- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
කිරිගව සොරකම්වලට අදාළ දඩය රුපියල් මිලියනය දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ගවයින් සොරකම් කිරීම මේ වන විට ඉහළ යමින් පවතින බවට කෘෂිකර්ම අමාත්‍යංශයට වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක සත්ව සුභසාධන පනත යටතේ කිරිගව සොරකම් සදහා උපරිම දඩය රුපියල් 50,000 ක් වනවා. කෙසේ වෙතත් එම දඩය රුපියල් ලක්ෂ 10 දක්වාත්, වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම් පැනවීම සදහාත් වගන්ති ඇතුළත් කර සත්ව සුභසාධන පනත සංශෝධනය කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා මෙතෙක් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත නොකළ සියලු ප්‍රතිලාභීන් කඩිනමින් බැංකු ගිණුම විවෘත කර ප්‍රතිලාභ හිමි කර ගැනීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පවසනවා. නියමිත පරිදි බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභීන් එක් ලක්ෂ 56,261කට අදාළ ගෙවීම් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය ජූලි මාසයට අදාළ ප්‍රතිලාභ පියවර 05ක් යටතේ ඔක්තෝබර් මස 16 වනදා වන විට, පවුල් දොලොස් ලක්ෂ 30,097ක් සඳහා රුපියල් බිලියන 7.70 මුදලක් ගෙවා අවසන් කර තිබෙනවා. එමෙන්ම ජූලි මාසයට අදාළ ඉතිරි කොටස්වල…
ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින සාත්තු සේවික සේවිකාවන් හා අනෙකුත් අංශවල සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා වීසා ලබාදෙන ලෙසට කළ ඉල්ලීම අනුව එම පිරිස් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම අද දිනයේ ද සිදුවන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඒ හේතුවෙන් දැනට වීසා බලපත්‍ර නොමැතිව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තොරතුරු ලබාදෙන ලෙසත් ගුවන් ගමන් බලපත්‍ර රැගෙන එහි පිටපතක් තානාපති කාර්යාලයට ලබාදී ලියාපදිංචි වන ලෙසයි තාතාපති කාර්යාලය ඉල්ලා සිටින්නේ. ඒ අනුව ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් හමුවේ වීසා කාලය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවට නොගොස් සිටින මෙරට ශ්‍රමිකයින්ගේ වීසා බලපත්‍ර අලූත් කිරීමට ඊශ්‍රායලය කැමැත්ත පළ කර තිබෙනවා. එසේම ඔවුන්ට කෘෂිකර්ම අංශයේ…
බදුල්ල වෙළඳසැලක් තුළදී තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ළඟ තබා සිටි පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී තීරබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍යය අවවාද සටහන් නොකල දුම්වැටි 320ක් වැටලීම කළ නිලධාරීන් සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුල්ල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 44ක පුද්ගලයෙක්.
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබෙනවා. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ එෆ් 64 කාණ්ඩයේ තරගයට එක්වෙමිනුයි ඔහු මෙම දක්ෂතාවය දක්වා ඇත්තේ. එහිදි සමිත දුලාන් රිදි පදක්කම හිමි කරගැනීමට මීටර් 64.09 ක දක්ෂතාවයක් දක්වා තිබෙනවා.
වර්තමානයේදී ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම පෙර නොවූ විරූ අන්දමේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට සහ එහි අතුරු ඵලයන්ට අනුගතව ජීවිතය හැඩගස්වා ගැනීමට සිදුව ඇති බව රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තීය සමිති එකමුතුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අර්මුදල විසින් ලබාදෙන ලද නොයෙකුත් උපමාන හා මඟ පෙන්වීම් මත මේ වන විට රටේ සමස්ත ආර්ථික සන්ධර්භයම ගොඩ නැගී ඇති බවයි. රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තිය සමිතු එකමුතුව නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ. රේගු, දේශීය ආදායම්, සුරාබදු වෘත්තීය සමිති එකමුතුව මාධ්‍ය නිවේදනය වර්තමානයේදී ශ්‍රී ලාංකික අප සියලු දෙනාටම පෙර නොවූ විරූ අන්දමේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදීමට…
කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම බන්ධනාගාරයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන බව කියන පානදුර කුඩු සලිඳු නමැත්තාගේ ප්‍රධාන ගෝලයා බව කියන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ පානදුර, දික්තුඩුව පාර, අළුබෝමුල්ල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී 31 හැවිරිදි සැකකරු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 40ක් සමග අත්අඩංගුවට ගැනුණු බවයි. එලෙස අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පැය 24ක කාලයක් තුළ පලස්තීනුවන් 700ක් ජීවිතක්ෂයට. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගතවූ පැය 24ක කාලය තුළ පලස්තීන ජාතිකයන් 700ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වී පැය 24ක කාලයක් තුළ ගාසා තීරයේ සිදු වූ වැඩිම මරණ සංඛාව එය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර මෙම ප්‍රහාර හමුවේ ළමුන් 2,360 දෙනෙකු ඇතුළුව පලස්තීන ජාතිකයන් 5,791 දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම හමාස් සංවිධානයේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල ජාතිකයන් 1,400ක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් මෙම වසර තුළ සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ස්ථාවර රටකට සැවොම එක මඟකට මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. අවසන්වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු වූ සිද්ධිව පිළිබඳ සෙවීමට කථානායකවරයා පත් කළ කමිටු අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වන බවයි කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222