- අමාත්‍ය බිමල්ගෙන් මහජනතාව වෙත ඉල්ලීමක්
- ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන – හොඳම චිත්‍රපටය ‘Anora’
- වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සූදානම් වෙයි
- ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
- අමෙරිකාව සමග ඛනිජ ගිවිසුම අත්සන් කිරීමට සූදානම්
- බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය අවම මට්ටමක
- මඩකලපු දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් කරයි
- පාසල් වෑන් රථයක් බිහිසුණු අනතුරක
Author: Anura Premakumara
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඝන මිදුම් තත්ත්වයක් පවතිනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයෙත් , අතුරු මාර්ග වලත් ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ධාවනයේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම දිනවල ඉන්දියාව ඇතුඵ රටවල් කිහිපයක පැතිර යන නිපා වෛරසය හේතුවෙන් ඌරුමස් පරිභෝජනය අඩු වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. මේ හේතුවෙන් ඌරුමස් කර්මාන්තයට ගැටලු ඇති වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. නිපා වෛරසය පිළිබදව අදහස් පළ කළ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරින් අවධාරණය කර සිටියේ නිපා වෛරසය ශ්‍රී ලංකාවට ඇතුඵ වීමේ අවදානමක් නොමැති බවයි.
ගංවතුරින් විපතට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඔහු පවසන්නේ මෙම ජනතාවට කඩිනමින් සහන සලසන ලෙසයි. එමෙන්ම පිසූ ආහාර ඖෂධ ඇතුඵ අත්‍යාවශ්‍ය පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසත් එම කටයුතුවලදී ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනෙකුත් දිස්ත්‍රික්කවලද ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියා සිටියේ.
රුපියල් බිලියන 3860 ක රජයේ වියදම් ඇතුලත් 2024 විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය ලේඛනය අද සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් පර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙහි රුපියල් බිලියන 2651 ක් පුනරාවර්තන වියදම් ලෙස වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙවර රුපියල් බිලියන 886.1 ක් ලෙස වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයටයි. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 723.4 ක් ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 423.7 ක් ද, සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් බිලියන 410.2 ක් ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට රුපියල් බිලියන 403.6 ක් ද සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 140.7…
ජනතාව ලබාගෙන ඇති ණය සදහා බැංකු විසින් පනවා ඇති පොලී අනුපාත ඉතා ඉක්මනින් පහත දැමිය යුතු බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. ලීසිං පොලි අනුපාත අඩු නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළා.
ආසියානු ක්‍රිඩා උළෙලේ කාන්තා මීටර් 800 ධාවන තරගයෙන් රන් පදක්කමක් දිනාගත් තරුෂි කරුණාරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. දුරකතන ඇමතුමක් ලබා දී සුබ පැතුම් එක්කිරීමටයි ජනාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ. මෙම ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. මේ අතර වසර 21 කට පසු මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා දුන් තරුෂි කරුණාරත්නට මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇයගේ දක්ෂතා අගයමින් රුපියල් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් ලබා දීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.
උප දුම්රිය නියාමකවරුන් විසින් ආරම්භ කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම වර්ජනය අවසන් කර ඇත්තේ. සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බවයි උප දුම්රිය නියාමකවරුන් පැවසුවේ. කෙසේ වෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ සු`ඵ සිද්ධීන් නිසා වැඩවර්ජන සිදු කිරීම පිළිගත නොහැකි බවයි.
ගෑස් මිල ඉහළ දැමීමත් නිසා කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තු රුපියල් 20 කින් හා රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දමන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ.
උසස් පෙළ විභාගය ජනවාරි දක්වා කල් යාම හේතුවෙන් මෙවර පාසල් නිවාඩු කාලය කල් දමන බවට වාර්තා වෙනවා. පාසල් නිවාඩු කාලය දෙසැම්බර් 22 වනදා දක්වා කල් යනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊට අදාළ නිල නිවේදනය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222