Author: Anura Premakumara

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් නිල සංචාරයක් සඳහා ඊයේ දිනයේදී කොළඹ වරායට සේන්දු වූණා . ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව සම්ප්‍රදායානුකුලව පිළිගැනීමටයි කටයුතු කලේ . මෙම නෞකාව, දිගින් මීටර් 112 ක් වන අතර එය දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුලදී එහි කාර්යමණ්ඩල නිලධාරින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද එක් වුණා . එමෙන්ම අදාළ නෞකාව සිය නිල සංචාරය නිමාකරමින් අද දින දිවයිනෙන් පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ .

තව කියවන්​න

චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් සික්ස් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ වාණිජ මුහුදු කලාපයට ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා . එමෙන්ම අදාළ මාධ්‍ය පවසන්නේ එම නෞකාවට මෙරටට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින්ද අවසර ලබා දී ඇති බවයි . කෙසේවෙතත්, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ මෙම පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙසට ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සලකා බලමින් පවතින බවයි . කෙසේවෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයා පසුගිය 11 වැනිදා කොළඹදී කළ සාකච්ඡාවේදී මෙරට ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් හිමි වී නොමැති බව ද එම…

තව කියවන්​න

ලෝකයේ මේ වන විට පවතින යුද ගැටුම් පිලිබදව ආමන්ත්‍රණය කිරිම සදහා ගෝලීය එකමුතුවක ඇති අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවධාරණය කර තිබෙනවා . පසුගිය සිකුරාදා කොළඹදි සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ . හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා විසින් අදහස් පල කළා . ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය සහ ගෝලීය වශයෙන් ඇති විය හැකි බලපෑම පිළිබඳව ද අවධානය යොමු කල යුතු බවයි .

තව කියවන්​න

ඊශ්‍රායලය දකුණ ලෙබනනයේ දේශසීමාව වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්. ඊශ්‍රායලය ඊයේ දකුණු ලෙබනන දේශසීමාවේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එලෙස ප්‍රහාර එල්ල කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ සමග ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම් ක්‍රියාත්මක වී තිබෙනවා. මේ අතර දින 8ක් පුරා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ක්‍රියාත්මක ගැටුම්වලින් දෙපාර්ශ්වයේම මිය ගිය පිරිස 3,200 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

තව කියවන්​න

විත්තිකරුවන්ට දඬුවම් නියම කරනු ලබන ක්‍රමවේදය වෙනස් කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා. අධිකරණවල සිදුවන නඩු පමාව අවම කිරීමේ කඩිනම් පියවරක් වශයෙන් මෙම නව පනත නුදුරේදීම ගෙන ඒමට නියමිත බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ. නව පනත යටතේ, වරදකරුවෙකුට මුල් අවස්ථාවේම සිය වරද පිළිගැනීම මගින් කඩිනමින් නඩුව අවසන් කිරීමට හැකි බවයි අමාත්‍යවරය සඳහන් කලේ. එමෙන්ම අධිකරණය විසින් දැඩි දඬුවම් පැනවීම හේතුවෙන් බොහෝ වරදකරුවන් තම වරද පිලිගැනීමට මැලි කමක් දක්වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

තව කියවන්​න

ජපාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ කලාපයක් මෙරට ඇති කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ සඳහා බිංගිරිය හා ඉරණවිල යන ප්‍රදේශ තෝරාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් . මේ අතර රට පත්ව ඇති ආර්ථික අර්බුධයෙන් ගොඩ ගැනීම සඳහා රජයට නිසි වැඩ පිළිවෙලක් නොමැති බවයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සඳහන් කලේ .

තව කියවන්​න

රටතුල ඇති අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට පියාවර ගත යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ඇය සඳහන් කරන්නේ සංචාරකයින් බහුලව ගැවසෙන කොළඹ වැනි ප්‍රදේශයන්හි අධි ආරක්ෂක කලාප පැවතීම හේතුවෙන් සංචාරකයින් පිඩාවට පත් වන බවයි. කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පල කලා.

තව කියවන්​න

ජෝර්දානයේ සිට නීති විරෝධීව ඊශ්‍රායලයට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊශ්‍රායල් ආරක්ෂක අංශ විසින් . මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද පවසා සිටිය නමුත් මෙතෙක් ඔවුන් ලාංකිකයන්ද යන්න තහවුරු කර නැහැ.

තව කියවන්​න

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1900 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් සියයට 60ක් කාන්තාවන් සහ කුඩා දරුවන් බව සදහන් . ඒ අනුව කුඩා දරුවන් 614 දෙනෙකු සහ කාන්තාවන් 370 දෙනෙකු ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ .එමෙන්ම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයන් සංඛ්‍යාව 7500 ඉක්මවා තිබෙනවා. මේ අතර පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්ප නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍ය සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එමෙන්ම මෙම ගැටලුව විසඳීම සඳහා නැගෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස සලකා ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කිරීම…

තව කියවන්​න

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව සහ පාකිස්ථානය අතර තරගය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පස්වරු 02කට තරගය ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය නැරඹීමට විශාල ක්‍රිඩා ලෝලින් පිරිසක් මේ වන විටත් අහමදාබාද් ක්‍රිඩාංගනයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දිය කණ්ඩායම රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් ද පාකිස්ථානය බාබර් අසාම්ගේ නායකත්වයෙන් ද අද තරගයට එක්වනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ක්‍රිඩා කර ඇති අතර එම තරග දෙකම ජයගෙන තිබෙනවා. එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දිය කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවන අතර පාකිස්ථානයට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි. මේ අතර අද පැවැත්වෙන ඉන්දු පාකිස්ථාන…

තව කියවන්​න