- යුක්රේනයට හමුදා ආධාර දීම නැවැත්වීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්
- ෂැනන් වතු නිවාස පෙළක ගින්නක්
- අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
- තෙල් බෙදුම්කරුවන් අද CIDයට
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කැසිනෝ ව්‍යාපාරිකයින්ට දැනුම් දීමක්
- ශ්‍රී ලංකාවේ තිරසාරභාවය ගැන පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්
- ගනේමුල්ල සංජිව ඝාතනයේ වෙඩික්කරැ සිදු කළ තවත් අපරාධ පිළිබදව හෙළිදරව්වක්
- සේවා අපනයනකරැවන්ට පනවන බදු පිළිබද විශේෂ පැහැදිලි කිරීමක්
Author: Anura Premakumara
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට තවදුරටත් නායයෑමේ රතු නිවේදන දීර්ඝ කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එමෙන්ම ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටද නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා. මෙය අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරන්නේ.
ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා. මෙම වසරේ ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “ජලය ජීවය සැපයීම” යන්නයි. මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මෙම වසරේ තේමාව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇති බවයි.
ප්‍රංශයේ පැවැත්වෙන 2023 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ෆීජි කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී එංගලන්තය හමුවේ 30ට 24ක් ලෙසයි ෆීජි කණ්ඩායම පරාජයට පත් වුණේ.
කදාන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේදී පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු 49 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ. ව්‍යාපාරිකයාගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබුණේ පසුගිය 5 වනදායි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී 43 හැවිරිදි ව්‍යාපාරිකයා, බිරිඳ හා දරු දෙදෙනා නිවසේ සිට ඇති නමුත් කිසිවෙකුටත් ඉන් හානියක් සිදුව තිබුණේ නැහැ.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග වැදීමට නියමිතයි. තරගය මෙරට වෙලාවෙන් පස්වරු දෙකට පමණ ඉන්දියාවේ ලක්නව්හිදි ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම සමග අවසන්වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු හතරක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.
පෞරාණික බවට සැක කරනු ලබන රත්‍රන් බුදු පිළිමයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පූනෑව, පරණ හල්මිල්ලෑව වැව ප්‍රදේශයේදී පෞරාණික බවට සැකකරනු ලබන රත්‍රන් බුදු පිළිමයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම රත්‍රන් බුදු පිළිමය අඟල් 05ක් උසැති, කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 546ක් බරැති බුදු පිළිමයක් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 සහ 32 යන වයස්වල පසුවන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූනෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ගාසා තීරයේ රෝහල් වල ඉන්ධන පවතින්නේ තවත් පැය 24ක පමණ කාලයක් සදහා බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව මින් පෙර සිදු නොවූ ආකරයෙන් මානුෂීය ව්‍යසනයක් නිර්මාණය වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය සදහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර පලස්තීනයට සහය පළ කරන දස දහසට වැඩි පිරිසක් එක්ව ගාසා තීරයට බෝම්බ හෙලීම නතර කරන ලෙස ඉල්ලා අමෙරිකාවේදී විරෝධතා රැළි කිහිපයක් පවත්වා තිබෙනවා. හමාස් සන්නද්ධ කණ්ඩායම සහය දක්වන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සිදු කරන බවට අනතුරු අඟවා තිබියදීයී මෙම විරෝධතා රැළි පවත්වා ඇත්තේ.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 13 වැනි තරගයෙන් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩායම ලකුණු 69න් පරාජයට පත් කරමින්. මෙම තරඟ ජයග්‍රහණය ඉතිහාසයට එක් වුණේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක්දින තරඟයකදී එංගලන්ත කණ්ඩායම පරාජය කළ පළමු තරගය ලෙසයි. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 284ක්. එහිදී රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 57දී ලකුණු 80ක් රැස් කළා. පන්දු යැවීමේදී අදිල් රෂීඩ් කඩුළු 03ක් සහ මාර්ක් වුඩ් කඩුළු 02ක් බිඳ හෙළීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 40යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්…
මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවලින් මුදල් වංචා කල මහනුවර මහ නගර සභාවේ කළමණාකාර සහකාරවරියකගේ වැඩ තහනම් කර තිබෙනවා. ඇය මහනුවර මහ නගර සභාවට අයත් වෙළෙඳ සංකීර්ණවල කඩකාමර සඳහා ව්‍යාජ ලේඛණ සකසා රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත් දහස් හයසීයක් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටුවා ඇති අතර එහි නිර්දේශයකට අනුව කළමණාකාරවරියගේ වැඩ තහනම් කර තිබෙනවා.
අරගලය ඉල්ලූ වෙනසට මුල පුරන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ලබන 21 වනදා පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. ඔහු පැවසුවේ ඒ වෙනස කළ යුත්තේ රටේ පාලන බලය හොබවන දේශපාලන පක්ෂය විසින් බවද සඳහන් කලා . සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවා. රට ඉදිරියට ගෙන යාමේදී ඊට ගැලපෙන ලෙස පක්ෂයට නව ව්‍යවස්ථාවක් මෙම සම්මේලනයේ දී හඳුන්වා දෙන බවද ඔහු සඳහන් කලා. මේ අතර සමාජ මාධ්‍ය නියාමනය කරන බවට පලවන වාර්තා සමබන්ධයෙන්ද ඔහු අදහස් පල කළා .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222