Author: Anura Premakumara

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරඟය අද පැවැත්වෙනවා. ඉන්දියාවේ හයිද්‍රාබාද් හීදී පැවැත්වෙන මෙම තරඟයේදී පාකිස්ථාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 2ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තව කියවන්​න

අඹන්පොල, තිඹිරියාව, ඇඹෝගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නිවසක පැවති මත්පැන් සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි තිඹිරියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සාදය අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් නිවසේ හිමිකරු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

සිරියාවේ හෝම්ස් නගරයේ පිහිටි හමුදා පුහුණු පාසලකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 100 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වනවා. කැඩෙට් භටයින් විසිරයෑමේ උත්සවයක් අතරතුරදියි එම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ. එම ප්‍රහාරයෙන් දරුවන් සහ කාන්තාවන්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත පවසා සිටියා.

තව කියවන්​න

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසිද බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසලින් ගංවතුරෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවේන මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට හැකියාවක් නොමැති බවට වාර්තා වනවා. අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට මාතර දෙසට ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් කපුදූව පිටවීමේ දොරටුවෙන් පිටවී නැවත කපුදූව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගයට පිවිස ගොඩගම පිටවීමෙන් පිටව මාතර දෙසට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

තව කියවන්​න

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසිත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාර්තා වනවා. මාවුස්සාකැලේ ජලාශයේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට අද (06) දින පෙරවරු වන විට පිළිවෙළින් අඩි හතක් සහ දහයක් වශයෙන් පැවැති බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පවසනවා. ජාතික විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය, බ්‍රෝඩ්ලන්ඩ් සහ විමලසුරේන්ද්‍ර යන විදුලි බලාගාර හය සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

තව කියවන්​න

රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හිටපු මහ බැංක අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි කැඳවා තිබෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගියදා දුන් ප්‍රකාශය පිළිබඳ අද (06) දිනයේ කාරක සභාවේ සාමාජිකයන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි එම විශේෂ කාරක සභාවේ ස භාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියා සිටියේ. කබ්රාල් මහතා පසුගියදා කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණේ රට බංකොළොත් බව ප්‍රකාශයට පත් කිරීම කුමන්ත්‍රණයක් බවයි. කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේ රට බංකොළොත්වීම සම්බන්ධයෙන් ඔහු විසින් සකස් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉදිරියේදී විගණකාධිපතිවරයාද විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇති බවයි.

තව කියවන්​න

පාර්ලිමේන්තුව විනාඩි 10ක කල් තැබුණා. ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සභාව අමතමින් සිටියදී ඇති වූ උණුසුම්කාරි තත්ත්වය හේතුවෙන්. අනුර කුමාර දිසානායක මහතා විසින් කතානායකවරයා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී මුලසුනේ සිටි මන්ත්‍රීවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව කල් තැබුණා.

තව කියවන්​න

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ගස කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර එයින් බොහෝ පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ. කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේදී පිටකොටුව සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස්රථයක් මතටයි මෙලෙස ගස කඩා වැටී ඇත්තේ. මේ අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද අඵයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම අනතුරෙන් තුවාල ලැබූ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල…

තව කියවන්​න

රුසියාව විසින් යුක්රේනයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ නිවාස සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. යුක්රේනයේ බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශයේ හමුදාව නොමැති අතර, සිවිල් වැසියන් පමණක් සිටින බවයි. ඒ අනුව ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්වූ සියලු පුද්ගලයන් එම ප්‍රදේශයේම පදිංචි සමස්ථ ජනගහනයෙන් සියයට 20ක් වන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තව කියවන්​න