Author: Anura Premakumara

කොළඹ ප්‍රදේශයෙන් වෑන් රථයක් කුලී පදනම මත  ලබා ගෙන අනුරාධපුරයට පැමිණ, හරක් හොරකම් කර මස් සඳහා විකුණු කල්ලියක පුද්ගලයන් 6 ක්, වෑන් රථය සමඟ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ත් 46ත් අතර වියේ පසුවන අනුරාධපුර රඹෑව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් හය දෙනෙක්. එම හොර හරක් ජාවාරමේ මහ මොළකරු වන හිටපු විශේෂ කාර්ය  බළකා සෙබළෙකු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළා. මීට මාසයකට පමණ පෙර අනුරාධපුර, යාපනේ හංදිය ප්‍රදේශයේදී එළ ගවයන් දෙදෙනෙකු සහ අනුරාධපුර ගෙවල් පනස් පහ ප්‍රදේශයේ දී එළ ගවයින්  තුන් දෙනෙකු සොරකම් කිරීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් සිදු…

තව කියවන්​න

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් අද පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ, එම සමාගමේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබදව විමසීම සදහායි. මේ අතර අද පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෛද්‍යවරුන් විදෙස්ගත වීම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා. මේ අතර කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රයේ ක්‍රියාකාරුවන් නොමැති බවට පසුගිය දා එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා.

තව කියවන්​න

විදුලිබිල වැඩිකිරීමේ හේතුව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කළා. මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ තාප විදුලිය අධික ලෙස වැය කිරීමට සිදු වීම හේතුවෙන් විදුලි බිල වැඩි කිරීමට සිදු වූ බවයි. මේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

තව කියවන්​න

වැසි සමයේ කුඩා ළමුන් අතර බෝවන රෝග ඉහළ යා හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මේ හේතුවෙන් ජනතාව ළමුන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු දැනුම් දෙන්නේ.

තව කියවන්​න

සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව අරගලයක් ආරම්භ කරන බව ජාතික ජනබලවේගය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ජන හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා.

තව කියවන්​න

දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය නියාමකවරුන් පිරිසක් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මාලිගාවත්ත දුම්රිය අංගනයේ උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහර දීම හේතුවෙන් මෙම විරෝධය ආරම්භ කර තිබෙනවා.

තව කියවන්​න

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරග කාණ්ඩයේ තුන් වන අර්ධ අවසන් පූර්ව වටය ජයගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 8 කින් පරාජයට පත් කරමින්. මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පිටියට පිවිස් ඇෆ්ගනිස්ථානය පන්දු වාර 18 යි පන්දු 3 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 116 ක් රැස්කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් තුෂාර කඩුලු 4 ක් දවා ගත් අතර සහන් ආරච්චිගේ දවා ගත් කඩුලු සංඛ්‍යාව 2 ක්. කෙසේ වෙතත් ලකුණු 117 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව පන්දුවාර 19 යි එක් පන්දුවක්…

තව කියවන්​න

සමාජ මාධ්‍ය ඇතුඵ සියලු මාධ්‍ය කතිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර ගිවිසුමකට එළඹෙන්නේ ද නැතිනම් රටේ නීතිය අනුව කටයුතු කරන්නේද යන්න පිළිබද සමාජ මාධ්‍ය තුළ කතිකාවක් ඇතිකර ගත යුතු බවයි ඔහු සදහන් කළේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ඒඩමන් රණසිංහ මහතාට උපහාර දැක්වීම සදහා ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයටක එක්වෙමින්.

තව කියවන්​න

ඔස්ටේ්‍රලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක සමග සුදු ජාතික තරුණියක් සහ ඔහුගේ මිතුරෙකු ද පැමිණ සිටියා. ඔවුන් ඊයේ (03) රාත්‍රී 10.55 ට ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 607 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වී නිව්ස් ගුවන් තොටුපොළ වාර්තාකරු පවසන්නේ. ගුවන් තොටුපොළේ දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක ගුණතිලක කියා සිටියේ පසුගිය මාස එකොළහක කාළය තුළ ඕස්ටේ්‍රලියාවේ සහ ශ්‍රී ලංකාවේ තමා සමග සිටි සියලු දෙනාටම ස්තුතිය පිරිනමන බවයි. එසේම මෙම කාළය තුළ…

තව කියවන්​න

අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කල ලොරි රථයක්  අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනෙකු මස්කෙලිය සහ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙලිය පොලිසිය පැවසුවා. මෙම අනතුර සිදු වි ඇත්තේ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත ප්‍රදේශයේදී. අනතුරට පත් පිරිස හැටන් කාසල්රි ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වි ගමන් ගත් බස් රථය මස්කෙලිය ප්‍රදේශයේදි කාර්මික දෝෂයට ලක්විම නිසා බස් රථයේ ගමන් ගත් පිරිස මස්කෙලිය නගරයෙන් කුලි පදනම මත කුඩා ලොරි රථයක් රැගෙන මස්කෙලිය බ්‍රවුන්ස්වික් වත්ත දක්වා ගමන් කරමින් සිටින අවස්තාවේ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන…

තව කියවන්​න