Author: Anura Premakumara

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ඒ බව පැවසීය

තව කියවන්​න

නැගෙනහිර පළාතේ ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇති බවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව ඉරිදා දිනවල පස්වරු 2 දක්වා සහ පෝය දිනවල සම්පුර්ණ දිනයේදීත් උපකාර පංති පැවැත්වීම මෙලෙස තහනම් කර ඇති බවයි සඳහන් වන්නේ. පළාත් අධ්‍යාපන ලේකම් නිතිඥ එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී.දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ සඳහන් වන්නේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලැබීමට කාලයක් නොමැති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි. එමෙන්ම මෙම උපදෙස් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමලය – උතුර, කන්තලේ, අම්පාර, මහඔය සහ දෙහිඅත්තකණ්ඩිය යන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

වනසතුන්ගෙන් වගාවන්ට වන හානි වැළැක්වීම සදහා ගොවීන්ට වායු රයිෆල් ලබා දීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව මේ වන විට වායු රයිෆල් 268 ක් ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බවයි ඔහු සදහන් කළේ.

තව කියවන්​න

ගම්පහ, මීරිගම ප්‍රදේශයෙන් නව මදුරු විශේෂයක් සොයාගත් බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ කීටවිද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා පවසනවා. කුමාරසිංහ මහතා කියා සිටියේ එලෙස සොයා ගැනුණු නව මදුරු විශේෂය ගෙම්බන්ගෙන් පමණක් ලේ උරාබොන බවයි. යුරේනෝටේනියාටි්‍රලිනේටා(ඹර්බදඒැබස්එරසකසබැ්ඒ) යන නමින් හඳුන්වන මෙම මදුරු විශේෂය ලංකාවේ දැනට වාර්තා වන කුඩාම මදුරු විශේෂය ලෙසට හඳුනා ගෙන ඇති බවද ඔහු කියා සිටියා. මෙම මදුරුවා මිලි මීටර 2-3 අතර ප්‍රමාණයෙන් යුක්ත වන අතර මෙම මදුරුවා සමඟ ලංකාවේ මදුරු විශේෂ 156 දක්වා ඉහළ යන බවද සඳහන්. මෙම මදුරු විශේෂය වසර 108ට පෙර දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර ඉන් අනතුරුව තායිලන්තයෙන් සොයා ගන්නා ලදි. ශ්‍රී ලංකාවෙන් ඉන්පසුව වාර්තා වූ…

තව කියවන්​න

2016 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ ජනතාවට ආපදා සහන ලෙස රුපියල් බිලියන 50 ක් ලබා දී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. එම සියලු සහන ලබා දී ඇත්තේ ප්‍රධාන ආපදාවක් නොමැති අවස්ථාවකදී බවයි දඹුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

තව කියවන්​න

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට බෝ වන රෝග 3 ක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. අක්ෂි රෝගයක් මෙන්ම පාචනය සහ ස්වසන අපහසුතා සහිත උණ රෝගයක් මෙලෙස ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සදහා ජනතාව සිය සෞඛ්‍ය පුරුදු පිළිබදව ඉතා සැලකිල්ලෙන් යුතුව කටයුතු කළ යුතු බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ.

තව කියවන්​න

සතියකට දින 2 ක් පමණක් දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවෙන් නිලධාරින් මුණගැසීමට පැමිණෙන මහජනතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදු වී ඇති බව සදහන්. එමෙන්ම මහජනතාව විසින් ද සිදු කරන ලද පැමිණිලි කිරීම් සලකා බලමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින් රජයේ ඉහළ නිලධාරින්ට මේ සම්බන්ධයෙන් උපදෙස් දෙමින් මෙලෙස නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

තව කියවන්​න

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසවා. කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙනුයි මෙම දුම්රිය ප්‍රමාදය සිදුව ඇත්තේ. දුම්රිය පීල්ලක් කැඩී ගොස් ඇති අතර, එය යතා තත්ත්වය පත් කිරීමට කටයුතු කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළා.

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඔවුන් මුහුණ දුන් තරඟ 5ම ජයග්‍රහණය කරමින්. දෙවැනි ස්ථානයේ නවසීලන්ත කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් පසු වනවා. මෙම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

තව කියවන්​න

නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි 24 දක්වා කාලය තුළ පහත සඳහන් ප්‍රදේශවලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා.

තව කියවන්​න