Author: Anura Premakumara

ඊශ්‍රායලයේ පවතින ගැටුම් හේතුවෙන් හදිසි තත්ත්වයට මුහුණදෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් හට අවශ්‍ය කරනු ලබන පහසුකම් සැපයීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලබා දී තිබෙනවා. මෙම මුදල ශ්‍රී ලංකික ශ්‍රමිකයන් හට අවශ්‍ය කරනු ලබන ආහාර, බෙහෙත් ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් සැපයිම උදෙසා ලබාදී තිබෙන බව සදහන්. එමෙන්ම ඉදිරියේදී අවශ්‍යතාවයක් මතු වුවහොත් තවදුරටත් මුදල් ලබා දීම සඳහාද විදේශ සේවා නියුක්ති කාර්යාශය විසින් මේවන විටත් අරමුදල් වෙන් කිරීමටද පියවර ගෙන තිබෙනවා. ඊශ්‍රයාලයේ සිටින ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමටත් අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

තව කියවන්​න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වනවා. එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද පෙරවරුවේ මෙරටට ළඟා වු බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා. දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම මඟී යාත්‍රා සේවය සිදු කෙරෙනු ඇති. නාගපට්නම් සිට මඟීන් පනස් දෙනෙකු ගෙන් යුත් යාත්‍රාව අද පෙරවරු 11.30ට පමණ කන්කසන්තුරය වරාය වෙත ළඟා වී තිබෙනවා.

තව කියවන්​න

2010-2015 අතර කාලයේ ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇති බව සදහන්. කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබෙනවා. ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන බව සදහන් . ඒ අනුව රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට බදු දීමට තීරණය කර තිබෙනවා. දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතිනවා .

තව කියවන්​න

හමාස් සංවිධානයේ ගාසා නගරයේ ගුවන් මෙහෙයුම් මෙයෙවන ලද ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරයෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මරණයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා. අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් හමාස් සංවිධානයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි. ප්‍රහාරක ජෙට් යානා මගින් හමාස් හි මෙහෙයුම් මධ්‍යස්ථානයකට ඊශ්‍රායල එල්ල කරන ප්‍රහාරයකින් මුරාද් අබු මුරාද් නමැති හමාස් ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදාපතිවරයා මියගොස් ඇති බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

තව කියවන්​න

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා හට අද  සිට තවත් සති තුනක් ඉදිරියට සේවා දිගුවක් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් මෙම සේවා දිගුව ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. පොලිස්පති ධූරයේ කටයුතු කරන සී.ඩී. වික්‍රරමරත්න මහතාට ලබා දී තිබූ දෙවන සේවා දිගුව පසුගිය 09 දා අවසන් වුණා. 2020 නොවැම්බර් මස එම ධුරය භාරගත් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු මස 25 වනදා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණා. පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබා දෙනු ලැබුවා එම සේවා දිගුව පසුගිය ජූනි මස 9 වනදා යළි දීර්ඝ කරනු ලැබුවේ තවත් මාස 3ක කාලයක්…

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාපධිති මාධ්‍ය අංශය සදහන් කළා. ජනාපධිති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාපධිති ෂි ජිං පිං මහතා හමුවී සකාච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායල අගමැති ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ සෙනසුරාදා දිනයේදී එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව හමාස් සංවිධානය විනාශ කර දැමීම අභිප්‍රාය බවයි. එසේම ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඅව් ගලාන්ට් කියා සිටයේ හමාස් සංවිධානය පෘථිවියෙන් අතුගා දැමීමට කටයුතු කරන බවයි. ගොඩබිමින්, මුහුදෙන් සහ ගුවනින් යන බහුවිධ ආකාරයෙන් ඊශ්‍රායලයට පහසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය ප්‍රහාරයක් එල්ල කළා. හමාස් සංවිධානය මෙම ප්‍රහාරය නම් කර තිබෙන්නේ අල් අක්ෂා ප්‍රහාරය යනුවෙනි. මේ අතර හමාස් සංවිධානය එල්ල කරන ලද ප්‍රහාරයට ඊශ්‍රායල පොලිසිය ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වූ බවට ඊශ්‍රායල මාධ්‍ය විසින් නගන චෝදනාව ඊශ්‍රායල පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පොලිස් ප්‍රකාශක ඩීන් එල්ස්ඩුන් ඊශ්‍රායලයේ දකුණු දිග නගරයක් වන ස්ඩෙරොට්හිදී මාධ්‍ය අමතමින් කියා…

තව කියවන්​න

‍ෙඊශ්‍රායල වෛද්‍යවරුන් හමාස් සංවිධානයේ සාමාජිකයෙකුට ප්‍රතිකාර කරන බවට වාර්තා වීමත් සමගින් අන්ත දක්ෂිණාංශික ඊශ්‍රායල විරෝධතාකරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ටෙල් අවිව්හි ප්‍රධාන රෝහලක් ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා. එම විරෝධතාකරුවන් පැය තුනක පමණ කාලයක් රෝහලේ හදිසි ප්‍රතාකර ඒකකයේ ප්‍රධාන පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටි බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයේදී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල සෙබළුන්ගේ හිස ගසා දමා කාන්තාවන් දූෂණය කළ බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. මේ අතර ගාසා තීරයේ තිබූ එකම බලාගාරයේ ඉන්ධන අවසන්වීම හේතුවෙන් වසා දැමුණා. එලෙස බලාගාරය වසා දැමීමෙන් පසුව ගාසා තීරයේ වැසියන් දිනෙන් දින වර්ධනය වන අවිනිශ්චිතතාවයකට මුහුණදී සිටින බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ගාසා තීරය වට කර ඇති අතර කිසිදු සැපයුමක් ගාසා තීරයට සැපයීමට ඔවුන් අවස්ථාව ලබාදී නෑ. ඒ හේතුවෙන් ඉන්ධන, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සැපයුම් සැපයීමට අවස්ථාවක් නොමැති වීමෙන් මෙලෙස ගාසාහී බලාගාරය නවතා දැමීමට සිදව තිබෙනවා. ජාත්‍යන්තර නීති විශේෂඥයන් පවසන්නේ මෙය ජාත්‍යන්තර මානුෂීය…

තව කියවන්​න