- යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
- ෂැනන් වතු නිවාස පෙළක ගින්නක්
- අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
- තෙල් බෙදුම්කරුවන් අද CIDයට
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කැසිනෝ ව්‍යාපාරිකයින්ට දැනුම් දීමක්
- ශ්‍රී ලංකාවේ තිරසාරභාවය ගැන පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්
- ගනේමුල්ල සංජිව ඝාතනයේ වෙඩික්කරැ සිදු කළ තවත් අපරාධ පිළිබදව හෙළිදරව්වක්
- සේවා අපනයනකරැවන්ට පනවන බදු පිළිබද විශේෂ පැහැදිලි කිරීමක්
Author: Anura Premakumara
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. අද දිනයේ කාලගුණ තත්ත්වය පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා මෙලෙස අදහස් පළ කළා.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීම්වලට රජය විසින් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම විරෝධතාව පවත්වන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ. මෙම විරෝධතාවයට වෛද්‍යවරුන් 2,000 ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිත බවද ඒ මහතා සදහන් කළා.
විනය උල්ලංඝනය කළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂ මට්ටමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඊයේ එම පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදියි මෙම තීරණය ගෙන ඇත්තේ. මෙහිදි පක්ෂයේ විනය උල්ලංඝනය කළ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් ද කර තිබෙනවා. එම සාකච්ඡාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, ප්‍රේමනාත් සී.දොලවත්ත, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන සහ රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
ව්‍යාජ ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කළ ආයතනවල හිඟ බදු මේ මස 30 වනදාට පෙර ගෙවීමට කටයුතු නොකරන්නේ නම් එම ආයතනවල බලපත්‍ර අහෝසි කරන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසනවා. රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුවට එම දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදියි මේ බව සදහන් කළේ. මේ අතර ව්‍යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 50,000 කට වැඩි ප්‍රමාණයක් පසුගිය කාලය තුළ සොයා ගත් බවද සුරා බදු කොමසාරිස්වරයා මෙහිදි සදහන් කළා. සුරා බදු කොමසාරිස් චන්ද්‍රසිරි සිල්වා, රජයේ ගිණුම්කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ යන මහත්වරුන් එහිදි මෙලෙස අදහස් පළ කළා.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය කඩවත පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් තිබෙනවා. බෙරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන ඒමටයි කටයුතු කර තිබුණේ. ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට දිනයේදී සිදු කිරීමට නියමිතයි. රිය අනතුරකට ලක්ව මාස 14 ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පසුගිය 9 වන දා අභාවප්‍රාප්ත වුණා. අනතුරුව දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කළ අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා කලාකරුවන්, විද්වතුන්, දේශපාලනඥයින් සහ මහා සංඝරත්නය ඇතු`ඵ ආගමික නායකයන් මෙන්ම ජැක්සන් ඇන්තනී මහතාගේ ප්‍රේක්ෂකයින් ද පැමිණ තිබුණා. මේ අතර…
එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති 07වැනි තරයෙන් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 137න් පරාජයට පත් කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 364ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු දෙකක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූතපිරිස කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ. ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකු ද සංචාරය සඳහා එක්ව තිබෙනවා.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා තිබෙනවා.
ප්‍රධාන මාර්ගයේ ඇති වූ දුම්රිය ප්‍රමාදය යතා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ගනේමුල්ල සහ පල්ලෙවෙල අතර දුම්රිය මාර්යේ හටගත් සංඥා දෝෂයක් හේතුවෙන් අද පෙරවරු 4.45 සිට දුම්රිය ප්‍රමාදය සිදුව තිබුණා. ඒ අනුව මේ වන විට සංඥා දෝෂය යතා තත්ත්වයට පත් කර ඇති අතර, දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේ.
ඊශ්‍රායල – පලස්තීන යුධ ගැටුම් හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙම යුධ ගැටුම් අතරතුරදී ගාසා තීරයේ දේශසීමා ප්‍රදේශ හමාස් කණ්ඩායමෙන් යළිත් අත්පත් කර ගැනීමට ඊශ්‍රායලය කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර ඊශ්‍රායලයට සහය ලබා දීම සඳහා අමෙරිකානු සොල්දාදුවන් ලබා දීම දෙගුණයකින් වැඩි කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කර තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222