Author: Anura Premakumara

කොත්මලේ, වෑතලාව ගම්මානයේ පොළව අභ්‍යන්තරයේ පවතින බවට ගම්මුන් පවසන අසාමාන්‍ය ශබ්දය පිළිබද පුර්ණ සොයා බැලීමක් අද සිදු කිරීමට නියමිතයි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ එම ගම්මානයේ පවුල් 50 ක පමණ පිරිසක් රාත්‍රි කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි. මෙම ගම්මානය කඳු රහිත තැනිතලා බිමක පවතින බවත්, නිරන්තරයෙන් එහි පොළව අභ්‍යන්තරයේ විවිධ ශබ්ද ඇසෙන බවට ගම්මුන් විසින් කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම්දීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා. මෙම තත්ත්වය බියවීමට හේතුවක් නොවන බවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කළා.

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා ඊයේ රාත්‍රියේ චීනය බලා පිටත් වුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා චීන රජය සමග සාකච්ඡා කරනු ඇති. එක් තීරයක් එක් මාවතක් යන මැයෙන් පැවැත්වෙන සමුළුවට ද රනිල් වික්‍රමසිංහ මහතා එක්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව චීනයේ සංචාරයක නිරතවන පළමු අවස්ථාව මෙය වනවා. මේ අතර අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත් පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මීට අමතරව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන…

තව කියවන්​න

නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිල්වලා ගංගා ද්‍රෝණිය අවට ජනතාවට මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිල්ලක් දක්වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව ඊයේ උදෑසන 9 සිට අද පෙරවරු 09 දක්වා ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා. විශේෂයෙන් මෙම අනතුරු ඇඟවීමත් සමඟ අතුරු මාර්ග භාවිත කරමින් රිය ධාවනය කරන රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එමෙන්ම බදුල්ල , මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, මාතලේ, මහනුවර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ සදහා නිකුත් කර ඇති නායයෑම් අවදානම් තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි…

තව කියවන්​න

බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක්කර ආපදා තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස බණ්ඩාරවෙල පාසල් 144ක විදුහල්පතිවරුන්ට දැන් වූ බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් පවසනවා. එමෙන්ම ආපදා තත්වයක් ගැන මුලිකව දර්ශනය වන්නේ නම් අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලයද අදාල පාසලේ විදුහල්පතිවරුන්ට පවරා තිබෙන බවයි ඔහු සදහන් කළේ. මෙම ප්‍රදේශවලට දැනට පවතින අධික වර්ෂාව සහ නාය යෑමේ අනතුරු හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙන් හල්දුම්මුල්ල කොස්ලන්දේ පාසල් තුනක් අද දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා. මීරියබැද්ද, මකල්දෙණිය…

තව කියවන්​න

නැගෙනහිර පලාතේ  ගුරුවරුන්ට  උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරිම සම්පූර්ණයෙන් තහනම් කරමින් පලාත් අධ්‍යාපන ලේකම්වරයා විසින්  චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා. පාසල් වල තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හා සති අන්ත දිනවල මුදල් අයකර ඉගැන්වීම තහනම් කරමිනුයි මෙම චක්‍රලේකය නිකුත් කර ඇත්තේ. මෙම නියෝග කඩ කරණ ගුරුවරුන් සම්බන්ධයෙන් අධීක්ෂණය කිරිම සදහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට,විෂය සම්බන්ධීකාරකවරැන්ට හා පාසල් අධීක්ෂණ නිලධාරීන්ට මෙම චක්‍ර ලේඛයෙන් බලය පවරා තිබෙනවා.

තව කියවන්​න

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චීනයේ සංචාරයක නිරතවීමට නියමිතයි. එක් තීරයක් එක් මාවතක් සමුලුව ලබන 17 සහ 18 දක්වා බීජිං හිදී පැවැත්වෙන අතර, ඊට සහභාගිවීම සදහායි රුසියානු ජනාධිපතිවරයා චීනයට යෑමට නියමිතව ඇත්තේ. එහිදී රුසියානු ජනාධිපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පින් හමුවීමටද නියමිතයි.

තව කියවන්​න

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. කුඩා බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීම හේතුවෙන් අද අලුයම එම අනතුර සිදු ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. අනතුරින් තවත් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මඟීන් 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන්.

තව කියවන්​න

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ පාසල් තුනක් හෙට දිනයේදී වස දැමීමට තීරණය කර තිබෙනවා. හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශයට මතුවී ඇති නායයාමේ අවදානම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව මීරියබැද්ද, මකල්දෙණිය සහ ආර්නෝල්ඩ් යන පාසල් තුන හෙට දිනයේ වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. කෙසේවෙතත් එම පාසල් වල අඩු සිසුන් පිරිසක් සිටින බැවින් ආසන්න වෙනත් පාසල් වලට එම සිසුන් කැඳවා හෙට දින ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

තව කියවන්​න

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකට ලෝක කුසලානයේ තරග කිහිපයක් අහිමි වී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ පාකිස්ථානය සමග පසුගියදා පැවැති තරගයේදී දසුන් ආබාධයකට ලක්ව ඇති අතර ඔහු ස්කෑන් පරීක්ෂණයක් සදහා ද යොමුකර ඇති බවයි. ඒ අනුව දසුන් ශානකට අවම වශයෙන් සති තුනක කාලයක් විවේක ගැනීමට සිදුවනු ඇති. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීලග තරගය හෙට ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ඒ සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලක්නව් ක්‍රිඩාංගනයේදී දීර්ග පුහුණු සැසියකට එක්ව තිබෙනවා. මෙම පුහුණු සැසියට දසුන් ශානක සහ වේග පන්දුයවන ක්‍රිඩක මතීෂ පතිරණ එක්ව නොසිටි බවයි වාර්තා වන්නේ. මතීෂ පතිරණ ද…

තව කියවන්​න

අද අලුයම් කාලයේදී රික්ටර් පරිමාණයේ 6.3 ක භූමිකම්පනයක් ඇෆ්ගනිස්ථානයේ හේරට් නගරයට වයඹ දෙසින් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අදාළ භූ කම්පනයෙන් සිදු වූ හානි පිලිබදව මෙතක් වාර්තා වී නැහැ . එය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 6 ක පමණ ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ . පසුගිය දින කිහිපය තුළ එරට තුල ඇතිවූ ප්‍රබල භූ කම්පන මාලාවකින් පුද්ගලයින් දහසක් පමණ මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබුණා. එමෙන්ම මෙම නවතම කම්පනය වාර්තාවී ඇත්තේ ගළවා ගැනීමේ මෙහෙයුම් සිදුකරමින් සිටින අතරතුරදී බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

තව කියවන්​න