Author: Anura Premakumara

දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රි ලංකන් ගුවන් සේවය ඇගයීමකට ලක්ව තිබෙනවා. ඉන්දියාවේ බැංග්ලෝර් හි පැවති දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදි මෙලෙස ඇගයීමට ලක්වූ බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේ. එමෙන්ම ප්‍රමුඛතම ගුවන් සේවා පන්තිය ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ව්‍යාපාරික පන්තිය මෙහිදී ඇගයීමට ලක්ව තිබුණා. දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී සත්කාරක හා සංචාරක ක්ෂේත්‍රවල සමාගම් ඇගයීමට ලක් කෙරෙන්නේ එහි වෘත්තිකයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ මනාප අනුවයි. පසුගිය වසරේද මෙම සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ඨම ගුවන් සේවා සම්මානය ශ්‍රී ලංකන් ගුවන් සේවය හිමිකර ගනු ලැබුවා.

තව කියවන්​න

තම උපරිම දක්ෂතාවයන් දක්වමින් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග කණ්ඩායමක් ලෙස ජයගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිශ්ශංක පවසනවා . ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලු 5 කින් ශ්‍රී ලංකාව පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් . මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය අද පැවැත්වෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි . මෙම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2 ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම් තවදුරටත් වර්ධනය වුවහොත් මැදිපෙරදිග කලාපයට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම අර්බුදයක් වනු ඇති බව බලපත්‍ර ලත් විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය පවසනවා. මේ අතර ගාසා තීරයේ උතුරු කොටසේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන්කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියා. ඔහු ප්‍රකාශ කළේ එම පිරිස ගාසා තීරයේ වෙසෙන අනෙක් පිරිස් සමග ඊජිප්තුව වෙත ගමන් කිරීමට සැලසුම් කරමින් සිටින බවයි.

තව කියවන්​න

පාසල් ළමුන් අතර පැතිරි යන ඇස් රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට උපදෙස් ලබා දී තිබෙනවා. අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මෙම රෝගය වෛරසයක් හේතුවෙන් ව්‍යාප්ත වන අතර ඇස්වල වේදනාව, කදුලු ගැලීම, ඇස් මදක් රතු වීම හා ඇස් කැසීම එහි රෝග ලක්ෂණ වනවා. කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් අතර ඇස් රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් පන්ති කාමර කිහිපයක් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. එමෙන්ම බිබිල අධ්‍යාපන කලාපයට අයත් පාසලක සිසුන් කිහිප දෙනෙකුටද ඇස් රෝගය වැළදී ඇති බව සදහන්. මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නිවේදනයකට අනුව ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී නිතර…

තව කියවන්​න

අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට දැඩි බලපෑම් එල්ල කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සදහන්. මේ අතර වර්ෂාවත් සමග ජලයෙන් යටව තිබූ බුත්තල කතරගම ප්‍රධාන මාර්ගය යළි ගමනාගමනය සදහා විවෘත වී තිබෙනවා. මෙම මාර්ගය බුත්තල වගුරුවෙල ප්‍රදේශයෙන් ඊයේ උදෑසන සිට ජලයෙන් යටව තිබූ බවයි අප වාර්තාකරු සදහන් කළේ. එමෙන්ම වගුරුවෙල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යට වී තිබූ අතර අද උදෑසන වන විට එහි ජලය…

තව කියවන්​න

මෙම දිනවල සෞඛ්‍ය අමාත්‍යංශයේ අත්තනෝමතික වැඩකටයුතුවලට එරෙහිව හඬ නඟන සංවිධානවල නියෝජිතයින් මර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් සිදු කරමින් පවතින බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා.

තව කියවන්​න

ඉන්ධන මිල සූත්‍රයේ විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් විදුලිබිල ඉහළ දැමීමට සිදුව ඇති බවට විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා චෝදනා කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්.

තව කියවන්​න

මෙරටින් තවත් සය නිවුන් දරු උපතක් කොළඹ කාසල් වීදය කාන්තා රෝහලෙන් වාර්තා වී තිබෙනවා. රාගම ප්‍රදේශයේ පදිංචි මවක් මෙලෙස පිරිමි දරුවන් 6 දෙනෙකු බිහිකර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සදහන් කළේ. බි`ළිදුන් 6 දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ. අවසන් වරට මෙරටින් සය නිවුන් උපතක් වාර්තා වුණේ 2021 වසරේ ඔක්තෝම්බර් මස 21 වන දායි. එහිදි පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු උපත ලැබුවා.

තව කියවන්​න

සිව්වන ආසියානු පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ චීනය බලා පිටත්ව ගියා. මෙම කණ්ඩායමේ නායකත්වය දිනේෂ් ප්‍රියන්ත විසිනුයි දරනු ලබන්නේ . අදාළ තරගාවලිය මෙම මස 22 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

ජාතික නිවාස අධිකාරියේ නිලධාරීන් අද දිනයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා. එමෙන්ම පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට දිනයේදී අදාළ කමිටුව හමුවට නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ නිලධාරීන් කැදවා ඇති බවයි . මේ අතර හෙට දිනයේදී රැස්වන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා ඇති බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා .

තව කියවන්​න