- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුතු හෙරොයින් තොගයක් සමග කාන්තාවක් මාකොළ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසි විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත සිදුකළ වැටලීමකදීයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකාරිය සතුව තිබි රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයනවා.
මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ පවතින කාලගුණ තත්ත්වය හමුවේ ඩෙංගු රෝගය ද වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින බවයි. එමෙන්ම පාචනය සහ ළමුන් තුළ හතිය රෝගය ද දක්නට ලැබෙන බවයි. මේ ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වු රිජ්වේ ආර්ය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා.
විදෙස් ශ්‍රමිකයින් සදහා විදුලි වාහන ගෙන්වීමට ලබා දී තිබු අවස්ථාව අවභාවිත කර ඇති බව අනාවරණ වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේදීයි මේ බව අනාවරණ වී ඇත්තේ. විදෙස් ශ්‍රමිකයින්ට ලබා දුන් මෙම අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2ක ආසන්න වටිනාකමකින් යුතු විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇති බවයි එහිදී හෙළිවී ඇත්තේ. එම වාහන අතරින් 75ක් ගෙන්වා ඇත්තේ එක් පෞද්ගලික ආයතනයක් විසිනුයි. වාහන ආනයනයට පෙර ඊට අදාළ බලපත්‍ර අලෙවි කිරීමට ද ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා.
නුතන දේශපාලන සංස්කෘතියක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ පවතින දුෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතැම් පාර්ශව අවභාවිත කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක මහතා පවසනවා. මන්ත්‍රිවරයා කියා සිටියේ සමාජ මාධ්‍ය මර්දනයට රජය කටයුතු කරමින් සිටින බවයි. ඩිජිටල් සේවා සපයන ආයතන සම්බන්ධයෙන් රජය බදු අයකළ යුතු බව ඇති බවයි පාඨලි චම්පික රණවක මහතා සදහන් කළේ.
රජය ගෙනයන වැඩපිළිවෙල මගින් සාමාන්‍ය ජනතාව තවදුරටත් පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂනායකවරයා පැවසුවේ තුන්වන වරටත් විදුලි බිල වැඩි කිරීම නීත්‍යාණුකුල නොවන බවයි. විදුලිබල වැඩිකරමින් ජනතාවට පීඩාවට පත් කිරීමේ වගකීම විෂයභාර අමාත්‍යවරයා වගකිව යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළා. මේ අතර විදුලි බිල වැඩි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මාධ්‍යට මෙලෙස අදහස් පලකළා. ඪධෂක්‍ෑ ක්‍ඹඔ – මහින්ද
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වන විට ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමටයි එහිදී තීරණය කළේ. කෙසේ වෙතත් අද තරගයට සහභාගි වන ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ හර්දික් සහ ෂර්දුල් වෙනුවට සූර්යකුමාර් යාදෙව් සහ මොහම්මද් ශාමි කණ්ඩායමට කැඳවීමයි. නවසීලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු වී නැහැ. තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් මෙසේය. India XI: Rohit, Gill, Kohli, Iyer, Rahul, Suryakumar, Jadeja, Shami, Kuldeep, Siraj, Bumrah. New Zealand XI: Conway, Young, Ravindra, Latham, Mitchell, Phillips, Chapman,…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි අපේක්ෂා කරනු ඇති. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. දැනට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය වෙනුවට මෙම නව ක්‍රමවේදය හදුන්වාදෙන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඒ අනුව 2024 වසරේ පෙබරවාරි මාසයේ සිට දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා.
මීරියබැද්ද ප්‍රදේශය යළි නායයාමේ අවදානමක් මතුව තිබෙනවා. මේ හේතුවෙන් නිවාස කිහිපයක්, ළමා සුරකුම් මධ්‍යස්ථානයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථිරවම භාවිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පැවසුවේ මීට පෙර මිරියබැද්ද ප්‍රදේශයේ නායයාමට ලක්වු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින කන්දක කොටසක් ගිලා බසිමින් පවතින බවයි. මේ අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ සහ බෙරගල අතර කොටසේ නායයෑම් කිහිපයක් සිදුවී තිබෙනවා. ඒ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. මාර්ගය යථා තත්ත්වයට ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222