- යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
- ෂැනන් වතු නිවාස පෙළක ගින්නක්
- අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
- තෙල් බෙදුම්කරුවන් අද CIDයට
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කැසිනෝ ව්‍යාපාරිකයින්ට දැනුම් දීමක්
- ශ්‍රී ලංකාවේ තිරසාරභාවය ගැන පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්
- ගනේමුල්ල සංජිව ඝාතනයේ වෙඩික්කරැ සිදු කළ තවත් අපරාධ පිළිබදව හෙළිදරව්වක්
- සේවා අපනයනකරැවන්ට පනවන බදු පිළිබද විශේෂ පැහැදිලි කිරීමක්
Author: Anura Premakumara
ලක්ෂ 3 ක පමණ ඊශ්‍රායල බට පිරිසක් ගාසා තීරයට ළඟාවෙමින් සිටින බව විදෙස් වාර්තා පවසනවා. ඔවුන් ගාසා තීරය ගොඩබිමින් ආක්‍රමණය කරනු ඇති බවයි එරට ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ. හමුදා සංචිතයේ සිටි අතිරේක සොල්දාදුවන් ද මේ සදහා කැඳවා තිබෙනවා. මෙය ඊශ්‍රායල් ඉතිහාසයේ හමුදා සංචිතයේ සිටි අතිරේක සොල්දාදුවන් වැඩිම පිරිසක් කැඳවූ අවස්ථාව වනවා. එමෙන්ම මේ වන විට විදෙස්ගත වී සිටින අතිරේක සොල්දාදුවන් නැවත ඊශ්‍රායලයට ගෙන්වා ගැනීම සදහා ගුවන් යානා යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා. මේ අතර පලස්තීන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම්වලින් දෙපාර්ශවයේ 2000 කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව සදහන්. එමෙන්ම 8000 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සර ලබන 13 වන දා පැවැත්වීමට නියමිතයි. මෙම සංවත්සරය වෙනුවෙන් නව ලොතරැයිපත් වන මෙගා මිලියන් සහ මෙගා සික්ස්ටී වෙළදපොලට නිකුත් කිරීම පසුගිය දා සිදු වුණා. එම ලොතරැයිපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සිදු කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. එහිදි ගොවිසෙත ලොතරැයියේ සැප්තැම්බර් මාසයේදී බිහි වූ කෝටිපති සුපිරි ත්‍යාගලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑම් පිළිබද රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව අකුරැස්ස, පිටබැද්දර සහ හක්මන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එම නිවේදනය නිකුත් කර තිබෙනවා.
රෝගීන්ට ලබා දීමෙන් පසුව සංකුලතා ඇති වීම හේතුවෙන් පිළිකා එන්නත් භාවිතයෙන් ඉවත් කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පැවසුවේ අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ අසාදු ලේඛණගත කළ සමාගමක මැදිහත් වීමෙන් බවයි. එම සමාගමේ මැදිහත් වීමෙන් පිළිකා එන්නත් 2,250ක් මෙරටට ගෙන්නා ඇති බව ද විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා සදහන් කළා. ඖෂධ නියාමන අධිකාරියේ නිල මුද්‍රාව සහිත ව්‍යාජ ලේඛණයක් සකස් කරමින් අදාළ සමාගම ඖෂධ ගෙන්වා ඇති බව ද අනාවරණ වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකෙරන බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී…
ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයේ සුන්බුන් අතර තිබී තවත් මළ සිරුරු 18ක් සොයා ගත් බව පලස්තීන උ්ත්‍් පුවත් ඒජන්සිය පවසනවා. එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් කියා සිටියේ ප්‍රදේශයේ විනාශයට පත් නිවාස දෙකක සුන්බුන් අතරින් මෙම මෘත දේහයන් සොයා ගත් බවයා. මියගිය පුද්ගලයන් අතර ළමුන් 9 දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් වන බවයි එම පුවත් ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ.
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් ඉස්ලාමීය සටන්කාමීන් අතර ආරම්භ වී ඇති යුද්ධයේ අවසානයක් දැකීම සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ මධ්‍යවාදී විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් එක්ව හදිසි එක්සත් රජයක් පිහිටුවීමට එකඟතාවය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව අගමැති නෙත්නයාහු, බෙනී ගාන්ට්ස් සහ ආරක්ෂක ඇමැති යොඇව් ගලාන්ට්ගෙන් සමන්විත යුද කැබිනට්ටුවක් පිහිටුවීමට මෙහිදී එකඟ වූ බව ගාන්ට්ස්ගේ ජාතික සමගි පක්ෂය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. එම ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යුද කැබිනැට්ටුවෙන් හමාස් සංවිධානයට එරෙහි යුද්ධයට අදාළ තීරණයක් පමණක් ගැනෙන බවත් ඉන් පිටත කිසිදු තීරණයක් නොගන්නා බවත්ය. බෙනී ගාන්ට්ස් දේශපාලනඥයෙකු මෙන්ම හිටපු ආරක්ෂක ප්‍රධානියෙකුද වනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයෑම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. පින්නදූව සහ ඉමදූව අතර 102 වන කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ගය දෙපසම කඳු මෙලෙස නායගොස් තිබෙනවා. එම කඳු ප්‍රදේශවල ඉහළ සිටින පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථානය කරා යොමුවන ලෙසත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටිනවා.
හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 1055 දෙනෙක් මරණයට පත්ව ඇති බව ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය අද(11) ප්‍රකාශ කලා. එසේම තවත් පුද්ගලයන් 5184 දෙනෙක් තුවාල ලබා ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ. ඊශ්‍රායල ආරක්ෂ හමුදාව පවසන්නේ සෙනසුරාදා දිනයේ සිට එල්ල වූ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අවම වශයෙන් පුද්ගලයින් 1200ක් පමණ මරණයට පත්ව සිටිනවා.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක මොහොමඩ් ඩීෆ්ගේ සොහොයුරා ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානයට අනුබද්ධ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වාර්තාවල දැක්වෙන්නේ දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ හමුදාපතිවරයාගේ සහෝදරයා වන අබ්දුල් ඩීෆ් මියගොස් ඇති බවයි. එසේම ඔහුගේ තවත් ඥාතීන්ද පිරිසක්ද මියගොස් ඇති බවටයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායල හමුදාව අවස්ථා ගණනාවක් උත්සාහ කර ඇතත් ඒවායෙන් බේරි තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ඔහු මියගොස් ඇති බවයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර ඔහු හමාස් හමුදාවේ අල් අක්සා බලකායේ අණදෙන නිලධාරියා බවද වාර්තා වනවා.
අහුන්ගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට අද උදෑසන මෝටර් රථයකින් පැමිණි කිහිපදෙනෙකු වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් පලාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට බලපිටියි රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔහු 31 හැවිරිදි වියේ පසුවන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222