Author: Anura Premakumara

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර  තිබෙනවා. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද  පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා . ආපදා තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්යේ පාසල්, ගතවූ දින දෙක තුළ ද වසා දැමීමට පියවර ගෙන  තිබුනා.

තව කියවන්​න

වී FM රේඩියෝව සංවිධාන කරන හරි පුදුම ඉස්කෝලේ – ලෝක ළමා දින සැමරුම 2023 හෙට දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි. දිවයිනේ විවිධ අධ්‍යාපන කලාප නියෝජනය කරමින් පාසල් දරු දැරියන් විශාල පිරිසක් මෙහිදී සිය දක්ෂතා ලොවට ප්‍රදර්ශනය කිරීමට සූදානමින් පසු වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංස්කෘතික මධ්‍යස්ථාන හා කලායතන මගින්ද මෙහිදී සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම විශේෂත්වයක්. හෙට පෙ.ව. 8.00 ට සම්භාවනීය අමුත්තන් ගේ සහභාගිත්වයෙන් උත්සවය ආරම්භ වීමට නියමිතයි. වී FM – හරි පුදුම ඉස්කෝලේ – ලෝක ළමා දින සැමරුම සජීව විකාශය සමග එක්වන්න වී FM රේඩියෝව සහ වී FM youtube නාලිකාව ඔස්සේ ඔබට අවස්ථාව හිමිවනවා. වී පෙ රේඩියෝවේ ජනප්‍රිය අංගයක් වන…

තව කියවන්​න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රි ලංකාව සහභාගි වන පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබුවේ. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු දෙකට පමණ ඉන්දියාවේ දිල්ලිහිදී ආරම්භ වීමට නියමිතයි. ආබාධිත තත්ත්වයක් හේතුවෙන් මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන අතර ආබාධාවලට ලක්ව සිටි කුසල් පෙරේරාට සහ දසුන් ශානක අද තරගයට ක්‍රීඩා කිරිමට සුදුසු තත්ත්වයේ පසුවනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මින් පෙර ලෝක කුසලාන එක්දින තරගාවලීන්හිදී තරග හයකදී එකිනෙකා මුණගැසී ඇති අතර…

තව කියවන්​න

යුක්රේනයේ කාකිව්හි ගම්මානයකට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 8 හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි යුක්‍රේනය පවසනවා. යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මිසයිල ප්‍රහාරය එල්ල කළ ප්‍රදේශයේ කිසිදු යුද ඉලක්කයක් නොතිබූ අතර හුදෙක්ම එය සිවිල් වැසියන් පමණක් ජීවත්වන ප්‍රදේශයක් බවයි.

තව කියවන්​න

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ සිට පැය 15ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන  මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ 11 , 12, 13 , 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලාත්මක වනු ඇති. අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය සදහන් කළේ.

තව කියවන්​න

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, සහ නාගොඩ ප්‍රදේශවලට , කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලට මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ  කුරුවිට යන ප්‍රදේශ සදහා එන රතු නිවේදන බලපැවැත්වෙනු ඇති. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසිනුයි මෙම රතු නිවේදන නිකුත් කර ඇත්තේ. මේ අතර අද දිනය තුළ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ තවදුරටත් තද වැසි ඇදහැලුණහොත් නිල්වලා ගග දෙපස විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. මේ පිළිබද එම ගග දෙපස ජනතාව අවධානයෙන් පසුවිය…

තව කියවන්​න

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි. එම තරගය දර්මසාලාහිදී පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතයි. අනෙක් තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. දිල්ලි හිදී පැවැත්වෙන තරග පස්වරු 02ට ආරම්භවීමට නියමිතයි.

තව කියවන්​න

විදේශ ප්‍රේෂණ කැපි පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ සැප්තැම්බර් මාසයේ විදේශ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 482ක් වන බවයි. එමෙන්ම 2023 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වන විදේස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4 345ක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය 2022 වසරට සාපෙක්ෂව සියයට 68.8ක වැඩි වීමක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ.

තව කියවන්​න

තමන් දේශපාලනයෙන් සමුගැනීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍යවේදියෙකු විමසු පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රටේ ජනතාව මුහුණ දී සිටින වත්මන් ආර්ථික පීඩාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සදහන් කළා.

තව කියවන්​න

මෙක්සිකෝවේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු මෙක්සිකොවේ අධිවේගි මාර්ගයකදීයි මෙම අනතුර සිදුව ඇතතේ. සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තව කියවන්​න