- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්.බෝපිටිය මහතා සඳහන් කළේ, දිවයින පුරා 2,400කට ආසන්න නිලධාරින් පිරිසක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බවයි. අපේක්ෂා රෝහල, ළමා රෝහල ඇතුළු ස්ථාන කිහිපයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව ද එස්.බෝපිටිය මහතා වැඩිදුරටත් සදහන් කළා.
ඊශ්‍රායල – පලස්තීන ගැටුම් ආරම්භ වී දින 16ක් ගතවන විට ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 6,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම මේ වන විට හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස පුද්ගලයන් 212 දෙනෙකු රඳවාගෙන සිටින බවට සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර මෙම යුධ ගැටුම සඳහා අවතීර්ණ නොවන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහූ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට අනතුරු අඟවා තිබෙනවා. එසේ සිදු කරන්නේ නම් එය හිස්බුල්ලා සටන්කාමීන් ජීවිතයේ සිදු කරන විශාලතම වැරැද්ද බවත්, ඊට එරෙහිව ඔවුන්ට සිතාගත නොහැකි බලයකින් ප්‍රති ප්‍රහාර එල්ල කරන බවත් ඊශ්‍රායල අග්‍රමාත්‍යවරයා අවධාරණය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම අමාත්‍ය ධුරය ඉවත් කර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා. එසේම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේද අමාත්‍ය අමාත්‍යංශය වෙනස් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසින් අද පෙරවරුවේ දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ. එසේම මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම්දී ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා වැලිකර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 21 වැනි තරඟය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ නවසීලන්ත කණ්ඩායම කඩුළු 04න් පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 273ක් රැස් කළා. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් පන්දු 127දී ලකුණු 130ක් රැස් කළා. පන්දු යැවීමේදී මොහොමඩ් ෂාමි ලකුණු 54ට කඩුළු 05ක් බිඳ හෙළීමට සමත් වුණා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 274ක් ලබා ගණිමින් තඟය ජයග්‍රහණය කළා. එහිදී විරාත් කෝල් ලකුණු 95ක් සහ නායක රෝහිට් ෂර්මා ලකුණු 46ක් රැස් කිරීමට සමත් වුණා. 2023…
පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරීන් දෙදෙනෙකු කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. මෙවර මහ කන්නයේ දී ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය මැයි මාසයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමටයි කටයුතු කර තිබුණේ. අනතුරුව කඩිනමින් පොහොර මිල දී ගැනීම සඳහා අදාල ටෙන්ඩර් කැදවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දී තිබුණා. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී මාස තුනක් ගත වූවත් ඒ සම්බන්ධව කටයුතු කරන වගකිව යුතු නිලධාරීන් දෙදෙනා යුරියා ටෙන්ඩර් කැඳවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.
රුපියල් කෝටි විසි තුනක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී කොකේන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 598 ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සොයා ගත් බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළේ. කුඩා දරුවන් කියවන , ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා මෙම මත්ද්‍රව්‍ය තොගය ගෙනවිත් තිබෙනවා. මෙම කාන්තාව ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි 42 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන අතර , ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත කාන්තාවක් බවටයි මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ. ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන පළමුවෙන් ඉතියෝපියාවේ අඩිස් අබාබා…
රට බිද වැටීමට හේතුව දුෂණය සහ වංචාව බව ජාතික ජන බලවේගය පවසනවා . එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ මාතලේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් . ජාතික ජන බලවේගයේ මෙම සමුළුව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දිමිත්‍ර ඒකනායක මහතා එක්ව සිටීමද විශේෂයක් .
රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පැවැත්වීමට නියමිතයි . ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී . පස්වරු 2.00 ට එම විශේෂ කාරක සභාව පැවැත්වෙනු ඇති .
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය රැකීම වෙනුවෙන් කෙටුම්පතක් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි . ඒ අනුව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නිසි ලෙස හැසිරෙන්නේ නොමැති නම් ඒ පිළිබඳව කටයුතු කිරීම සදහා බලය ලබා දෙන කෙටුම්පතක් අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ. හිටපු කථානායක කරූ ජයසූරිය මහතා එම කෙටුම්පත සකස් කර තිබෙන බවද ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවීම් දෙකක් ඇතිවූ බවද ජනාධිපතිවරයා පවසා ඇති බව සදහන්. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් එංගලන්තයේ තිබෙන පාර්ලිමේන්තු තත්ත්වය පිළිබඳ අවධානය යොමු කොට මේ කෙටුම්පත සකසා ඇතැයි වාර්තා වනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222