- අමාත්‍ය බිමල්ගෙන් මහජනතාව වෙත ඉල්ලීමක්
- ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන – හොඳම චිත්‍රපටය ‘Anora’
- වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සූදානම් වෙයි
- ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරග හෙටින් ඇරඹෙයි
- අමෙරිකාව සමග ඛනිජ ගිවිසුම අත්සන් කිරීමට සූදානම්
- බ්‍රිතාන්‍යයේ මරණ අනුපාතය අවම මට්ටමක
- මඩකලපු දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් කරයි
- පාසල් වෑන් රථයක් බිහිසුණු අනතුරක
Author: Anura Premakumara
2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලෝක ශූර එංගලන්තය පරදා කඩුලු 9 ක සුපිරි ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9 ක් දැවී නියමිත පන්දුවර 50 අවසානයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 282ක්. මෙහිදී ජෝ රූට් ලකුණු 77 ක් සහ නායක ජොස් බට්ලර් ලකුණු 43 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 36යි පන්දු 2 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 283ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. මෙහිදී එංගලන්ත පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ඩෙවෝන් කොන්වේ හා රචින් රවීන්ද්‍ර…
උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම හේතුවෙන් දුප්පත්කම සියයට 25 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහ බැංකුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ සියයට 5ක් වූ අපේක්ෂිත උද්ධමනය එම මට්ටමට වඩා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවයි. තුන්වන සහ 04 වන කාර්තුවලදී ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළා. මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමටද ඊයේ දිනයේදී පියවර ගත් අතර, ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතියක සියයට 11 සිට 10 දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 12 සිට සියයට 11 තවදුරටත් අඩු වෙන…
සමාජ මාධ්‍ය නියමනයක් රටට අවශ්‍යව පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ නියාමනයකින් තොරව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට සමාජ මාධ්‍ය පවත්ව ඇති බවයි.
කඳාන පොල්පිතිමුකලාන ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානිහක් සිදුව නැහැ. කඳාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එක් පුද්ගල මරණයක් වාර්තා වී තිබෙනවා. ගාල්ල තුවක්කුගලවත්ත ප්‍රදේශයේ නිවසක් මතට ගලක් පෙරලීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු නිවසේ නිදාගෙන සිට තිබෙනවා. මෙලෙස ජීවික්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 78ක පුද්ගලයෙක්. මේ අතර දිවයිනට බලපා ඇති අහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ දක්වා පුද්ගලයින් පනස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පිඩාවට පත්ව සිටිනවා. පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සැලසීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
2023 උසස් පෙළ විභාගයේ සංශෝධිත කාල සටහන අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ අදාළ කාල සටහන ප්‍රකාශයට පත්කිරීමටයි නිටමිතව ඇත්තේ. එමෙන්ම විභාගයට පෙනී සිටිමට අපේක්ෂාවෙන් සිට තවදුරටත් අයදුම් කිරීමට නොහැකි වු අයදුම්කරුවන් සදහා අද සිට දින 4ක් අයදුම් පත් යොමුකිරීමට අවස්ථාව ලබා දී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාග් අමිත් ජයසුන්දර මහතා සදහන් කළා.
දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය අහිමි වීම යන පාරිසරික ගැටළුවලට විසදුම් සෙවීමේ දී භූ දේශපාලනය සහ මහා බල එදිරිවාදිකම් දෙවන තැනට පත්වන බව ජනාපධිති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරියේ 05 වන සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. වසර සියයකට පෙර පැවති ලෝකයට වඩා දස දහස් ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය අහිමි වෙමින් පවතින අතර දේශගුණ විපර්යාස , ජෛව විවිධත්වය අහිමි වීම සහ පරිසර දුෂණය යන මෙම ත්‍රිත්ව අර්බුද හමුවේ මනුෂණ වර්ගයා ඇතුළු සියලු ජීවින් සිය පැවැත්ම පිළිබද දරුණු තර්ජනයකට මුහුණ දෙමින් සිටින බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. මෙම සමළුවට එක්ව සිටි ඉරානයේ උප…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 282ක් ලබාගැනීමට සමත් වූවා. තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දු රැකීමට ඔවුන් තීරණය කරනු ලැබුවා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු 9ක් දැවී ලකුණු 282ක් ලබාගැනීමට සමත් වූවා. එංගලන්ත ඉනිම වෙනුවෙන් පන්දු 86කදී ලකුණු 77ක් ලබාගැනීමට ජෝ රූට් සමත් වූ අතර පන්දු 42කදී ලකුණු 43ක් ලබාගැනීමට ජොස් බට්ලර් සමත ්වූවා. Jonny Bairstow ලකුණු 33ක්ද Harry Brook ලකුණු 25ක්ද Liam Livingstone ලකුණු 20ක්ද ලබාගැනීමට සමත් වූවා. සෙසු කිසිදු ක්‍රීඩකයෙකු…
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් මැදිරියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති විය හැකි ආපදා තත්වයන්ට ගත හැකි ක්‍රියාමාර්ග හා ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට ගත හැකි පියවරයන් පිළිබඳව එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කළා . තවද, ආපදාවන්ට ලක්වන මහජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාල පාර්ශවයන් වෙත උපදෙස් ලබා දුන් අමාත්‍ය තෙන්නකෝන් මහතා, ආපදා සහන කටයුතු හමුවේ මුහුණ දෙන ගැටළු හා ඒවා නිරාකරණය කර ගනිමින් සහන සැලසීමට අවශ්‍ය පහසුකම් ශක්තිමත් කිරීමට පියවර ගන්න බවද මෙම අවස්ථාවේ සඳහන් කළා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත් කර තිබෙනවා. අදාළ පත් කිරීම් අද දිනයේ සිට බලාත්මක වන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියා සිටියේ. එසේම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසට පත් කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222