Author: Anura Premakumara

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ, පාකිස්ථාන කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගය අද පස්වරු 2 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. මේ අතර ආබාධයකට ලක්වීම හේතුවෙන් මාසයකට ආසන්න කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටි මහීෂ් තීක්ෂණ අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මෙලෙස අදහස් පළ කළා.

තව කියවන්​න

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ලබන 12 වනදා සිදුකිරීමට නියමිතයි. එදින සවස 03ට රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් දැනුම් දෙනවා. ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය අද සවස අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන බව ද දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබෙනවා. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ එම කාන්තාව පිළිබඳ තොරතුරු සෙවීම සදහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වෙත අද දැනුම්දෙන බවයි. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුනා. ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයින් 8,000කට අධික පිරිසක් ජීවත් වන බවයි. මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එරට තානාපති කාර්යාලය සමග…

තව කියවන්​න

සියලුම ශ්‍රේණිවල සිසුන් දෛනිකව පාසල් පැමිණීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. එලෙස දෛනිකව පාසල් නොපැමිණියහොත් ඉදිරියේදී පැවැත්වෙන විභාග සඳහා ලකුණු නොලැබෙනු ඇති බවයි ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ . එමෙන්ම ලබන වසරේ ජනවාරි මාසයේ උසස් පෙළ විභාගය පැවැත්වුණද ප්‍රාථමික පන්ති පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

තව කියවන්​න

ඉන්දීය සාගර වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට දිනයේ මෙරටදී පැවැත්වීමට නියමිතයි. අයෝරා ලෙස නම් කර ඇති මෙම සමුළුව සදහා නියෝජිත රටවල් 23 හි විදේශ අමාත්‍යවරුන් සහභාගී වන බවයි එම සංගමය නිවේදනය කළේ. එමෙන්ම අදාළ සංගමයේ සභාපතිත්වය මෙම වසරේ සිට ඉදිරි වසර 2 ක කාලය සඳහා ශ්‍රී ලංකාවට පිරිනැමීම ද හෙට දිනයේ සිදු කරනු ලබනවා .

තව කියවන්​න

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරවා හරින බවට ඉන්දීය පොලිසියට තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවුඩ ලැබී ඇති බව වාර්තා වනවා. ඉන්දීය රජය රුපියල් කෝටි 500ක් ගෙවීමට අපොහොසත් වුවහොත් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග පැවැත්වෙන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය පුපුරුවා හරින බවට පසුගිය දා තර්ජනාත්මක ලිපියක් මුම්බායි පොලිසියට ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ වනවිට දිල්ලියේ මැන්ඩෝලි බන්ධනාගාරයේ රඳවා සිටින කුප්‍රකට පාතාල කල්ලි නායක ලෝරන්ස් බිෂ්නෝයි නිදහස් කරන ලෙසත් අදාළ ලිපිවල සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිටත් ත්‍රස්තවාදී කණ්ඩායමක් ප්‍රහාර එල්ල කිරීම සඳහා පුද්ගලයින් යොදවා ඇති බව ද අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩවල සඳහන්.…

තව කියවන්​න

ඖෂධ සඳහා වූ මිල සුත්‍රය සකස් කර අවසන් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ ශ්‍රී ලංකාවට ඖෂධ ගොඩබාන විට වැඩි වූ මුදල සලකා බලා ලාභය හා මිල ප්‍රකාශයට පත් කරන බවයි. එසේම ඇමරිකානු ඩොලරයක මිල වැඩිවන විට ඖෂධ මිල වැඩි නොවන ලෙසත්, ඩොලරයේ මිල අඩුවන විට පමණක් ඖෂධ මිල වැඩිවන ලෙසත් සලකා මෙම මිල සුත්‍රය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහා අධ්‍යයනයක් කර මහ ජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක් ම ඉවත් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදාළ බලධාරීන්ට නියෝග කර තිබෙනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය වරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට මෙම නියෝග ලබා දී  තිබේනවා. පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාතයවරයා උපදෙස් දී ඇත්තේ. මේ අතර කොළඹ නගරයේ ඇති ගස්වල ස්ථායීතාව සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ අධ්‍යනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. විශේෂඥ…

තව කියවන්​න

වාහන ආදායම් බලපත්‍ර අද සිට නිවසේ සිටම ලබා ගැනීමට අවස්ථාව පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල ජනතාවට මෙම පහසුකම ලබාගත හැකි බවයි ඔහු සදහන් කළේ. එමෙන්ම ලබන වසරේ මාර්තු 31 වනදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට වැඩපිලිවෙලක් සකස් කර තිබෙනවා.

තව කියවන්​න

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් කමාන්ඩෝ සෙබළකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම කමාන්ඩෝ සෙබළා අගෝස්තු 25 වැනිදා තලංගම ප්‍රදේශයේ දී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවකු බව සඳහන්. මෙලෙස ඔහු මියගොස් ඇත්තේ හංවැල්ල පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් බව පොලිසිය පැවසුවා .

තව කියවන්​න