Author: Anura Premakumara

ඔක්තෝබර් මාසයට අදාළ ගෑස් මිල සංශෝධනය අද ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. පසුගිය මාසයේ ලිට්‍රෝ සමාගම මිල සංශෝධනයේ දී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දැමීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවද ලිට්‍රෝ සමාගම සදහන් කළා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම දිවයිනේ නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා. මේ අතර දිස්ත්‍රික්ක 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගාල්ල , මාතර , කෑගල්ල , රත්නපුර , මහනුවර , කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල…

තව කියවන්​න

ඉන්දීය සාගර කලාපීය රටවල් 28ක සහභාගීත්වයෙන් අද පෙරවරුවේ සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව මෙරට තුලදී අද පෙරවරු 9.30සිට 11.30 දක්වා ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් එය පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අදහස් පල කල ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා.

තව කියවන්​න

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පතෙහි ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තින්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසිනි. නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කර තිබෙනවා. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු සෙසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවද පෙත්සම්කරු අදාළ පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

තව කියවන්​න

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට අද අලුයම 3 ට පමණ හදිසි භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ මේ හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි දෙදරීමකට ලක්ව ඇති බවයි . රික්ටර් මාපකයේ 3.1 ක් ලෙස මෙම භූමිකම්පාව සටහන් වී තිබෙනවා .

තව කියවන්​න

ලෝක ළමා දිනය වෙනුවෙන් අද විශේෂ වැඩසටහනක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණා . ඒ අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් . එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජය විසින් යෝජනා රාශ්‍රියක් ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම පාසල් අධ්‍යාපනය හැර යන ළමුන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන් සම්බන්ධව යම් වැඩපිළිවලක් සකස් කිරීමට ක්‍රියාකල යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා .

තව කියවන්​න

තුර්කි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අන්කාරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය හා තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේයි මෙම  පිපිරීම සිදුව ඇත්තේ. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර එම ස්ථානයේ වෙඩිතැබීමක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වර්තකරනවා.

තව කියවන්​න

2030 වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මේ වන විට යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය දෙලක්ෂය ඉක්මවා ඇති බවයි. ඒ පිළිබඳව සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා. යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර,යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීම රජයේ සැලසුමයි.

තව කියවන්​න

මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් දිවයින පුරා මහා පරිමාණයෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා සිදු කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්දනාගාර ගත කර තිබෙනවා. නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී. විජේවික්‍රම මහතා නියෝග කර ඇත්තේ සැකකරු මේ මස 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුම් ඔස්සේ පිටරට රැකියාවලට යවන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්දව ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන අධිකරනය හමුවට ඉදිරිපත් කර තිබුනා.

තව කියවන්​න

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා සන්ධ්න් කරන්නේ වයස අවුරුදු 21ත් 35 අතර තරුණයින් එම තනතුරු සඳහා බඳවා ගැනීමට කාටයුතු කරන බවයි. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලා.

තව කියවන්​න