- යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
- ෂැනන් වතු නිවාස පෙළක ගින්නක්
- අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
- තෙල් බෙදුම්කරුවන් අද CIDයට
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කැසිනෝ ව්‍යාපාරිකයින්ට දැනුම් දීමක්
- ශ්‍රී ලංකාවේ තිරසාරභාවය ගැන පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්
- ගනේමුල්ල සංජිව ඝාතනයේ වෙඩික්කරැ සිදු කළ තවත් අපරාධ පිළිබදව හෙළිදරව්වක්
- සේවා අපනයනකරැවන්ට පනවන බදු පිළිබද විශේෂ පැහැදිලි කිරීමක්
Author: Anura Premakumara
ඇෆ්ගනිස්ථානයේ යළි භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රභලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පසුගියදා ඇති වූ භූ කම්පන තත්ත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයන් 2400 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
රට ගොඩනැගීමේ අනාගත නායකත්වය බිහි වන්නේ පාසල් තුළ ක්‍රියාත්මක ශිෂ්‍ය පාර්ලිමේන්තුව තුළින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සැසිවාරය කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවති අතර එහිදි අදහස් පළ කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් රගපෑම් සිදු කරන බවත් අවාසනාවකට ඇතැම් මන්ත්‍රීවරුන් සිය රගපෑමේ සීමාව නොදන්නා බවත් ජනාධිපතිවරයා එහිදි පැවසුවා.
මෙරට ජනතාව ජීවත් කරවීම රජයේ අරමුණ වන්නේ නම් රජයේ පවුල් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩුව පිරවීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සදහන් කළා.
වර්තමාන ආණ්ඩුව මෙරට ජල සම්පත විකිණීමේ උත්සහයක නිරත වන බවත් ඒ සදහා පනත් කෙටුම්පතක් ද ගෙනවිත් තිබෙන බවත් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.
පසුගිය සැප්තැම්බර් 17 වනදා මාලිගාකන්ද අධිකරණය ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මෝටර් රථයක් සමග මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. එම වෙඩි තැබීමෙන් අවුරුදු 6 ක දැරියක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම හේතුවෙන් එලෙස මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවයි මහලේකම්වරිය දැනුම් දී ඇත්තේ. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා විසින් ඒ සදහා සුදුසු අපේක්ෂකයාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට නියමිතයි. එලෙස මීළඟට පත්වන මන්ත්‍රීවරයා නම් කළ පසු ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා.
පලස්තීනයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලට ගොඩබිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සදහා ඊශ්‍රායලය හමුදා භටයින් ලක්ෂ 3 ක ප්‍රමාණයක් ගාසා තීරය ආසන්නයට කැඳවා තිබෙනවා. මෙම ප්‍රහාර එල්ල කිරීම සදහා අමෙරිකාවේද සහාය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර ඊශ්‍රායලය විසින් අනතුරු ඇඟවීමකින් තොරව බෝම්බ ප්‍රහාර එල්ල කරන සෑම අවස්ථාවකම ප්‍රාණ ඇපකරුවන් එක් අයෙකු බැගින් මරා දමන බව හමාස් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එලෙස එල්ල කළ බෝම්බ ප්‍රහාර හමුවේ මේ වන විටත් ප්‍රාණ ඇපකරුවන් මරා දමා ඇති බවටයි වාර්තා වන්නේ.
ගංවතුරෙන් පීඩාවට පත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවට රතු කුරුස සමාජයෙන් ජල බෝතල් ලීටර් 15,000 ක් ප්‍රදානය කර තිබෙනවා. එම ජලබෝතල් ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා වෙත භාර දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ. ගංවතුර තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ලිං සහ පානීය ජල මූලාශ බොහෝමයක් අපවිත්‍ර වී තිබෙනවා. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ජාත්‍යන්තරයේ අවදානය ලබා ගැනීමට අභියාචනයක් ඉදිරිපත්කරන ලෙස ද අමාත්‍යවරයා එහිදි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඊශ්‍රායල, පලස්තීන ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හට නැවත මෙරටට පැමිණීම සදහා අවස්ථාව තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඒ අනුව රාජ්‍ය ගුවන් යානයක් භාවිතා කරමින් ඔවුන්ට ඊශ්‍රායලයෙන් පිටවිය හැකි බවයි ඒ මහතා සදහන් කළේ. ඊශ්‍රායල ජනගහන සහ සංක්‍රමණ අධිකාරියේ සහ මෙරට විදේශ අමාත්‍යාංශයේ අවසරය ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියේදී ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා.
චීනයේ පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ යළි දිවයිනට පැමිණ තිබෙනවා. චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ. ඔවුන් පිළිගැනීම සදහා දෙමව්පියන්, වළල ඒ. රත්නායක විද්‍යාලයේ ගුරුවරුන්, ආදි ශිෂ්‍යයන් සහ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින් විශාල පිරිසක් ගුවන් තොටුපල පරිශ්‍රයට පැමිණ සිටි බවද ඔහු සදහන් කළා. එහිදි කාන්තා මීටර් 800 රන් පදක්කම දිනූ තරුෂි කරුණාරත්න සහ හෙල්ල විසිකිරීමේ තරගයේ රිදී පදක්කම දිනා ගත් නදීෂා දිල්හානි ලේකම්ගේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කළේ ඔවුන්ගේ මීළඟ ඉලක්කය එළඹෙන ඔලිම්පික් තරගාවලියට සහභාගිව පදක්කමක් දිනා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222