Author: Anura Premakumara

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග හතරක මිල අඩු කිරීමට‍ ලංකා සතොස ආයතනය තීරණය තිබෙනවා. සම්බා සහල්, කඩල, පරිප්පු සහ රතු කැකුළු සහල්වල මිල ගණන් මෙලෙස අඩු කර ඇති බවයි එම ආයතනය නිවේදනය කළේ. රතු කැකුළු කිලෝවක මිල රුපියල් 3කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 169ක්. සම්බා සහල් කිලෝවක නව  මිල රුපියල් 222ක් වන අතර එම කිලෝවකින් අඩු කර ඇති මිල රුපියල් 6ක්. පරිප්පු කිලෝවක මිලට රුපියල් පහකින් අඩු කිරීමත් සමගින් පරිප්පුවල නව මිල වන්නේ රුපියල් 295ක්. කඩල කිලෝවක මිල රුපියල් හයකින් පහත දැමීමත් සමගින් නව මිල රුපියල් 549ක් දක්වා අඩු වී තිබෙනවා.

තව කියවන්​න

දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන නිල ලිපියක් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතාගේ අත්සනින් යුුතුව බණ්ඩාර මහතා වෙත යොමු කර ඇති බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසන්නේ. ශ්‍රී ලංකා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස බණ්ඩාර මහතා පත් කිරීමට අමාත්‍ය මන්ඩලය පසුගිය 10 වනදා තීරණය කළ අතර මෙම පත් කිරීම නොවැම්බර් 03 වැනිදා සිට බලාත්මක වනු ඇති.

තව කියවන්​න

ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් ෂි යං සික්ස් නෞකාව අද කොළඹ වරායට සේන්දු වීමට නියමිතයි. මීට පෙර වාර්තා වූයේ එම නෞකාවට ලබන නොවැම්බර් මාසයේදී දිවයිනට පැමිණීම සදහා අවසර ලබා දුන් බවයි. කෙසේ වෙතත් එම නෞකාවට මෙරටට පැමිණීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල අවසරය හිමිව ඇති බවයි අමාත්‍ය අලි සබි්‍ර මහතා සදහන් කළේ.

තව කියවන්​න

ගාසා තීරයට ආධාර ලබාදීමට නම් දෙපාර්ශවය අවි බිම තබා වහාම සටන් විරාමයකට පිවිසිය යුතු බව ලෝක නායකයින් අවධාරණය කර තිබෙනවා. මෙම ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගණනක් පීඩා විදින බවයි එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සභාපති ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ. මේ අතර පසුගිය පැය 24 තුළදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 700 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක 400 කට ප්‍රහාර එල්ල කළ බවයි. එමෙන්ම ආධාර රැගත් ට්‍රක් රථ 8 ක් ගාසා තීරයට අද ඇතු`ඵ වන බව පලස්තීන අඩසඳ සංවිධානය පවසනවා. කෙසේ වෙතත් ප්‍රමාණවත් තරම් ආධාර නොලැබෙන බවයි අමෙරිකානු ජනාධිපති පවසා ඇත්තේ. මේ අතර…

තව කියවන්​න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව විදුලි මිල ඉහළ දැමීමට සිදුවූයේද යන්න ගැටලුවක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි ඔහු සදහන් කළේ. අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තව කියවන්​න

තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ විසින්  අද දිනයේදී  ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු  වැඩ වර්ජනය කල් දමා තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද උදැසන සිට පැය හතළිස් අටක වැඩ වර්ජනයක් සිදු කිරීමටයි  තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ තීරණය කර තිබුනේ. නමුත් එම ඉල්ලීම් ඉටු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙසට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බවයි  එම පෙරමුණ සඳහන් කළේ. රුපියල් විසි දහසක ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ.

තව කියවන්​න

ශ්‍රි පාදස්ථානයේ විදුලි පරිභෝජනය වෙනුවෙන් කිසිදු අවස්ථාවක මුදල් ගෙවීමක් සිදු නොකරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. එළඹෙන ශ්‍රිපාද සමය පිළිබඳ පැවති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවේ එසේ මුදල් අයකිරීමක් ඉතිහාසය පුරා සිදුව නොමැති බවයි . මේ අතර විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව ආණ්ඩුවට රතු නිවේදනයක් නිකුත් කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ජන ජීවිත කඩා වැටෙමින් ඇති බවයි .මාධ්‍ය වෙත අදහස් පල කරමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව අවධාරණය කළා . මේ අතර විදුලි බිල අඩු කිරීම සදහා…

තව කියවන්​න

හලාවත නගරයේ සුපිරි වෙළෙඳ සැළක් තුළදී හිමිනමකට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ හිමිනම විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවල දී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තව කියවන්​න

චීනය එරට ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ෆු එම ධුරයෙන් නෙරපීමට කටයුතු කර තිබෙනවා. ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන් ද ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එමෙන්ම ඔහු ධුරයෙන් නෙරපා හැරීමේ නියෝගයට එරට ජනාධිපති ෂී ජිං පිං අත්සන් කළ බවද සදහන්. කිසිදු නිල පැහැදිලි කිරීමකින් තොරව මෙම ඉවත් කිරීම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

තව කියවන්​න

කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය යොදා ගනිමින් අලෙවි කරනු ලබන ලාංකිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ළමා හා කාන්තා කාර්යාංශය මේ බව අනාවරණ කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට කරුණු වාර්තා කරමින්. ජාත්‍යන්තර සංවිධානයක් එම සිදුවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කෙරෙනවා. අදාළ ජාත්‍යන්තර සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ Whatsapp Group ඔස්සේ සාමාජිකයන් එකතු කරගනිමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි. ඒ, අනුව වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික…

තව කියවන්​න