- අමාත්‍ය බිමල්ගෙන් මහජනතාව වෙත ඉල්ලීමක්
- ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන – හොඳම චිත්‍රපටය ‘Anora’
- වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සූදානම් වෙයි
- ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
- අමෙරිකාව සමග ඛනිජ ගිවිසුම අත්සන් කිරීමට සූදානම්
- බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය අවම මට්ටමක
- මඩකලපු දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් කරයි
- පාසල් වෑන් රථයක් බිහිසුණු අනතුරක
Author: Anura Premakumara
ගත වූ පැය 48ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාල වයස්කරුවන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගල අතුරුදන්වීම් 11ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසනවා. මෙම පිරිස අතර අතුරුගිරිය ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක වැඩවිසූ 14 සහ 15 වයස්වල පසුවන මෙහෙණින් වහන්සේලා දෙනමක්, බිබිල ප්‍රදේශයේ බාලිකා නිවාසයක රඳවා සිටි දහසය වියැති දැරියන් දෙදෙනෙකුත් වනවා. මෙ පිරිස ඉකුත් 3 වැනිදා සිට ආගාවිතය අතක් නොමැති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ. එලෙස අතුරුදන් වූ බිබිල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියන් දෙදෙනා ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනෙකි. මෙම සිසුවියන් දෙදෙනා පාසලේ පන්ති කාරමයේ පොත් බෑග් තබා පාසලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන්…
නියාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ අමරගම ප්‍රදේශවාසීන් තම නිවාස වල ගෙවා ගැනීමට නොහැකි විදුලි බිල්පත් රැගෙන අමරගම පිහිටි උප තැපැල් කාර්යාලය වෙත පැමිණ ඔවුන්ගේ එම බිල්පත් සියල්ල ලියාපදිංචි තැපෑලෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත වෙත තැපැල් කර තිබෙනවා. පවතින අයහපත් කාලගුණයත් සමඟ එදාවේලවත් සොයා ගැනීමට නොහැකිව සිටින තමන්ට මෙම විදුලි බිල්පත් ගෙවා දැමීමට නොහැකි බවයි ඔවුන් පැවසුවේ. එම නිසා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සහය බලාපොරොත්තු වන බවද ඔවුන් සඳහන් කළා.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරැවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව වැටීම සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මින් පෙර අවස්ථාවකදීත් මෙවැනිම සිදුවීමක් වීම බවයි ප්‍රභූ ආරක්ෂක අංශයේ උෂස් නිලධාරියෙක් සඳහන් කළේ. එම අවස්ථා දෙකේදීම එහ මුදල් ගෙවීමේ කවුන්ටරයේ සිටියේ එකම නිලධාරියෙක්ද? නැතිනම් මෙම සිදුවීම අහඹු සිදුවීමක්ද? යන්න පිළිබඳ සොයා බලන බව ප්‍රභූ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පවසනවා. කුරුණෑගල අන්තර් හුවමාරුවේදී මුදල් ගෙවීමේ කවුන්ටරය අසලදී හිටපු ජනාධිපතිවරයා ගමන් කළ මෝටර් රථය මතට ගේට්ටුව වැටී ඇත්තේ ඊයේ(04) පෙරවරුවේදියි.
ඉතාලියේ වැනීසියේ ඊයේ සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ විදේශිකයන්ගේ අනන්‍යතාව හඳුනාගැනීමට අපහසු වී තිබෙනවා. පුද්ගලික ලේකන ඔවුන් රැගෙන නොයෑම හේතුවෙන් මෙලෙස අපහසුතාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඒ අනුව ඔවුන්ගේ ඩී.එන්.ඒ සාම්පල් පාරික්ෂා කර අනන්‍යතාව තහවුරු කිරීමට කටයුතු කරන බව එරට බලධාරීන් සදහන් කර තිබෙනවා. ගුවන් පාලමකින් සංචාරකයන් රැගත් මෙම බස් රථය පහලට ඇද වැටීමෙන් අනතුර සිදු වූ අතර, එහිදී පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල වී තිබෙනවා. රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට වාර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. එම දිස්ත්‍රික්කවල පවුල් 11,992කට අයත් පුද්ගලයින් 47,963ක් පීඩාවට පත්ව සිටිනවා. පවුල් 220කට අයත් පුද්ගලයින් 930 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 10ක රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් වැඩිදුරටත් සදහන් කළේ.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව ඊයේ පැවති පුහුණු තරගයෙන් ලකුණු 14 ජයක් වාර්තා කිරීමට ඕස්ටේරලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේරලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කළ ලකුණු 351ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 337ක් පමණයි.
පාර්ලිමේන්තුව අද දිනයේදීත් පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව රේගු ආඥා පනත යටතේ යෝජකා සම්මත තුනක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සහ ශ්‍රී ලංකා අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පැවැත්වීමට නියමිතයි.
ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වූවා. ආසියානු ක්‍රීඩා උළලේ මලල ක්‍රීඩා ඉසව්වෙන් මෙලෙස රන් පදක්කම් දිනා ගෙන ඇත්තේ වසර 21කට පසුවයි. 2002 වර්ෂයේ දකුණු කොරියාවේ පැවැති ක්‍රීඩා උළලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 100 ධාවන ඉසව්වෙන්ද දමයන්ති දර්ශා මීටර් 400 ධාවන ඉසව්වෙන්ද රන් පදක්කම් දිනාගැනීමෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා. එසේම ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ වසර 9කට පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු රන් පදක්කමද මෙය වනවා. මේ අතර මේ වන විට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400×4 පිරිමි සහාය දිවීමේ…
බේරුවල – මරක්කලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔවුන් ගමන් ගත් ත්‍රිරෝද රථය අපරීක්ෂාකාරි අන්දමින් දුම්රිය මාර්ගය හරහා ධාවනය කළ අවස්ථාවේ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි. ත්‍රිරෝද රථයේ ගමන් කළ පියා සහ කුඩා දැරියන් දෙදෙනා මෙන්ම ත්‍රිරෝද රථයේ රියදුරු ද තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔවුන් නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බවටයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. අද පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහා විහාරයට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222