Author: Anura Premakumara

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සමාජ මාධ්‍ය නියාමන පනත මගින් මෙරට මාධ්‍ය තවත් ශක්තිමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු වන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ “ස්ථාවර රටකට- සැවොම එක මගකට” යන මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. අදාළ පනත මගින් වැරදි පණිවිඩ සමාජ ගත වීම වැලක්වෙන බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කලේ .

තව කියවන්​න

කුමන ජාතික වනෝද්‍යානය වසර 4කට පසුව ඉහළ ආදායමක් උපයාගෙන තිබෙනවා. උද්‍යාන භාරකාර ඩී.වී. සමරනායක මහතා කියා සිටියේ පසුගිය ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුළ රුපියල් කෝටි 4 ක පමණ ආදායමක් ලැබී ඇති බවයි. එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයන් 11,999 දෙනෙක් පැමිණ තිබෙනවා. කුමන ජාතික වනෝද්‍යානයේ කොටි ගහණය 63 ක් වන අතර, එම සතුන් දැකබලාගැනීම සඳහා සංචාරකයින් වැඩි උනන්දුවක් දක්වන බවයි උද්‍යාන භාරකාර ඩී.වී. සමරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අද සහ හෙට යන දින දෙක සඳහා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා . එම කාර්යාලයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව අද සහ හෙට එම කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සඳහන්. එදින සේවාවන් ලබා ගැනීමට වේලාවක් වෙන් කරගත් සේවාලාභීන් සඳහා ඔවුන් කැමති වෙනත් දිනයක සේවාවන් ලබා ගත හැකි බව ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා .

තව කියවන්​න

නව කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ යාපනයේ ආරම්භ කර ඇති ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සහ ටී.ඊ.ජේ.සී. අඹ ව්‍යාපෘතිය මේ වනවිට ඉතාමත් සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අපනයනය ඉලක්ක කරගත් එම ව්‍යාපෘතිය යටතේ ඇඹුල් කෙසෙල් අක්කර 200 ක සහ අඹ අක්කර 500 ක වගා කර ඇති අතර, ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානය නිලවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙනවා. සෑම සතියකටම වරක් ඇඹුල් කෙසෙල් කිලෝ 10,000 ක් ඩුබායි වෙළඳපොලට යැවෙන අතර, ඉදිරියේදී ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400 ක් දක්වා ව්‍යාප්ත කිරීමටද සූදානම් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

තව කියවන්​න

විදුලි බිල නැවත වැඩි කිරීම සම්බන්ධයෙන් ලබා දුන් පිරිවැය ගණනය කිරීම වත්මන් තත්ත්වය සමඟ නොගැළපෙන බව මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දි තිබෙනවා. වැසි ලැබීමත් සමඟ ජලාශවල මේ වන විට පවතින තත්ත්වය සහ ජල විදුලි උත්පාදන හැකියාව වැනි සාධක සළකා පිරිවැය නැවත ගණනය කරන ලෙසයි කොමිසම පවසා ඇත්තේ. පසුගියදා විදුලිබල මණ්ඩලය විසින් සියයට 22 ක පමණ විදුලිබිල වැඩිවීමක් ඉල්ලමින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.

තව කියවන්​න

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ. මෙහිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සදහන්. ඒ අනුව සම්මේලනය පැවැත්වෙන ආකාරය සහ එහි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සියලු නියෝජිතයින් දැනුවත් කර තිබෙනවා. එහිදි සම්මේලන දිනයේදී ක්‍රියාත්මක වැඩසටහන් සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකයන්ගේ කිසිදු විරෝධතාවයක් එල්ල නොවූ බවටයි වාර්තා වන්නේ. මේ අතර පවතින තනතුරවල කිසිදු වෙනසක් සිදු නොකරන බවටද එහිදි තීරණය වී තිබෙනවා. මේ අතර පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහනක් ද අද දිනයේදී පැවැත්වීමටද එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වන ගැටුම් හේතුවෙන් ලෝක බොරතෙල් මිල ද වැඩිවෙමින් පවතින බව විචාරකයින් පවසනවා. විචාරකයින් වැඩිදුරටත් පවසන්නේ මෙම තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලට ද පැතිරගියහොත් ලෝක බොරතෙල් වෙළදපොලට සුබදායි පණිවිඩයක් නොවනු ඇති බවයි.

තව කියවන්​න

රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග තමන් උපයන රැකියාවේ වැටුපෙන් තමන්ට නිසි පරිදි ජීවත් විය නොහැකි නම් එවැනි රටකින් ඵලක් ඇත්ද යන්න ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති ජනහමුවක් අමතමිනුයි ඒ මහතා මෙම අදහස් දැක්වීම සිදු කළේ. මේ අතර පවතින ආණ්ඩුව ජනතාව වෙත දැඩි ලෙස බදු බර පටවමින් ජනතාව පීඩාවට පත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා ද ජනහමුවකට එක්වෙමින් මෙලෙස අදහස් දක්වා සිටියා.

තව කියවන්​න

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 50 ක පමණ වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි බවටත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට තවදුරටත් නායයෑමේ රතු නිවේදන දීර්ඝ කළ බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එමෙන්ම ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතලේ, නුවරඑළිය, කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටද නායයෑමේ නිවේදන නිකුත් කර තිබෙනවා. මෙය අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙනු ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා…

තව කියවන්​න

ජෝර්දානයේ සිට අනවසරයෙන් දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුලුවීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනාගේ අනන්‍යතාව තහවුරු වී තිබෙනවා. මීට දින දෙකකට පෙර ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 50 ක සහ වයස අවුරුදු 44 ක කාන්තාවන් දෙදෙනෙක්. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙම කාන්තාවන්ගේ ආරක්ෂාව සහ ඉදිරි කටයුතු සිදුකරන බවයි.

තව කියවන්​න