- සමාජ මාධ්‍ය නිසා නේපාලය උණුසුම් !
- ජනාධිපතිවරුන්ගේ හිමිකම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට
- දියේ ගිලී අයෙක් මරුට
- මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
- කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
- කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
- රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
- රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
Author: Anura Premakumara
අගෝස්තු මස 14 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. එදින පෙරවරු 10 සිට පස්වරු 8 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි දැක්වෙන්නේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල ලොංගස්දෙනිය පින්නගොල්ලවත්ත, කෝලවත්ත සහ ගොරකදෙනිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවෙනු ඇති. එසේම රන්පොකුණුගම, රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. ජල සැපයුම අත්හිටුවනු ලබන අනෙක් ප්‍රදේශ වන්නේ ඌරාපොළ, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කකල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශයි. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ ජල සැපයුම අත්හිටුවීම නිසා සිදුවන අපහසුතාවය සම්බන්ධානය සිය කනගාටුව…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් අද (11) මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා. එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයා බලයට පත්ව වසරකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් 40,000ක් පමණ රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නොමැතිව මහ පාරේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසනවා. මැතිවරණ සමයේ මේ අයගේ රැකියා ගැටලුට විසඳුමක් ලෙස පොහොසක් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාවේ 72 පිටුවේ යෝජනා ගණනාවක් ඉදිරිපත් කළත් මේවා එකක්වක් ඉටු නොවී මේ අය රැවටූ බවත් පොරොන්දු කඩ කළ බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා. 35,000ක් උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ඉන් 20,000ක් ගුරු වෘත්තියටත් ආදී වශයෙන් රැකියා දෙන ආකාරය පෙන්වා ඇති බවත් රේගුව දේශීය ආදායම් සංචාරක විදේශ සේවා ආදියට බඳවා ගන්නවා කිව්වත් එය නොවූ බවත්…
මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඕඩිසි දුම්රියට සංචාරක සමාගම් විසින් සංචාරයට එක්වන විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් එම විදේශිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව ති බෙනවා. මහනුවර සිට නානුඔය දක්වා අද(11) දින ධාවනය වූ ඕඩිසි දුම්රියෙන් නානුඔය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා රුපියල් 6000කට සහ ඊට වැඩි මුදලකට එම දුම්රියෙන් ගමන් කිරීමට ප්‍රවේශපත්‍ර ලබාගත් ඉතාලි, ප්‍රංශ, ජර්මන් සහ ඉන්දියානු ජාතිකයන් විශාල පිරිසක් එම දුම්රියේ දුම්රිය නියාමකවරුන් විසින් දුම්රිය මැදිරිවලට ඇතුළු කර නොගැනීම හේතුවෙන් එම විදේශීකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ. ඇතැම් සංචාරක සමාගම් මග පෙන්වන්නන්…
යුද හමුදාවට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ මස 15 වන දින සිදු කරන හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එම පක්ෂයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා තීරණය කළ බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඉකුත් 7 වැනිදා මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට අයත් මුත්තු අයන්කට්ටු ප්‍රදේශයේදී හමුදා ප්‍රහාරයක් හේතුවෙන් මියගියේ යැයි කියන අතිරාමන්නසිංහම් කපිල්රාජ් නම් (32) හැවිරිදි තරුණයාගේ සිරුර ඉකුත් 9 වැනිදා මුත්තු අයන්කට්ටු පොකුණක තිබී සොයාගත් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. යුක්තිය ඉල්ලා සහ හමුදාවේ අසාධාරණ ක්‍රියාවන්ට එරෙහිව පැවැත්වීමට නියමිත එම හර්තාල් ව්‍යාපාරයට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයෝගයද ලබාදෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. තවද යුද්ධය අවසන් වී…
වීදි ගණිකා සේවයේ යොදුණු සැකකාරියන් 9 දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ(10) රාත්‍රී කාලයේ දෙහිවල පොලිස් බලප්‍රදේශයේ දෙහිවල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදීයි. ගල්කිස්ස කොට්ඨාස අරපාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. එහිදී වීදි ගණිකා සේවයේ යෙදුණු සැකකාරියන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන දෙහිවල පොලිස් ස්ථානයට ඉදිරිපත් භාරදී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ත් 51ත් අතර වයස්වල පසුවන රත්මලාන, මහරගම, දෙහිවල සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් පිරිසක් බවයි පොලිසිය පවසන්නේ. දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(11) පෙරවරුව් සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවේදී ලද ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර මත වර්ජනය අත්හිටුවීමට පියවර ගත් බවයි එම සංගමය පවසන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව මින් පෙර තීරණය කර තිබුණේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනය අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක කිරීමටයි.
පිලිපීනයේ පැවති ”මිස් ටුවරිසම් යුනිවර්ස් – 2025” (Miss Tourism Universe ) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ආදිත්‍යා වැලිවත්ත, එහිදී ”ජාත්‍යන්තර සංචාරක රූ රැජින” (Queen of the International Tourism) ලෙස කිරුළ දිනාගෙන අද(11) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා. මෙම තරගාවලිය ලෝකයේ රටවල් 17ක රූ රැජිනියන් 17 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් ජුලි මස 30 දින සිට අගෝස්තු මස 08 දින දක්වා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වුණා. ආදිත්‍යා වැලිවත්ත මෙම ජයග්‍රහණයට අමතරව මෙම තරගාවලියේ හොඳම ජාතික ඇදුම (Best National Costume) සහ Most Beautiful Photogenic යන සම්මාන ද්විත්වය ද දිනාගැනීමට සමත් වී සිටියාය. ආදිත්‍යා වැලිවත්ත ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා ප්‍රකට ගායිකාවකි.…
ප්‍රදේශ දෙකකදී සිදු වූ මාරාන්තික අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල, කන්නන්තොට ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අවිස්සාවේල්ල දෙස සිට කැගල්ල දෙසට ධාවනයට වූ ලොරි රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ. මෙලෙස මියගොස් ඇත්තේ කන්නන්තොට පරණවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක් පමණ වූ පුද්ගලයෙක්. මෘතදේහය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු අනතුරින් පසු ලොරි රථය දමා පළාගොස් ඇති…
පාර්ලිමේන්තුව තුළ අගමැතිනිය සහ මැති ඇමැතිවරුන් සිදුකරන ප්‍රකාශ පරස්පර බවත් මෙ දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුරුන්ද යන්න රටේ ජනතාවට ගැටලුවක් වී ඇති බවත් දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසනවා. රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේ හැටන් නගරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්. මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙලෙස කියා සිටියා. “පසුගිය දවස්වල ලොකු කතාවක් ගියා රොකට් යවපු එකෙන් ලොකු ගානක් ලංකාව වියදම් කරලා තියෙනවා, ඒක වංචාවක් කරලා තියෙනවා, රාජපක්ෂලා ඒකට ගොඩක් වියදම් කරලා ඒකට සල්ලි ගෙව්වා කියලා ආන්දෝලනයක් වුණා. ඊට පස්සේ ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහනකොට අගමැතිතුමිය පිළිතුරු දුන්නා ඒකට ලංකාවෙන් සතයක්වත් වියදම් කරලා නෑ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222