුළු විශාල පිරිසක් ද පැමිණ සිටියා . මෙම උත්සවයට සහභාගීව එම හෝටල් වෙරළ තීරයේ සරුංගල් යැවීමේ උත්සවයක් ද සංවිධානය කර…
හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්‍රදේශයේ දිය නාමින් සිටි පාසල් සිසුවකු දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ අදාල සිසුවා සිය මිතුරෙකු සමග දිය නාමින් සිටියදී දියවැලකට හසු ව ගසාගෙන ගොස් ඇති බවයි. එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් එක් සිසුවකු බේරාගෙන තිබෙනවා. අතුරුදන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ
යල කන්නයේ වී මිල දී ගැනීම අද සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කලේ වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුවද එකඳු ගබඩාවකට හෝ වී නොලැබෙන බවයි. ඒ අනුව එම ගබඩාද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
කිලිනොච්චිය, සෙල්වනගර් ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, අවුරුද්දයි මාස 03ක් වයසැති දැරියක් . ඇය තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී නිවස ආසන්නයේ පිහිටි ජල ටැංකියකට වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සීතා” නමැති ඇතින්නට වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගත් නිලධාරියා මාපාකඩවැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු බවයි. අත්අඩංගුවට ගත් නිලධාරියා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගාල්ල, වක්වැල්ල ප්‍රදේශයේ ගිං ගඟ හරහා ඉදි කර ඇති වක්වැල්ල පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කෙරුණා. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ ඇදහැලෙන තද වැසි තත්වය හේතුවෙන් ගිං ගඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිංගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා, දකුණු නාවික විධානය මඟින් විශේෂ මෙහෙයුමක් සිදුකෙරුණා. ඒ අනුව, දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා ආපදා…
ආසියානු ක්‍රිඩා උළේලේ පිරිමි මීටර් 400 තරග ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ සහ අරුණ දර්ශන සමත් වුණා. ඒ ඔවුන් සහභාගි වු මුලික වටයේ තරගවලින් ජයග්‍රහණය කරමින්. එමෙන්ම නදීෂා රාමනායක කාන්තා මීටර් 400 තරග ඉසව්වෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. මෙම තරග ඉසව් දෙකෙහිම අවසන් මහා තරග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අමෙරිකාවේ නිව්යෝ(ර්)ක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ප්‍රබල කුණාටු සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් . විදෙස් වාර්තා සඳහන් කරන්නේ, නගරයේ බොහෝ උමං මාර්ග පද්ධති, වීදි සහ මහාමාර්ග ගංවතුරින් යට වී ඇති අතර එමෙන්ම ලාගාඩියා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක් ද වසා දමා ඇති බව සදහන් . මේ හේතුවෙන් නිව්යෝ(ර්)ක් නගරය හා ඒ ආශ්‍රිත පොදු ප්‍රවාහන පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති තිබෙනවා. එමෙන්ම නිව්යෝ(ර්)ක් නගරයට මෙන්ම නිව් ජර්සි යන නගරවලටද හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව සඳහන් .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222