- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
අහුංගල්ල, ඌරගස්මංහන්දිය මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි. තුවාල ලැබුවන් එකම පවුලේ මව පියා සහ මාස හතරක් පමණ වයසැති සිඟිති දරුවෙකි. ඔවුන් අහුන්ගල්ල දෙස සිට ඌරගස්මංහන්දිය දෙසට ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයි වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ටී-56 ගිනි අවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවද පොලිසිය කියා සිටියා. මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අලෙවිසලක් පවත්වාගෙන යනු ලබන දිනේෂ් මුතුමාල් ද සිල්වා, ඔහුගේ බිරිඳ වන ශානි මහේෂා…
රට ගොඩනඟමින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා . ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී පැවැත්වුණු එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින්. ව්‍යවස්ථාවට අනුව එළඹෙන වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කර ඉන් අනතුරුව මැතිවරණ පැවැත්වීම අපේක්ෂා කරනු ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ . එමෙන්ම මෙහිදී සම්මේලනය අමතමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේ රට නිවැරදි දිශාවකට ගමන් කිරීමට නම් බුද්ධිමත් තීරණ ගැනීම සහ නිවැරදි සිදු කල යුතු බවයි .
හෙරොයින් තොගයක් සමග සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙවුන්දර ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ. හොරොයින් කිලෝ ග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් මෙහිදී නාවික හමුදා භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් බිලියන 4000ක් පමණ බවයි සදහන් වන්නේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා. ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇත්තේ නෙදර්ලන්තයට එරෙහිව ඊයේ පැවැති තරගය අතරතුරදීයි. ඒ අනුව ඉදිරි තරග සදහා ඔහුගේ සහභාගිත්වය පිළිබද අද දින සිදුකරන ස්කෑන් පරීක්ෂණයෙන් අනතුරුව තීරණය කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේ 21 වන තරගය අද පැවැත්වෙනවා. ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි. දර්මසාලාහිදී පැවැත්වෙන තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාව සහ නවසීලන්තය තරගාවලියේ මේ දක්වා අපරාජිතව සිටින කණ්ඩායම් දෙක වීම විශේෂත්වයක් ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය පළමු වන ස්ථානයේ රැදී සිටින අතර ඉන්දියාවට එහි දෙවන තැන හිමිව තිබෙනවා.
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාණු කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් පුර්ව වටයේ දී එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්. ප්‍රංශයේ ෆ්‍රාන්ස් ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුනු 16ට 15ක් ලෙසයි. දකුණු අප්‍රිකාව ලබාගත් ලකුණු 16ට උත්සහක දිනුමක් සහ දඩුවම් පහර තුනක් ඇතුලත් වුණා. ඒ අනුව රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර එළැඹෙන 29 වැනිදා පැවැත්වෙනු ඇති.
ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කිරීමට ඊශ්‍රායල හමුදාව තීරණය කර තිබෙනවා. ඊශ්‍රායල හමුදා ප්‍රකාශකවරයා මාධ්‍යට පැවසුවේ තම හමුදාව ඉදිරියේදී මුහුණ දෙන අවදානම් තත්ත්වය අවම කිරීම සදහා මෙම තීරණය ගත් බවයි. උතුරු ගාසා තීරයේ තවදුරටත් සිවිල් වැසියන් රැදී සිටින්නේ නම් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදාව නිවේදනය කර තිබෙනවා.
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් හෝමාගම මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ඔහු මියගොස් ඇත්තේ. මියයන විට ප්‍රේමසිරි හේවාවසම් මහතා 64 වන වියෙහි පසුවුණා.
එක්දින ලෝක කුසලාන තරගාවලියේ 21 වන තරගය අද පැවැත්වෙනවා. ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි. දර්මසාලාහිදී පැවැත්වෙන තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාව සහ නවසීලන්තය තරගාවලියේ මේ දක්වා අපරාජිතව සිටින එකම කණ්ඩායම් දෙක වීම විශේෂත්වයක් ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය පළමු වන ස්ථානයේ රැදී සිටින අතර ඉන්දියාවට එහි දෙවන ස්ථානයේ පසුවනවා.
විදුහල්පතිවරුන් 5000ක් සදහා නව පත්වීම් ලබාදීම සිදුකරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා. ලබන මාසයේදී අදළ පත්වීම් ලබා දීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. සියලුම ශ්‍රේණිවලට අදාළවයි මෙම නව විදුහල්පති පත්වීම් ලබා දීමට සැලසුම් කර ඇත්තේ. එමෙන්ම එළඹෙන අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය හැකි බව ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා සදහන් කළා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූවා. මෙතෙක් පැවැති තරග තුනෙන් පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වන තරගය පැවැත්වුනේ නෙදර්ලන්ත කණ්ඩායම සමගින්. එම තරගයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර එහිදී ඔවුන් සියලුම දෙනා ලකුණු 262කට දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඊට පිළිතුරු ලෙස ලකුණු 263ක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.2කදී කඩුලු 5ක් දැවී ජයග්‍රහණය අත් කර ගත්තා. එහිදී නොදැවී පන්දුවට පහර දුන් සධීර සමරවික්‍රම ලකුණු 91ක් ලබාගත්තා. පැතුම් නිශ්ශංක…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222