- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: Anura Premakumara
වී වගාව සදහා රජය මගින් ලබා දෙන පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඊට අදාළ අවශ්‍ය පියවර ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බවයි. ඇතැම් කුඹුරු හිමියන් විසින් වගා කරන ගොවීන් කලින් කලට වෙනස් කිරීම හමුවේ පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීම ප්‍රමාද වන බව ද අමාත්‍යවරයා සදහන් කළා. මේ අතර මෙවර යල කන්නයේදී පොහොර මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 5.4ක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙනවා.
රජයේ මර්ධනකාරී වැඩපිළිවෙල හමුවේ සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී දැඩි කරන බව ගුරු – විදුහල්පති එකමුතුවේ කැදවුම්කරු පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. ගුරු – විදුහල්පතිවරුන් කොළඹදී පැවැත්වු විරෝධතාවට පොලිසිය එල්ල කළ ප්‍රහාරය පිළිබද අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. සුමංගල හිමියන් පැවසුවේ මෙම ප්‍රහාරය පිළිබද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීමට අවශ්‍ය ප්‍රධාන අදියර දෙකක් මේ වන විට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියට ඇත්තේ පෞද්ගලික ණය හිමියන් සමග එකගතාවකට පැමිණිම පමණක් බවයි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් ණය ගෙවන කාලය 2043 වසර දක්වා දීර්ඝවීමක් සිදුවන බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී කාරක සභාව රැස්වීමට නියමිතයි. ජනාධිපතිවරයා එළඹෙන දෙවන දා පාර්ලිමේන්තුවට සිදුකිරීමට නියමිත ප්‍රකාශය පිළිබද විවාදයක් ලබා ගැනීමේ යෝජනාව විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් අද රැස්වන පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරනු ඇති. එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතියේ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
2024 කන්ද උඩරට ඇසළ පෙරහැර මහා මංගල්ලය පවත්වන දින නිවේදනය කර තිබෙනවා. ඒ අනුව අනුව පළමු කුඹල් පෙරහැර ලබන අගෝස්තු මස 10 වනදා ආරම්භ අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 15 වැනිදා ආරම්භ වන අතර, අවසන් මහ රන්දෝලි පෙරහැර අගෝස්තු 19 වනදා වීදි සංචාරය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මීට අමතරව දහවල් පෙරහැර අගෝස්තු 20 වැනිදා පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.
රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් චක්‍රලේකයක් නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වනවා. ඊට අදාළ චක්‍රලේක විධිවිධාන එළඹෙන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.
පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේදී ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පුජ්‍ය කරගොඩ, උයන්ගොඩ මෛත්‍රි මුර්ති මහා නායක හිමියන් බැහැදැකීමට බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ගුරුවරුන් සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ ගුරු වෘත්තියේ ගරුත්වය අහිමි වන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද පැවැත්වෙනවා. ඒ අනුව පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතයි. මේ අතර අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08 ආරම්භ වීමට නියමිතයි. එහිදී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම තරගවැදීමටයි නියමිතව ඇත්තේ.
මතභේදාත්මක බදු වැඩි කිරීම් ඇතුළත් මූල්‍ය පනත ඉල්ලා අස් කර ගැනීමට කටයුතු කරන බව කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ පවසනවා. මෙම පනතය විරෝධය පල කරමින් දහස් සංඛ්‍යාත කෙන්යානු වැසියන් වීදී වලට බැස විරෝධය පළ කර අතර, පසුව එරට පාර්ලිමේන්තුවට ගිනි තැබීමටයි කටයුතු කළේ. ඒ අනුව ජාතිය අමතමින් ජනතා මතය පිළිගන්නා බවත්, ඒ අනුව මෙම පනතට අත්සන් නොකරන බවත් ජනාධිපතිවරයා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. කෙන්යානු ජනතාවගේ ප්‍රධාන ආහාරයක් වන පාන් මිල සියයට 16කින් ඉහළ දැමීමට මෙම පනත හරහා යෝජනා වී තිබුනා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. 2021 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත් වූ ඔහු කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදුකිරීමටයි දායක වුණේ. මීට අමතරව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තාක්ෂණික මධ්යස්ථානෙයේද කටයුතු කල අතර මෙම ඉල්ලා අස්වීමත් සමග ඔහු එම ධුරයෙන්ද ඉවත් වී තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222