- උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගුයි
- යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය අත්අඩංගුවට
- අමෙරිකානු රහස් සේවයට 13 හැවිරිදි පිරිමි දරැවෙක්
- පොල්තෙල් ජාවාරමක් පිළිබදව හෙළිදරව්වක්
- හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගමින් සොයා ගැනේ
- ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
- ඉන්දීය අගමැති මෙරට සංචාරයක
- දයාසිරි ජයසේකර සමාව අයදියි
Author: Anura Premakumara
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම තරග වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 2 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඌව, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
තලෛයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී රුපියල් මිලියන 94කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. සැකකටයුතු යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම මත්ද්‍රව්‍ය සොයා ගැනීමටයි කටයුතු කර තිබුණේ. යාත්‍රාවේ තිබී අයිස් කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 194ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 34ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 05 ග්‍රෑම් 254 තොගයක් සොයා ගත් බව නාවික හමුදාව පැවසුවා. තලෛයිමන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය්‍යංශය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකරනු ලබනවා.
ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන එක් තීරයක් – එක් මාවතක් යන තේමාව යටතේ තෙවැනි සමුළුව අද සිට චීනයේදී ආරම්භ කරනු ලබනවා. මෙම සමුළුව සදහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා දිනයේදී චීනය බලා පිටත්ව ගිය අතර, එහිදී ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමටයි කටයුතු කර තිබුණේ. රටවල් 130ක නියෝජිතයින් සහ ගෝලීය සංවිධාන 30ක් පමණ මෙම සමුළුවට සහභාගී වන අතර, පොදු සංවර්ධනයක් සහ සශ්‍රීකත්වයක් උදෙසා එක්වෙමු යන්න මෙවර සමුළුවේ තේමාව වී තිබෙනවා. මේ අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සංචාරය තුළදී චීන රජය සමග සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින්…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අද ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙනවා. ගාසා තීරයට ආධාර සැපයීමට අමෙරිකාව සහ ඊශ්‍රායලය එකඟවී ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයාගේ ඊශ්‍රායල සංචාරය සිදු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පලස්තීනයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය අතර ගැටුම් ආරම්භ වූ අවස්ථාවේදී අමෙරිකාව සිය සහ ඊශ්‍රායලයට පළ කළ අතර, එහිදී යුධ ආදාර ලබා දීමටද අමෙරිකාව කටයුතු කළා. මේ අතර හමාස් සංවිධානව ගාසා තීරයේ වහලුන් ලෙස පුද්ගලයන් 250ක් රඳවා සිටින බවට ප්‍රකාශයක් සිදු කර ඇති අතර, ඔවුන්ගේ ඉල්ලීම් වලට එකඟත්වය ලැබෙන්නේ නම් විදේශිකයන් ඇතුළු සෙස පුද්ගලයන් නිදහස් කරන බවටද ඔවුන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස්…
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 14 වැනි තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් කඩුළු 5ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේරලියා කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209ක්. එහිදී කුසල් ජනිත් පෙරේරා ලකුණු 78ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 61ක් රැස් කළා. පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 47ට කඩුළු 4ක් බිදහෙළීමට සමත් වුණා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේරලියානු කණ්ඩායම පන්දුවාර 35යි පන්දු 2ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 215ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා. එහිදී ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 58ක් සහ මිචෙල් මාෂ් ලකුණු 52ක් රැස්…
පාර්ලිමේන්තුව අද දිනයේදී පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පෙරවරු 10.30 ට පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බි්‍රතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කාරක සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා . මියයන විට ඒ මහතා 75 වියේයි පසුවුණේ . ඒ මහතා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළා . කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බවයි අප වාර්තා කරු සදහන් කලේ .
නීතිවිරෝධී ලෙස තඹ /පිත්තල සහ ඇලුමිනියම් රටින් පිටකිරීම වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ආනයන සීමා හේතුවෙන් පසුගිය කාලය තුළ අදාළ අමුද්‍රව්‍ය මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ . මේ හේතුවෙන් නීතිවිරෝධී ලෙස ඒවා රටින් පිට කිරීම ඉහළ ගොස් ඇති අතර එය වැළැක්වීමට ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කලේ එම ද්‍රව්‍ය ආනයන සහ අපනයනකරුවන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම තත්ත්වය හමුවේ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
පාසල් රැක ගැනීම වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. මේ වන විට පාසල් 800 ක් වැසී ගොස් ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලේ . කොළඹ වැල්ලවත්ත වෛශාක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ සියලු පාසල් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ දියුණුවක් ලබා ගෙන ඇති බවයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222