- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථාන පිළිවෙළින් තහවුරු කර ගැනීමට සහභාගි වූ තරග හතරෙන් හතරම ජයගත් නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම සමත්ව සිටිනවා. ඒ ප්‍රසාද ලකුණු 8 බැගින් ලබාගනිමින්. තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ඔවුන් සහභාගි වූ තරග තුනකින් තරග දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරග හතරකට සහභාගි තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගනිමින් හතර වන ස්ථානයේ පසුවනවා. පස්වන ස්ථානයේ පසුවන පකිස්තානය තරග හතරකින් දෙකක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටිනවා. තරග තුනකට සහභාගි වී සිටින එංගලන්ත කණ්ඩායම එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර…
2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත මිනිසුන් සහිත සිය පළමු අභ්‍යාවකාශ මෙහෙයුමේ පළමු පර්යේෂණ මෙහෙයුම අද සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ ඒජන්සිය පවසනවා. ගගන්යාන් අභ්‍යාවකාශ යානය ශ්‍රී හරිකෝටා සිට ගුවන්ගත කරමින් ඉන්දියාව අද උදැසන 10ට එම පර්යේෂණ අත්හදා බැලීම සිදු කර තිබුනා. 2025 වසරේ පළමුවරට ඉන්දියාව ගගනගාමීන් තුන්දෙනෙකු සමඟ පහළ පෘථිවි කක්ෂයට අභ්‍යාවකාශ මෙහෙයුමක් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
පාසල් නඩත්තුව සඳහා ප්‍රමාණවත් මුදල් ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් සිදුකරන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා. එහි සම කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ ලබන 24 වනදා එම විරෝධතාව ක්‍රියාත්මක කරන බවයි. වෘත්තිය සමිති 30 ක් ඒකාබද්ධ කරගනිමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබෙනවා.
පොතුවිල් ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. තනතුරින් තුවාල ලැබූ යතුරුපැදි කරුවන් දෙදෙනා පොතුවිල් රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් තිබෙනවා. පොතුවිල් පොලිසිය සිද්දිය සම්බන්දව විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
දිවයින පුරා පෞද්ගලික වෛද්‍ය ආයතන සහ රෝහල් දසදහසක් ඇති බව අනාවරණ වී තිබෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ ඉන් දෙදහස් දෙසීයක් පමණක් බවයි වාර්තාවන්නේ. එම සභාවේ ලේකම් සහ පෞද්ගලික රෝහල් සංවර්ධනය කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් එච්. ලියනගේ මහතා ප්‍රකාශ කළේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් සහ සෞඛ්‍ය ආයතන සිය නියාමන සභාව යටතේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවයි. එසේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් සහ ආයතනවලට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කලේ .
සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කිරීමේදී අදාල කාන්තාව මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්., මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලියන්ගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි කාන්තාවක් කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල පහත වැටී තිබෙනවා. කෙසේවෙතත් දෙහි සඳහා මිලක් පවතින බවයි ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන වෙළඳුන් සඳහන් කලේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දියබෙදුම, ගිරිතලේ සහ මැදිරිගිරිය ප්‍රදේශවල ගොවීන් තම දෙහි අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වන තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතරයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්තය පළමුවෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 49.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් ලබාගැනීමට සමත් වූවා. නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයන් වන්න Sybrand Engelbredchtය. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 70ක්. ඊට අමතරව Logan Van Beek ලකුණු 59ක් ද Colin Ackermann ලකුණු 29ක් ලබාගත්තා. සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුශංක සහ කසුන් රාජිත කඩුලු හතර බැගින් බිඳ දැමුවා.…
පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බව කියන පහර දීමේ සිද්ධියෙන් පසු ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රතිකාර ලබා ඉන් පිට ව ගොස් තිබෙනවා. රෝහල්ගත වී පැය 03ක පමණ කාලයක් ඇතුළත ඇය පිටව ගොස් ඇති බව සදහන් . පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බව පවසමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය රෝහල් ගත වී තිබුනා.මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ම හත්මිය මෙි සමිබන්දයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම මේ සමබන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන එස් එම් චන්ද්‍රසේන මහතා සහ තිස්ස අත්තනායක මහතා අදහස් පල කළා…
නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. ඒ පළමු අවසන් පුර්ව තරගයේදී ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත්කරමින්. මෙම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 44 ට 06ක් ලෙසයි. රග්බි ලෝක කුසලානයේ දෙවන අවසන් පුර්ව තරගය හෙට එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222