- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
මහමඟ සිදුවන අනතුරුවලින් පාසල් ළමුන් 150කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව පොලිසිය පවසනවා. නොසැලකිළිමත්ව රිය ධාවනය කිීරීම අනතුරු රැසකට හේතුව වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. මහ මඟ දෛනිකව සිදුවන රථවාහන අනතුරුවලින් මෙරට පුද්ගලයින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වන බව රථවාහන පොලිසියේ දත්තවල දැක්වෙනවා. නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 වසරේදි රිය අනතුරුවලින් පුද්ගලයින් 2,363ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 2021 වසරේදි පුද්ගලයින් 2,513ක් සහ 2022 වසරේදි පුද්ගලයින් 2,515ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ. මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝම්බර් මස 15 වැනිදා දක්වා වු කාලය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයන් 1,800ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්. පසුගිය වසරේ පමණක් අවුරුදු 18ට…
ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු සංශෝධනය කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික හැඳුනුම්පතක සහතික පිටපතක් සඳහා වන මෙතෙක් පැවැති රුපියල් 500ක ගාස්තුව රුපියල් 1000ක් විය යුතු බවටයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එසේම ජාතික හැඳුනුම්පතක් පිළිබඳ විස්තරවල සත්‍යතාවය සහතික කිරීම සඳහා වූ ගාස්තුව ඒ සඳහා වන ඉල්ලීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මාර්ගගත ක්‍රමවේදය හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 25ක් ලෙසත් ඒ සඳහා වන ඉල්ලීම, භෞතික ලේඛනයක් මගින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් ලෙසත් අදාළ ගැසට් නිවේදනය මගින් සංශෝධනය කර තිබෙනවා. මීට…
මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතාව අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිරකර තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සේවකයන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ. මෙහිදී සභාපතිවරයාව පොලීසියේ මැදිහත්වීමෙන් පිටතට ගැනීමට කටයුතු කර තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියමිත කාලයට ප්‍රකාශයට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. පක්ෂ මුලස්තනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ රට ස්ථාවර කිරීමට ජනාධිපතිවරයාට නොහැකි නම් නව ආණ්ඩුවක් ගොඩනැගීමට සුදානම් බවයි.
නව පරිසර පනතක් කඩිනමින් ගෙන එන බව පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. දැනට පවතින ජාතික පරිසර පනත වෙනුවට රටට කාලීනව ගැලපෙන නව පරිසර පනතක් ගෙනඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. මධ්‍යම පරිසර අධිකාරියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා.
රට තුළ නීතිය , සාමාය ආරක්ෂා කිරීම වෙනුවෙන් සියලු පාර්ශව එක්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊයේ පැවති වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ නීති පද්ධතිය සම්පුර්ණයෙන් කඩා වැටී ඇති බවයි. ආරක්ෂක අංශ පමණක් නොව රටේ සමස්ත ප්‍රජාවම රටේ නීතිය හා සාමය තහවුරු කරන භට කණ්ඩායමේ කොටස්කරුවන් වියයුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.
ජනතාව අපේක්ෂා කරන නව ක්‍රම වෙනස ඇති කිරීම සදහා නව නීති ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාළව අතීතයේ පැවැති නීති වෙනුවට වර්තමානයට ගැලපෙන නව නීති හදුන්වාදීමට රජය පියවර ගනිමින් සිටින බවයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා. ආණ්ඩු වෙනස් වුවද වෙනස් නොවන ස්ථාවර ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයක් තුළම සකස් කළ යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඊට අදාළව සිදුකරනු ලබන පස් අවුරුදු විදේශ රැකියා ප්‍රතිපත්තිය ද ඊයේ ජනගත කළ බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළා.
පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහයක නිලධාරීන්ට කඩිනමින් පත්වීම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. ලබන නොවැම්බර් 15 වනදාට පෙර අදාළ ආයතනවලට ඔවුන්ට පත්වීම් ලබා දෙන ලෙයසි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව දැනුම් දුන්නා. රජයේ බදවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය පත්කළ නිල කමිටුව මෙතෙක් ගනු ලැබු පියවර සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවාධනයට ලක්කර තිබෙනවා.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ලද ජයග්‍රහණය ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා. ඒ තරගාවලියේ 24 වන තරගය වූ ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු අටක් පමණක් දැවී ලකුණු 399ක් ලබාගැනීමට සමත් වූවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් රැස් කිරීමට ඩේවිඩ් වෝර්නර් සහ ග්ලේන් මැක්ස්වෙල් සමත් වූවා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 106කටත් ඩේවිඩ් වෝර්නර් ලකුණු 104කටත් දැවී ගියා. මැක්ස්වෙල් සිය 106 ලබාගත්තේ පන්දු 44ක් පමණක් වැය කරමින්. ඊට හයේ පහර අටක් සහ හතරේ පහර 9ක් අන්තර්ගත වූවා. එසේම මෙවර ලෝක…
ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වයස අවුරුදු 42ක් පමණ වූ කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකර් සකස්කර කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදී කාමරයක් තුල භුගත බංකරක්ද සකස්කොට නවීන ක්‍රමයට පවත්වාගෙන ගිය කාමරයේ තිබී ගෝඩා මිලිලීටර් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අඩංගු බැරල් 10 ක්, ප්ලාස්ටික් කෑන් 05 ක්, දඟර, ගෑස් ටැංකි ඇතුළු පෙරීමේ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222