Author: Anura Premakumara

තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසනවා. එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ පසුගියදා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. ඒ අනුව මෙම දුම්රිය හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම ධාවනය කෙරෙන අතර, හෙට උදෑසන 8.25 ට කොළඹ කොටුවෙන් එය ගමන් ආරම්භ කරනු ඇති. එය පස්වරු 6.50 ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ කොටුව බලා පැමිණීමට නියමිතයි.

තව කියවන්​න

සමෘද්ධිමත් අනාගතයක් කරා රට ගෙන යාමට නම් දූෂණයට එරෙහිව සටන් කිරීම අනිවාර්ය බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මේ සදහා දූෂණ විරෝධී පනත බලාත්මක කිරීම අනිවාර්ය බවටයි මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටියේ. මේ, ඒ පිළිබදව වැඩදුරටත් අදහස් පළ කළ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා.

තව කියවන්​න

පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බව සදහන්.

තව කියවන්​න

එච්.අයි.වී. හඳුනාගැනීමේ විශේෂ සායන මාලාවක් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා. ලබන දෙසැම්බර් මස 1 වනදාට යෙදෙන ලෝක ඒඩ්ස් දින සැමරුම නිමිත්තෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවයි ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කලේ. සායන 25 කදී මෙම පරීක්ෂණය පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය සුරකින පරිදි සිදු කළ හැකි බවටයි ඇය ප්‍රකාශ කර සිටියේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 696 433 අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.

තව කියවන්​න

දෙහිවල ඕබන් ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ ආධාර අනුබල දුන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන අතර අත්අඩංගුවට ගත් අනෙක් සැකකාරිය වයස අවුරුදු 31 වන බවටයි පොලිසිය පවසන්නේ. මොවුන් ඇඹිලිපිටිය කරමැටියාර කොළඹගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන්. සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මත්ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා හුවමාරු වී ඇති අවස්ථා රැසක් පිළිබදව කොළඹ අපරාධ අංශයට අනාවරණය වී ඇති බව අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදු කරන ලද මෙම ක්‍රියා මැඩපැවැත්වීම සදහා නව වැඩපිළිවෙලක්…

තව කියවන්​න

ගුරු වෘත්තිය සමිති අද දින දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සංවිධානය කර තිබෙනවා. පසුගිය 24 වන දා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුරදි පොලිසිය විසින් ජල සහ කදු`ඵ ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එහිදි විරෝධතා දැක්වූ ගුරු වෘත්තිය සමිති සංගම්වල කිහිපදෙනෙකු තුවාල ලැබුවා. මේ අතර එලෙස ප්‍රහාරයට ලක් වූ ගුරු සංගම්වලින් ඊයේ දින විශේෂ නිවේදනයක් මගින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම පිරිසගෙන් සමාව අයැද සිටියා. කෙසේ වෙතත් අද පස්වරු 1.30 ට පාසල් නිමවීමෙන් අනතුරුව පාසල් ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං මහතා කියා සිටියේ.

තව කියවන්​න

වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ රැඳී සිට පිටුවහල් කළ මෙරට ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද දින යළි කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව සදහන්. මෙයින් වැඩි පිරිසක් අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවටයි අප ගුවන්තොටුපල වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

චීනයේ හිටපු අගමැති ලී ක ච්‍යාන් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඔහු 68 වැනි වියේ පසුවුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ලී ක ච්‍යාන් මහතා පසුගිය වසරේ විශ්‍රාම යන තෙක් පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස කටයුතු කරනු ලැබුවා. එරට රාජ්‍ය මාධ්‍ය සදහන් කර ඇත්තේ ඔහු හෘදයාබාධයකට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

තව කියවන්​න

අනුමැතියකින් තොරව පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයක රුපියල් කෝටි 990ක වංචාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවයි පොලීසිය සදහන් කළේ. සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර තිබෙනවා. මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙව් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන්…

තව කියවන්​න

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය අද පැවැත්වෙනවා. එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරඟ වැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 02ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න