Author: Anura Premakumara

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . බස්නාහිර, දකුණ, උතුරු සහ උතුරුමැද පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ . බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ද ඇති විය හැකි බවද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සදහන් කළා. මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් දිය ඇලි ආශ්‍රිතව දිය නෑමෙන් වැළකී සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ අධික වර්ෂාව…

තව කියවන්​න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනාම දැවි ලකුණු 273ක් ලබාගැනීමට සමත් වූවා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තිරණය කිරීමත් සමගින් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට  හිමි වූවා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 8.1කදී ලකුණු 19කට කඩුලු දෙකක් දැවී යාමෙන් දැඩි පසුබෑමකට ලක්ව සිටියා. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් Daryl Mitchell ලකුණු 130ක් ලබාගැනීමට සමත් වූවේ පන්දු 127කදී හතරේ පහර 9ක් සහ  හයේ පහර 5ක් සමගින්. Rachin Ravindra ලකුණු 75කට දැවී ගිය අතර Glenn Phillipsට…

තව කියවන්​න

ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද දිනය තුළ තානාපති කාර්යාලට ගෙන එන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. තානාපතිවරයා පැවසුවේ ඉන් පසුව දේහය හදුනා ගැනීම සදහා විඩියෝ තාක්ෂණය ඔස්සේ ඇයගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ කරගන්නා බවයි. එමෙන්ම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබද තවදුරටත් අවධානයෙන් පසුවන බවයි නිමල් බණ්ඩාර මහතා සදහන් කළේ. ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු වාර්ෂික නිවාඩු ලබා ඉදිරි දින කිහිපය තුළ දිවයිනට පැමිණෙනු ඇති බව ද නිමල් බණ්ඩාර මහතා සදහන් කළා.

තව කියවන්​න

ජාතික භෞතික සැලැස්ම  සෑම දිස්ත්‍රික් කමිටුවකටම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග  පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්. රටේ සංවර්ධන වැඩසටහන් වලදී ඒ සඳහා ක්‍රියාත්මක ආයතන ඒකාබද්ධ කරගැනීම ප්‍රමාදවීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බොහෝවිට ප්‍රමාද වන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

තව කියවන්​න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් ඉහළ කරගහමුණ ප්‍රදේශයේදී විදුලි රැහැන් කපමින් සිටින බවට ලද තොරතුරක් මතයි අතුරුගිරිය දක්ෂිණ අධිවේගී පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන කෙලවරපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තව කියවන්​න

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථක ව සිදු කරමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කලේ. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කලා.

තව කියවන්​න

ජපානයේ උද්ධමනය 3%ටත් වඩා අඩු අගයක් ගෙන ඇති බව එරට මහ බැංකුව සඳහන් කරනවා. ජපානයේ උද්ධමනය 3%කට වඩා අඩු අගයක් ගෙන ඇත්තේ වසරකට පමණ පසුව බවයි වාර්තාවන්නේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ආහාර හැර අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මිල 2.8%කින් පමණ ඉහළ ගිය අතර පසුගිය මාසයේ දී එය 3.1%කින් පමණ පහත වැටුණා. උද්ධමනය පහළ යාම හමුවේ 2.7%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට ජපානයේ අරමුණ බව සඳහන් .

තව කියවන්​න

පවතින අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දියඇලි ආශ්‍රිත ව දියනෑමෙන් වැළකී සිටින ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා සන්ධ්න් කරන්නේ අධික වර්ෂාව හේතුවෙන් දියඇලි ආශ්‍රිත ව ජලය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බවයි. බණ්ඩාරවෙල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රාවනා ඇල්ලේ ජලය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

තව කියවන්​න

අනුරාධපුර නුවර වැවේ ගිලි  06 හැවිරිදි දරුවෙකු  මිය ගොස් තිබෙනවා. මෙම දරුවා වැව් බැම්ම මත ඇවිදිමින් සිටි අවස්ථාවේදී වැවට ඇද  වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. දියේ ගිලුණු දරුවා ප්‍රතිකාර සඳහා  අනුරාධපුර රෝහාලට ඇතුලත් කර ඇති අතර   රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබෙනවා. මෙම මළ සිරුර ඊයේ සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ. මිය ගොස් ඇත්තේ, මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.

තව කියවන්​න