Author: Anura Premakumara

වර්තමානයේ ලෝකය මිථ්‍යා දෘෂ්ඨියෙන් ඉවත් වී විද්‍යාවට අවධානය යොමු කරමින් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාතලේ ධර්මරාජ්‍ය පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවය සූම් තාක්ෂණය ඔස්සේ අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සහහ අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල සේවකය් අද ආර්ථික යුක්තිය ඉල්ලා බස්නාහිර පළාත් රෝහල්වල පැය 04ක කාලක් වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 08 සිට දහවල් 12 දක්වා මෙලෙස වර්ජනයේ නිරත වන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම පැය 04ක කාලය තුළ හදීසි සහ අත්‍යාවශ්‍ය සේවා ආවරණය කිරීමට කටයුතු කරන බවද එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ අප්‍රසාදය ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදක වරෙන්තු ඉල්ලා සිටිම හෙළා දකින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඊශ්‍රායලය සහ සමූහ මිනීමරුවන් වන හමාස් සංවිධානය එකට සසඳමින් මෙලෙම වරෙන්තු ඉල්ලා සිටීම පිළිබඳව පිළිකුලෙන් යුතුව හෙළා දකින බවට අග්‍රමාත්‍යවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සමානාත්මතාවයක් නොමැති බවයි.

තව කියවන්​න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ අනුව මෙම තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 07.30 ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම තරඟයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ලබන 26 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා.

තව කියවන්​න

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ අභාවය වෙනුවෙනු මෙරට රජය අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අද දිනයේදී රජයේ සියලුම ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය අද කොළඹ හිල්ටන් හෝටලයේ දී දහවල් 12 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ. ඉන් ක්‍රීඩකයින් 154 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන අතර, සෙසු ක්‍රීඩකයින් 266 දෙනා විදෙස් ක්‍රීඩකයින් වනවා. මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතයේ රදවා ගෙන ඇති හා සෘජුව ගිවිසුම්ගත වී ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා.

තව කියවන්​න

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පවුල් 8,974කට අයත් පුද්ගලයින් 33,493 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම නිවාස 80කට හානි සිදුව ඇති අතර, පීඩාවට පත් පිරිසෙන් පුද්ගලයින් 1,775 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 10ක රඳවා තිබෙනවා. මේ අතර අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කරනු ලබුවා. ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 09 සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර නාය යාම් වලට ලක්වන ප්‍රදේශ සඳහා පිළියම් යෙදීමට අද දිනයේදී විශේෂ සාකච්ඡාවක් ජානාධිපති…

තව කියවන්​න

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ මහතා අතර නිල හමුව ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා. ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා මිත්‍රශීලි අයුරින් පිළිගත් අතර රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසු ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මෙහිදී දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයන් ප්‍රතිඥා දී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ශ්‍රි ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආර්ථික…

තව කියවන්​න

රටේ ජනතාව ඇන්දවීමකට ලක් නොකර ආර්ථික කමිටු අතර විවාදය සහ නායකයන් අතර විවාදය යන විවාද දෙකම පවත්වන ලෙස ජාතික ජන බලවේගයට පවසන බව සමගි ජන බලවේගයේ විවාදය පිළිබඳ සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා. නායකයන් අතර විවාදය සඳහා ජාතික ජන බලවේගය ලබන 06 වැනිදා සූදානම් බවට කළ ප්‍රකාශය පිළිබඳ වී නිව්ස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

තව කියවන්​න

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ රැඳී සිටි මෙම පුද්ගලයාට ටී-56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගෙ 08 හැවිරිදි දියණිය තුවාල ලබා ඇති අතර, මේ වන විට දියණිය නාගොඩ රෝහාලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

තව කියවන්​න