Author: Anura Premakumara

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණ තර්ජන සිදු කර මුදල් ලබාගැනීමේ සිද්ධියේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා. තමන්ට මරණ තර්ජන එල්ලවන බවට හිටපු සභාපතිවරයා කිරුලපන පොලිසියට පැමිණිලි කර තිබුණේ පසුගිය 16 වනදායි. ඒ අනුවයි එහි පරික්ෂණ කොළඹ අපරාධ කොට්ඨාශයට වෙත භාරදී ඇත්තේ.

තව කියවන්​න

අන්තර් නිවර්තන අභිසාරි කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව සදහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ගාර්සා පස් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවටයි වාර්තා වන්නේ. ඇය මෙම සංචාරය අතරතුර මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරින් රැසක් සමග ද සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සදහන්. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ලොව පුරා රටවල් 170 ක් නියෝජනය කරන අතර සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ද ලබා ගෙන ඇති දැවැන්ත සංවිධාන ජාලයක් වනවා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඔවුන් මුහුණ දුන් තරඟ 4ම ජයග්‍රහණය කරමින්. දෙවැනි ස්ථානයේ සත්කාරක ඉන්දීය කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් පසු වනවා. මෙම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

තව කියවන්​න

මාදම්පේ, තඹගල්ල, කාකපල්ලිය ප්‍රදේශයේදී නවසකට මුව ආවරණ පැළද ඇතුළු වූ පුද්ගලයන් සිව් දෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් පෙන්වා දේපල කොල්ල කා තිබෙනවා. මෙහිදී මෙම පිරිස නිවැසියන් බියගන්වා රුපියල් නව ලක්ෂ 30,000ක මුදලක්, පවුම් 29ක් බර රන් ආබරණ සහ ජංගම දුරකථනයක් කොල්ලකා ඇති බවයි පොලීසිය සදහන් කළේ. මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ක්‍රීඩා පුවතක් දැන්

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් මුදල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දීමක් කර තිබෙනව. ඒ අනුව එලෙස සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවයි එම කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී ඇත්තේ. ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගෙන තිබෙන අතර, අදාළ දැනුම්දීම එම කොමිෂන් සභාව විසින් ඊයේ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී තිබෙනවා. පසුගිය වසරේ ජුලි මස 09 වනදා එම මුදල් සොයාගෙන තිබුණා.

තව කියවන්​න

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කළ ඉල්ලීමකට අනුව මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ඊජිප්තුව හරහා ගාසා තීරයට යැවීමට ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල්-සිසි එකඟත්වය පළ කර තිබෙනවා. ඒ අනුව මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් සඳහා මෙලෙස ඊජිප්තුව හරහා ගාසා තීරයට යෑමට අවසර ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ඇති වූ මෙම ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3ක ජනතාව අවතැන් වූ අතර, ඔවුන්ට ආහාර, ජලය, ඖෂධ සහ ඉන්ධන ලබා දීම ඊශ්‍රායලය නවතා දැමීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම මානුෂීය අධාර ලබා දීමට කටයුතු කළ අතර, ඉදිරියේදී තවත් අධාර ලබා දිය…

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 16 වැනි තරඟය ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 149න් පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 288ක් රැස් කළා. එහිදී නායක ටොම් ලේතම් ලකුණු 68 ක්, ග්ලේන් පිලිප්ස් ලකුණු 71 ක් සහ විල් යන්ග් ලකුණු 54 ක් රැස් කළා. පන්දු යැවීමේදී නවීන් උල් හක් සහ අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුළු බිඳ හෙළුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 139ක් පමණයි. පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් හා ලොකී…

තව කියවන්​න

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම ඒ සඳහා ජනවරමක්ද ලැබී නොමැති බවයි ඔහු සඳහන් කළේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

තව කියවන්​න