Author: Anura Premakumara

උණුවතුර බොයිලේරුවකට ඇදවැටීම හේතුවෙන් වැලිපැන්න, මිගම ප්‍රදේශයේදී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කලේ මීගම ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කල 34 හැව්රිදි ඉන්දීය ජාතික පුද්ගලයකු මෙලෙස අනතුරට පත්ව ඇති බවයි. උණුවතුර බොයිලේරුවට ඇදවැටුනු පුද්ගලයා ඉන් පිටතට ගෙන රෝහල් ගතකර ඇති අතර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බවයි පොලිසිය සඳහන් කලේ.

තව කියවන්​න

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ. මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරෙනවා. කෙසේවෙතත් අද ඉරිදා දිනයක් බැවින් අද දිනයේ එම මිල සංශෝධනය සිදුනොවන අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තව කියවන්​න

බැඩ්මින්ටන් ක්‍රිඩක නිලූක කරුණාරත්න සිය ක්‍රිඩා දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. නිලුක කරුණාරත්න ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලි තුනකට ක්‍රිඩා කර තිබෙනවා. මේ දක්වා ඔහු දිනා ඇති අන්තර්ජාතික ජයග්‍රහණ සංඛ්‍යාව 24ක්. නිලුක කරුණාරත්න සිය සමුගැනීම පිළිබද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මුලස්ථානයේ පැවති සංවාදයකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

තව කියවන්​න

තමිල්නාඩුවේ කුනුර් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බස් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරළි ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සංචාරකයින් පිරිසක් ගමන් කළ බස් රථයක් බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 55 දෙනෙකු සිට තිබෙනවා.

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික් 08කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ රත්නපුර , මාතර සහ කළුතර දිස්ත්‍රික් සදහායි. අපහපත් කාලගුණය හමුවේ දිස්ත්‍රික් තුනක පන්දහසකට අධික පුද්ගලයින් සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබෙනවා. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කළේ පවුල් 1275ක පුද්ගලයින් 5051ක් පීඩාවට පත්ව ඇති බවයි. ,මේ අතර දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර මහතා පෙන්වා දෙන්නේ ඒ…

තව කියවන්​න

නිපා වෛරසයේ වැඩි අවදානමක් ශ්‍රී ලංකාවට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේ රෝගින් හය දෙනෙකු පමණක් බවයි. පසුගිය අගෝස්තු මාසයේදී නිපා වෛරසය ආසාදිතයින් වාර්තා වීම සිදුවු අතර එහිදී ආසාදිතයින් දෙදෙනෙකු මියගොස් තිබුණා. නිපා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමට කේරල ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩි අවධානමක් නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

ආර්ථික සහ සමාජිය අර්බුදය හමුවේ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ මේ වන විට දේශපාලන පක්ෂ ගණනාවක අභ්‍යන්තර අර්බුද පවතින බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැටළු විසදා ගනිමින් ඉදිරි මැතිවරණ සදහා ශක්තිමත්ව මුහුණ දෙන බවයි රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ.

තව කියවන්​න

රටට ගැලපෙන විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විදේශ ශ්‍රම වෙළදපොල සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා. ඔහු පෙන්වා දෙන්නේ විදේශ රැකියා ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා ඊට වගකිවයුතු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවයි.

තව කියවන්​න

ජනතාවට වගකියන නායකයෙකු රටට අවශ්‍යව පවතින බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසුවේ වත්මන් පාලකයින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි. ජනතා අවශ්‍යතා හදුනාගත් නායකකයෙකු රටේ පාලනයට ගෙනආ යුතුව ඇති බවයි ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කළේ.

තව කියවන්​න

සමාජ මාධ්‍ය නියාමනය සදහා පනතක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඊයේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පසු ඒ පිළිබද අධ්‍යනය කර තීරණයක් ගන්නා බවයි. මේ අතර සමාජ මාධ්‍ය මර්දනයට එරෙහි සටන කිසිවිටක අත්නොහරින බව ජාතික ජන බලවේගය පවසනවා. එහි විධායක කාරක සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසුවේ සියලු පාර්ශව එක්ව පවතින සමාජ ක්‍රමය වෙනස් කළ යුතු බවයි.

තව කියවන්​න