Author: Anura Premakumara

වවුනියාව,පුදුකුලම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු 09 ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව,ඊච්චන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ වයස අවුරුදු 09 ක් හා අවුරුදු 07 ක් වන දරුවන් දෙදෙනෙකු සිය පියා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදිය පෙරළීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. ටිපර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී යතුරුපැදිය පෙරළි ගොස් අනතුර සිදුව ඇති බව මුලිකව අනාවරණය වි ඇති බවද පොලිසිය පැවසූවා. අනතුරින් තුවාල ලැබු දරුවන් දෙදෙනා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමේදී වයස අවුරුදු 09 ක් වු වි.ඩිනෝජන් නමැති වවුනියාව,පුදුකුලම මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලද දරුවා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබු දරුවාගේ පියා හා සහෝදරයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින…

තව කියවන්​න

ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායක කෙවින් මැකාති හට සිය ධුරය අහිමි වී තිබෙනවා . ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්, ඔහුව කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් ජරාජය වීම හේතුවෙන් . කෙසේ වෙතත් ඇමෙරිකාවේ කතානායකවරයකු මෙලෙස ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ පළමු වරට බව එරට මාධ්‍ය වාර්තා කරනු ලැබුවා .

තව කියවන්​න

නව ව්‍යාපෘති කිපයක් ආරම්භ කරන ලෙස ආසියානු සංවර්ධන බැංකුවට අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබෙනවා . ඒ අනුව පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ යෝජනා කිහිපයක් සිදු කර ඇති බව සදහන් . එමෙන්ම මෙම ක්ෂේත්‍රවලට අදාළව නව ව්‍යාපෘති ඇරඹීම සඳහා ආයෝජනය කරන ලෙස ද මෙරට අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ .

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව ඊයේ පැවති පුහුණු තරගයෙන් ලකුණු 14 ජයක් වාර්තා කිරීමට ඕස්ටේ‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු 351ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු  337ක් පමණයි.

තව කියවන්​න

ඉතාලියේ වැනීසිය නගරයේ බස් රථයක් ගුවන් පාලමකින් පිටතට පෙරලී දුම්රිය මාර්ගයක් ආසන්නයට ඉහළ සිට කඩා වැටීමෙන් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කඩා වැටීමෙන් පසු බස් රථය ගිනි ගැනීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙම අනතුරින් තවත් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එම පිරිසෙන් පුද්ගලයන් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන්. අනතුරට පත් මෙම බස් රථය සංචාරකයක් ප්‍රවාහනය කරන බස් රථයක් වන අතර, එහි ගමන් ගත් යුක්රේන ජාතිකයන් 5 දෙනෙකු, ජර්මානු ජාතිකයෙකු සහ ඉතාලි ජාතික රියදුරු ජීවිතක්ෂයට පත්වූවන් අතර සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි පුහුණු තරගයෙන් ද ඊයේ දිනයේදී ඇෆ්ඝනිස්තානය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 6 කින් පරාජයට පත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 46යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 294ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 87 කින් වේගවත් ලකුණු 158 ක් රැස් කළා. අනතුරුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කිරීමට පැමිණි පසු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ අනුව ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 42 ක් තුළ තරගය ජය ගැනීමට හිමි වූ ඉලක්කය ලකුණු 257ක්. ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර…

තව කියවන්​න

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊට අදාළ ලිපිය ඊයේ දිනයේදී විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ. අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මාස 14කට පෙර වඩා අභියෝගාත්මක කාලසීමාවකදී එම ධුරය භාරගෙන ඔහු විසින් කරන ලද කැපවීමට සහ සේවයට ස්තූතිවන්ත වන බවයි. පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම්දුන් බවද අමාත්‍යවරය සිය පණිවුඩය මගින් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට දිනාදීමට හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කළ නදීෂා දිල්හානි ලේකම්ගේට ඊයේ දිනයේදී හැකියාව ලැබුණා. කාන්තා හෙල්ල විසිකිරීම අවසන් තරගය සඳහා සහභාගී වූ නදීෂා එම ඉසව්වේ මීටර් 61.57ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර අවසන් ප්‍රතිඵල අනුව ඇයට හිමි වුනේ දෙවැනි ස්ථානයයි. මෙය ඇය හෙල්ල විසි කිරීම ඉසව්ව වෙනුවෙන් ක්‍රීඩා දිවියේ දැක්වූ හොඳම දස්කම ලෙස සටහන් වූ අතර ඇය විසින් මෙම වසරේ පිහිටවූ ශ්‍රී ලංකා වාර්තාව නැවත අලුත් කිරීමට ද මෙහිදී හැකියාව ලැබුණා. මෙම ඉසව්වේ පළමු ස්ථානය හිමි වුනේ මීටර් 62.92ක දස්කමක් දැක්වීමට සමත් වූ ඉන්දීය ක්‍රීඩිකාවටයි.

තව කියවන්​න

අපොස උසස් පෙළ විභාගය කල් තබන දිනය විභාග කොමසාරිස්වරයා විසින් අද හෝ හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. විභාග දිනය නියම කිරීම ඇමතිවරයාගේ කාර්යභාරය නොවන බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා එහිදී සදහන් කලා . පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. එමෙන්ම වසරේ 5 වසර ශිෂ්‍යත්ව ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා ඉරිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,888කදී විභාගය පැවත්වීමට නියමිතයි. මේ අතර 2022 – 2023 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් යොමු කිරීමට ලබා…

තව කියවන්​න

අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන බලපෑම් නවතාදමන ලෙසට දෙමළ දේශපාලන පක්ෂ හතක ඒකාබද්ධතාවයෙන් අද දිනයේ යාපනයේදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතයි. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ සංවිධානය හා ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ මෙම විරෝධතාවය වෙනුවෙන් එකඟතාවය පළ කර තිබෙනවා . මේ අතර මුලතිව් මහේස්ත්‍රාත්වරයාට එල්ල වු බලපෑම් ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල නීතිඥවරුන්ද ඊයේ විරෝධතාවයක නිරත වුනා. එහිදී නීතිඥවරුන් සිය සේවා කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක හා විරෝධතාවයක නිරත වීමටයි කටයුතු කළේ. එමෙන්ම මුලතිව් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ සරවනරාජා මහතාගේ ඉවත්වීමට හේතු වු තර්ජන හා බලපෑම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට…

තව කියවන්​න