- දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
- පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
- සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
- එළවළු මිල ගණන් පහළට
- ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
- අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
- වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
Author: Anura Premakumara
උතුරු, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශවල අද දිනයේ පස්වරු 02 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ක්වාන්ගාතෝ යුද නෞකාව ඊයේ දිනයේදී කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම නෞකාවේ දිග මීටර් එකසීය තිස් පහක් වන අතර, නැව් මුළුව දෙසිය හතළිස් නවයකගෙන් සමන්විතයි. එම නෞකාව තුල ඊයේ දිනයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගිවී තිබෙනවා. ක්වාන්ගාතෝ නෞකාව හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි. වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා. ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එහි ගිවිසුම් ගත වීම් සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරුණා. එහිදි අනාවරණ වුණේ අදාල සමාගම් ගිවිසුම් ගත වීම කිසිදු නීතිමය පදනමක් යටතේ එක් ක්‍රමවේදයක්…
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්වූ පලස්තීන වැසියන් සංඛ්‍යාව 7000 ඉක්මවා ගොස් තිබෙනවා. මෙම පිරිස දින 21ක් තුළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මේ අතර ඊයේ රාත්‍රී කාලයේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් විශාල පිරිසක් තුවලා ලබා ඇති අතර, මෙලෙස ජීවිතක්ෂය පත්වූ සහ තුවාල ලැබූ පිරිස අතර කාන්තාවන් සහ ළමුන් විශාල පිරිසක් සිටින බවටයි වාර්තා වන්නේ. ‘
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ එංගලන්ත කණ්ඩාය කඩුළු 08න් පරාජයට පත් කරමින්. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 156ක් පමණයි. මෙහිදී හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් බෙන් ස්ටොක් ලකුණු 43ක් රැස් කළා. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුළු 03ක් දවා ගැනීමට සමත් වූ අතර, ඇන්ජලෝ මැතිව්ස් සහ කසුන් රාජිත කඩුළු 2ක බැගින් බිඳ හෙළනු ලැබුවා. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25යි පන්දු 4ක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 160ක් ලබා ගනිමින් තරඟය…
2018 වසරට සාපේක්ෂව වර්තමානයේ සියයට 70කින් බදු ආදායමක් මෙරටට අහිමි වී ඇත්තේ ආනයන සීමා හේතුවෙන් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ. මේ අතර මෙරට පැවති ආර්ථික අර්බුදය හමුවේ විදෙස් ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම දිරිමත් කිරිමේ අරමුණින් විදෙස් ගත ශ්‍රමිකයන් වෙත විදුලි වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර ලබා දීම සිදු කර තිබෙනවා. මෙලෙස විදුලි වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර ලබා දීම තුළින් මෙරටට රුපියල් කෝටි 35ක බදු ආදායමක් අහිමි වී ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂය කළමනාකරණය කළ ආකාරයෙන් මෙරට විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කළ නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
විදුලි බිල වැඩි කීරමට ගත් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි බේකරි හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ විදුලි බිල වැඩි කිරීම මගින් බේකරි කර්මාන්තය අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති බවයි. ඉදිරියේදී ගෑස් මිලද ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව ද ඔහු සදහන් කළා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන බේකරි කර්මාන්තය වෙනුවෙන් කිසියම් සහනාධාරයක් ලබා දෙන ලෙයසි එන් කේ ජයවර්ධන මහතා රජයෙන් ඉල්ලා සිටියේ.
සුළු හා මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඊට අදාළ එකගතාව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් චීන රජය වෙතින් ලබාගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා. නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වන විට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සදහා වන නව අයවැය සමග යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද අරුන්දික ප්රාන්දු මහතා සදහන් කළා.
රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන්වනවා. ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍යයේ පාසල් සදහා දෙවන පාසල් වාරය අද දිනයෙන් අවසන් වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. තෙවන පාසල් වාරය නොවැම්බර් මස පළමු වනදා ආරම්භ කිරීමට නියමිතයි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222