Author: Anura Premakumara

ඔරුගොඩවත්තේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක් පිටත්කර හැර ඇති බවයි. අද අළුයම් කාලයේදී මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාරය පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වින්දිත භාවයට පත්වන කාන්තාවන් , ළමුන් ඇතුළු පිරිස් වලින් ලැබෙන පැමිණිලි ඉහළයාමත් සමග අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන බවයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කෙසේවෙතත් අදාළ පනත් කෙටුම්පතට විරෝධය පරකමින් ඊයේ දිනයේදී ද විරෝධතා කිහිපයක් පැවැත්වුණා. එම විරෝධතාවන්ට එක්ව සිටි සිවිල් සංවිධාන නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පලකළා.

තව කියවන්​න

ආසියානු ක්‍රිඩා මලල ක්‍රිඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිකරදුන් තරුෂි කරුණාරත්නට රුපියල් ලක්ෂ 150ක මුදල් ත්‍යාගයක් ලබා දීමට ක්‍රිඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එමෙන්ම ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දෙන රිදී පද්ක්කමක් සදහා රුපියල් ලක්ෂ 100ක් සහ ලෝකඩ පදක්කමක් සදහා රුපියල් ලක්ෂ 50ක් පිරිනැමීමට නියමිතයි. මේ අතර රන් පදක්කමක් දිනු තරුණි කරුණාරත්න වෙනුවෙන් ඉඩමක් ලබා දීමට ඉඩමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුවය ඇයට කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ඉඩමක් හිමිවනු ඇති.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහිවයි. දිල්ලි හිදී පැවැත්වෙන තරගය අද පස්වරු 02ක ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආබාධයක් හේතුවෙන්  දග පන්දුයවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණට අද තරගයට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුණු 81 ජයක් ලබන්නට පාකිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානට පන්දුවාර 49කදි සියල්ලන් දැවී ලකුණු 286ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 41ක් තුළ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 205ක් පමණයි.

තව කියවන්​න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබද කතෝලික රදගුරු සභාව සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික රදගුරු සංගමය විසින් අධ්‍යනය කිරිමෙන් පසු මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි. අදාළ විමර්ශන වාර්තාව පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කතෝලික රදගුරු සංගමය වෙත භාර දී තිබුණා. මේ සම්බන්ධයෙන් හැරල්ඩ් ඇන්තනි රදගුරු හිමියන් සමග මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සිදුකිරීමට එකග විමේ හැකියාවක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය…

තව කියවන්​න

මිල ප්‍රදර්ශනය නොකරන පොල් තෙල් වෙළෙදසැල්වලට මුද්‍රා තබන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ මෙරට අලෙවි කරන සියලුම වර්ගයේ පොල්තෙල්වල අදාළ වර්ගය සහ මිල මුද්‍රිතව ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවයි. ප්‍රමිතියෙන් තොර පොල්තෙල් අලෙවිකරන වෙළදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට බලය පවරා ඇති බව ද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කළා. වෙළෙදපොල තුළ පිලිකාකාරක පොල්තෙල් අලෙවි වන බවට පැමිණිලි ලැබී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

රුපියල් දොලොස් කෝටි විසි ලක්ෂයක් වටිනා ” කුෂ් ” නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 18 බරැති  තොගයක් කැනඩාවේ සිට ත්‍යාග ලෙස සදහන් කරමින් , ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ලිපිනයකට එවා තිබියදී පෑලියගොඩ මිඩ්කෝ ගුදම් බඩු ගබඩාවේ සේවය කරන රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (06) දින සවස  අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. මෙම පෙට්ටි තුන කැනඩාවේ සිට භාණ්ඩ ප්‍රවාහනය කරන බහාලුමක් තුළ බහා ශ්‍රී ලංකාවට එවා තිබුණි . මෙම ත්‍යාග පෙට්ටි තුනී ලෑලි වලින් සකස් කර, ඒවායේ ව්‍යාජ පතුල් තුළ මෙම ” කුෂ් ” නැමැති ගංජා තොගය සඟවා තිබී තිබෙනවා. මෙම ගංජා තොගය අත් අඩංගුවට…

තව කියවන්​න

ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. නිරිතදිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි  එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර මාතර නිල්වලා ගඟේ ආරක්ෂක බැමි කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ නිල්වලා ගඟ අවට පහත් බිම්වල ගංවතුර…

තව කියවන්​න

බන්ධනාගාරගතව සිටින ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නර්ගීස් මොහොම්මදී 2023 නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබා තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඇය කළ මෙහෙවර උදෙසායි මෙම නොබෙල් සාම ත්‍යාගය ඇයට පිරිනමා ඇත්තේ. ඉරාන පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය මාසා අමීනි වෙනුවෙන් යුක්තිය ඉල්ලා නර්ගීස් එරට වීදි සටන් ආරම්භ කළා. පසුව ඇයව ඉරාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර තිබුණා. නොබෙල් සාම ත්‍යාග කමිටුව සදහන් කළේ ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන නොබෙල් සාම ත්‍යාග ප්‍රධානෝත්වය සදහා සහභාගි වීමට ඇයට නිදහස හිමිවනු ඇති බවයි.

තව කියවන්​න

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී අනතුරට ලක්ව මියගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට උසස් කර තිබෙනවා. රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජිවිතක්ෂයට පත් වුනා. සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු ඊයේ පස්වරුවේම කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර 27 හැවිරිදි වියේ පසුවන ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවරයෙකු බවයි සඳහන් වන්නේ.

තව කියවන්​න