Author: Anura Premakumara

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුළු 06න් පරාජයට පත් කරමින් පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 344ක්. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් සහ සධීර සමරවික්‍රම 108ක් රැස් කළා. පන්දු යැවීමේදී හසන් අලී ලකුණු 71ට කඩුළු 4ක් බිදහෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 345ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. පාකිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන ගිය මොහොමඩ් රිස්වාන නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව…

තව කියවන්​න

අමරිකාවේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන් මාරී මහත්මිය සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. අමරිකාවේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන මාරී මහත්මිය පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. සත්‍ය හා ප්‍රතිසන්ධානය පිළිබඳ පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පත සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ප්‍රධාන නීති සම්පාදන කටයුතුවලදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී…

තව කියවන්​න

මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර 8,461 ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වනවා. ඊට අදාළව රුපියල් මිලියන 490 ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලේ ලබාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී ආරම්භ කිරීමටයි කටයුතු කළේ. පැළ යම් තරමක් වර්ධනය වූ පසු කුඹුරේ සිටුවීම නිසා අවම පොහොර ප්‍රමාණයක් භාවිත කෙරෙන අතර, මුල් අවදියේ වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම ද මෙම ක්‍රමයෙන් ගොවීන්ට වාසියක් ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා.

තව කියවන්​න

2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ කාල සටහන නිකුත් කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම කාලසටහන නිකුත් කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ. විභාගය සඳහා තුන් ලක්ෂ 42,883 දෙනෙකු අයදුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියා. 2024 ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැතවීමට කටයුතු යොදා තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

තව කියවන්​න

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ගාස්තු ඉහළ දැමීමට අනුමැති දෙන දිනයේ සිට එය ක්‍රියාත්මක වන බවයි එම කොමිසම පැවසුවේ . එමෙන්ම මහජන උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ගැනීමට දින 21 ක කාලයක්ද ලබා දී තිබෙනවා. ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ඉන් පසුව අනුමැතිය ලබා දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බව ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කලා.

තව කියවන්​න

ඉන්දීය සාගර වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ මෙරටදී පැවැත්වීමට නියමිතයි. අයෝරා ලෙස නම් කර ඇති මෙම සමුළුව සදහා නියෝජිත රටවල් 23 හි විදේශ අමාත්‍යවරුන් සහභාගී වන බවයි එම සංගමය නිවේදනය කළේ. එමෙන්ම අදාළ සංගමයේ සභාපතිත්වය මෙම වසරේ සිට ඉදිරි වසර 2 ක කාලය සඳහා ශ්‍රී ලංකාවට පිරිනැමීම ද අද දිනයේ සිදු කරනු ලබනවා . මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට පෙර ඉන්දීය සාගර වටද්දර සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව ද පැවැත්වෙනවා . මේ අතර ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර…

තව කියවන්​න

ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන අද දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි . ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව මෙරට තුල පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරනු ඇති ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 4ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙනු ලබනවා. එය 2030 වන විට සියයට 15 ක් දක්වා වර්ධනය කර ගැනීමයි රජයේ සැලසුම වී ඇත්තේ .

තව කියවන්​න

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු රජයේ පාසල් අද සිට යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසනවා. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් පසුගිය 09 සහ 10 දිනයේ වසා දැමීමටයි අධ්‍යාපන බලධාරීන් පියවර ගනු ලැබුවේ. ඒ අනුව මේ වන විට එම ප්‍රදේශවලට යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බැවින් පාසල් යළි විවෘත කිරීමට තීරණය කළ බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා සදහන් කළා. කෙසේවෙතත් ඇතැම් පාසල් මේ වන විට ආරක්ෂිත කඳවුරු ලෙස යොදාගෙන තිබෙන අතර, තවත් පාසල් කිහිපයක ගොඩනැගිලි පැවති ආපදා තත්ත්වය හේතුවෙන් විනාශයට පත්ව ඇති බවද සඳහන් .…

තව කියවන්​න

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. එමෙන්ම කාන්තාවගේ සමාජ සුරක්ෂිතතාව වෙනුවෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි ඇය සදහන් කලේ . ඒ වෙනුවෙන් දිස්ත්‍රික් 10 ක් ආවරණය වන පරිදි කාන්තා රැකවරණ මධ්‍යස්ථාන ඉදි කිරීමට සැළසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළා. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගයේ නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 344ක් ලබාගැනීමට සමත් වූවා. කාසියේ වාසියේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 344ක් ලබාගත්තා. එහිදි ශතක දෙකක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම සමත් වුවා. ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 122ක්ද සධීර සමරවික්‍රම ලකුණු 108ක්ද ලබාගත්තා. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ලබාගත හැකි වූයේ ලකුණු 51ක් පමණයි. ධනංජය සිල්වා ලකුණු 25ක්ටත් දසුන් ශානක ලකුණු 12කටත් දුනිත් වෙල්ලාලගේ ලකුණු…

තව කියවන්​න