- උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගුයි
- යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය අත්අඩංගුවට
- අමෙරිකානු රහස් සේවයට 13 හැවිරිදි පිරිමි දරැවෙක්
- පොල්තෙල් ජාවාරමක් පිළිබදව හෙළිදරව්වක්
- හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගමින් සොයා ගැනේ
- ස්ටීව් ස්මිත් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී
- ඉන්දීය අගමැති මෙරට සංචාරයක
- දයාසිරි ජයසේකර සමාව අයදියි
Author: Anura Premakumara
මන්නාම දකුණු මුහුදු තීරයට පසුගිය දින කිහිපයේදී මියගිය කැස්බෑ සහ ඩොල්ෆින් මසුන්ගේ මළ සිරුරු ගොඩ ගසා ඇති බවට මන්නාරම් වනජීවි නිලධාරී කාර්යාලය පවසනවා. මන්නාරම දකුණු මුහුදු තීරයේ මළ සිරුරු පසුගිය දින කිහිපයේදී ගොඩගසා ඇති අතර ඊට අමතරව මරණාසන්නව සිටි අසාධ්‍ය තත්ත්වයේ සිටි කැස්බෑවන් කිහිප දෙනෙකුද ගොඩ ගසා ඇතැයිද වනජීවි නිලධාරීන් පවසනවා. කැස්බෑ මළ සිරුරු සහ ඩොල්ෆින් මළ සිරුරු පිළිබඳ ප්‍රදේශයේ ධීවරයින් දැක ඒ සම්බන්ධයෙන් නාවික හමුදාවට දැනුම්දීමෙන් පසුව නාවික හමුදාව විසින් වනජීවි නිලධාරීන්ට දැනුම්දීමෙන් අනතුරුව වනජීවි නිලධාරීන් විසින් අදාළ ස්ථානයන්ට ගොස් නාවික හමුදාවේද සහයෙන් කැස්බෑ මළ සිරුරු එකතු කිරීමට පියවර ගෙන ඇත. මෙලෙස කැස්බෑවුන් සහ ඩොල්ෆින් මසුන් මියයාමට හේතුව මෙතෙක්…
ලෙබනනයේ මහල් 7 කින් යුත් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ඊයේ මාධ්‍ය වාර්තා කළේ ලෙබනනයේ බීරූට් නගරය ආසන්නයේ පිහිටි මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතු`ඵ 5 දෙනෙකු සුන්බුන් අතර සිරවී ඇති බවටයි. කෙසේ වෙතත් එම සිද්ධියෙන් ඇයට තුවාල සිදු වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් මහතා පැවසුවේ. ඇය වයස අවුරුදු 65 ක ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් බවද ඔහු සදහන් කළා.
දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවන ලෙසටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජේ්‍යෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා දැනුම් දෙනවා.
විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන අදහස් ලබා ගැනීම අද සිදු කෙරෙනවා. මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී මෙම කටයුතු ආරම්භ වන බවයි. ඒ අනුව කොමිෂන් සභාව වෙත වාචික මෙන්ම ලිඛිතව ද ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය පිළිබදව අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී ඇත්තේ ඉදිරි වසර 2 ක කාලයක් සදහා විදුලි ගාස්තුව සියයට 10 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පවතින බවයි. මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසුවේ මෙලෙස විදුලි බිල ඉහළ දැමීම අසාධාරණ බවයි.
ලෙබනනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අමෙරිකානු ජාතිකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. සංචාරක උපදේශනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අද(18) අමෙරිකානු ජාතිකයන්ට මෙම උපදේශනය නිකුත් කර තිබෙනවා. එසේම බීරූට් හි තානාපති කාර්යාලයේ සේවයේ නියුතු පවුල්වල සාමාජිකයන්ට සහ හදිසි නොවන එක්සත් ජනපද රජයේ නිලධාරීන්ට ස්වකැමැත්තෙන්ම රටින් පිටවීමටද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා හෝ වෙනත් සන්නද්ධ සටන්කාමී කණ්ඩායම අතර රොකට්, මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර හුවමාරුව හේතුවෙන් අනපේක්ෂිත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙලෙස ලෙබනනය සඳහා හතර වන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කර ඇති බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.
විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අනුවයි. ඒ අනුව විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත්වනවා. එමෙන්ම රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලාවල සහ අනෙකුත් රෝගීන්ගේ නඩත්තුව, පිළිගැනීම, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් ඕනෑම කාර්යයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා වන බවයි මෙම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු භාණ්ඩ ගබඩාවට දෙවන වරටත් සොරුන් ඇතුළු වී තිබෙනවා. එමෙන්ම පසුගිය 06 වන දින ද මෙම නඩු භාණ්ඩ ගබඩාවට සොරුන් ඇතුළු වී ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයා පොලිසියට පැමිණිලි කිරීමටයි කටයුතු කලේ . මෙම භූගත නඩු භාණ්ඩ ගබඩාව තුල පැරණී නඩු ලේඛණ, රත්‍රන් භාණ්ඩ සහිත සේප්පු කිහිපයක්, ගිණී අවි සහ ආයුධ ඇතුලු නඩු භාණ්ඩ තිබුණු බවයි වාර්තා වන්නේ .
ඉදිරි සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබා දීමට නියමිත දෙවන වාරික මුදල හිමිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා . ඔහු කියා සිටියේ එම අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බවයි . එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රේගු නිලධාරීන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවදානය යොමු කර ඇති බවයි .
13 වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය නවසීලන්ත කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද පැවැත්වෙනවා. මෙම තරගය ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. මෙරට වේලාවෙන් පස්වරු 2 ට අදාළ තරගය ආරම්භ වනු ඇති. මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඔවුන් මේ දක්වා ක්‍රීඩා කළ තරග 3 ම ජයග්‍රහණය කරමින්. මෙම සටහනේ පිළිවෙලින් 2 වන 3 වන සහ සිවු වන ස්ථාන නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය විසිනුයි හිමිකරගෙන ඇත්තේ. නෙදර්ලන්තයද ඊයේ දිනයේදී මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්තා කිරීම සමග ශ්‍රී ලංකාව අභිබවා යමින් 9 වන…
ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 500ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ගාසා තීරයේ පිහිටි මෙම රෝහලට එල්ල වූ ප්‍රහාරය හමුවේ රෝහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, රටවල් කිහිපයක් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා. මේ අතර අද දිනයේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන අතර, එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222